Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පුතා ගුවන්තොටුපොළේදී කලහකාරී ලෙස හැසිරුනේ නැත!

    2020-05-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලොව පුරා ව්‍යාප්ත වුණු කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමේ පියවරක් ලෙස විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා සංචාරකයින්ගෙන්, රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට රජය කටයුතු කළේය. ලොව දසතින්  මව්බිම වෙත පැමිණීමට අපේක්ෂා ක

    ලොව පුරා ව්‍යාප්ත වුණු කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමේ පියවරක් ලෙස විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා සංචාරකයින්ගෙන්, රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට රජය කටයුතු කළේය. ලොව දසතින්  මව්බිම වෙත පැමිණීමට අපේක්ෂා කළ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු විදේශයන්හි සිරවිය. මෙසේ විදේශයන්හි සිර වූ ශ්‍රී ලාංකිකයින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වීඩියෝ පට ඉදිරිපත් කරමින්, තමන්ම ලක්බිම වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් රජයෙන් ඇයද සිටියහ. අයදුම් වලට ප්‍රතිචාර දැක්වූ රජය පළමුව සෑම ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර ඒ අනුව  මැයි මස 4 වැනි දින බ්‍රිතාන්‍යයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 204 දෙනෙක් ලංකාව බලා පැමිණි බව වාර්තා විය. 

    මෙසේ පැමිණෙන ශ්‍රී ලාංකිකයින් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යොමු කෙරෙන අතර, බ්‍රිතාන්‍යයේ සිට පැමිණි සිසුන් කිහිපදෙනෙකු නිරෝධායන කඳවුරු තුළ පහසුකම් මදි යයි කියමින් ගුවන් තොටුපලේ කලහකාරී ලෙස හැසිරුණු බවට වාර්තා පලවිය.සම්පත් අතුකෝරාල නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක “ඕනේ ගොනෙකුට පුලුවන් ඉතිම්” තේමාවෙන් හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සේයාරුවක් සහිතව “මෙන්න මේ බුරුවගේ බුරු පුතෙක්ලු  ඊයේ ගුවන්තොටුපලේ සද්ද දාල තියෙන්නෙ නොදකින් කාලකන්නි” යන වදන රෝපණය කර සටහනක් සහ “ඔය හිටගෙන කෙලවරේ ඉන්නේ ඊයේ එයාර්පෝට්‍ එකේ කක්ක කල කිරිඇල්ල ගේ පුතා..” තේමාවෙන් පවුලේ සාමාජිකයින්ගේ ඡායාරූපයක් සහිතව සටහනක්ද ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.  

    LinkArchived Link
    LinkArchived Link
    LinkArchived Link

    තවත් ෆේස්බුක් පිටු කිහිපයකම මේ පිළිබඳව වාර්තා ඉදිරිපත් වී තිබෙනු ද දක්නට ලැබුණේය.

    ප්‍රතිචාර අධික සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙම සටහන්  ෆේස්බුක් පරිශීලනය කරන්නන් අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණේය. අධික ලෙස සංසරණය වීමත්, හිමිවූ ප්‍රතිචාර රැසක් අසත්‍ය ප්‍රචාර නොකරන ලෙස ඉල්ලා සිටීමත් නිසා, මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පවුලේ තොරතුරු සොයාගැනීම පිණිස අප ඔහුගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. ජයවර්ධන මහත්මිය හා යුග දිවියට ඇතුළත්ව සිටින ඔහු ක්‍රිෂ්ණි සහ චාමි නම් දියණියන් දෙදෙනෙකුගේ සහ දිනුක් නම් පුතණුවන් කෙනෙකුගේ ද පියකු බව අන්තර්ගත කර තිබුණි. 

    FB Link | Archived Link

    තවදුරටත් ඔහුගේ ෆේස්බුක් පිටුව පරීක්ෂාකිරීමේදී, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරෙන, කටුනායක ගුවන්තොටුපොළේ වූ සිද්ධිය සම්බන්ධයෙන් සේයාරූ කිහිපයක් සහිතව පහත ප්‍රතිචාරය දක්වා තිබුණි.

    “ගුවන්තොටුපලෙහි කලහකාරි ලෙස හැසිරුණු පිරිසක් (මාගේ පුතණුවන් යැයි පවසා වෙන අයෙකුගේ චායාරූපයක්ද සහිතව) සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයන්හි විවිධ අසත්‍ය ප්‍රචාර පළවන අතර මෙම පුවතද එවැන්නකි. මාගේ පුතණුවන් වන දිනුක් කිරිඇල්ල පසුගිය වසරේ මෙරටට පැමිණ නීතිපති දෙපාර්තමේන්තුවේ පුහුණුව ලබමින් සිටී. ලාංකික පුරවැසියන් සියලු දෙනා මෙන් ඔහුද Lockdown(ලොක්ඩවුන්) කාලසීමාව ක්‍රියාත්මක මේ මොහොතේ අප සමග රැදී සිටින අතර ඉහත පුවත් වල සදහන් වන ආකාරයට ඔහු ගුවන්තොටුපලෙහි නොසිටි බව ප්‍රකාශ කරමි. සත්‍ය සිදුවීම වසන් කිරීමේ අරමුණින් සහ දේශපාලන අරමුණු තකා සිදුකරන මෙවැනි ව්‍යාජ ප්‍රකාශ පිළිකුලෙන් යුතුව තරයේ හෙළාදකිමු.”

    LinkArchived Link
    https://www.facebook.com/LakshmanKiriellaOfficial/posts/2923236284429310

    අනතුරුව අප දිනුක් කිරිඇල්ල මහතාගේ ෆේස්බුක් පිටුව පරික්ෂා කළෙමු. ඔහුද කටුනායක සිදුවීම සම්බන්ධයෙන්  සේයාරූ කීපයක් සහිතව පහත සටහන ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

    “සියලු දෙනා මෙන් මාද මේ මොහොතේ lockdown(ලොක්ඩවුන්) කාල සීමාවේ මෙරට රැදී සිටින අතර පසුගිය අගෝස්තු මාසයේ සිට එංගලන්තයේ නොසිටි බවත් සමාජ මාධ්‍යයන්හි පවසා ඇති ආකාරයට ගුවන්තොටුපලෙහි නොසිටි බව පලමුව ප්‍රකාශ කරමි.

    මෙවැනි අසත්‍ය ප්‍රචාර පිලිබඳව අවදානය යොමු කිරීමට අවශ්‍ය නොවූ නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ මාගේ පියා හා ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය ඉලක්ක කිරීමේ අරමුණින් මෙන්ම සැබෑ වැරදිකරුවන් වසන් කිරීමට මෙවැනි පහත් ක්‍රියා සිදුකිරීම හේතුවෙන් මාහට මෙන්ම මාගේ පියාණන්ට විවිධ සමාජ මාධ්‍ය ගිනුම් හරහා වෛරී ප්‍රකාශ පලකිරීම පිලිබඳව කම්පා වෙමි.

    හේතුව කුමක් වුවත්, කිසිදු සාක්ෂියක් නොමැතිව යමෙකු ඉලක්ක කිරීමට මිනිසුන් කැමැත්තෙන් සිටීම කණගාටුවට කරුණකි.”

    LinkArchived Link
    https://www.facebook.com/dinuk.kiriella/posts/2805854802858112

    චමින්ද්‍රිනි කිරිඇල්ල මෙනවිය ද සිය පියා සහ සොහොයුරා වෙනුවෙන් තම ෆේස්බුක් පිටුවේ පහත සටහන ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය.

    “ගුවන්තොටුපලෙහි කලහකාරි ලෙස හැසිරුණු පිරිසක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයන්හි විවිධ අසත්‍ය ප්‍රචාර පළවන අතර මෙම පුවතද එවැන්නකි. මාගේ මල්ලී වන දිනුක් කිරිඇල්ල පසුගිය වසරේ මෙරටට පැමිණ නීතිපති දෙපාර්තමේන්තුවේ පුහුණුව ලබමින් සිටී. ලාංකික පුරවැසියන් සියලු දෙනා මෙන් ඔහුද Lockdown(ලොක්ඩවුන්) කාලසීමාව ක්‍රියාත්මක මේ මොහොතේ අප සමග රැදී සිටින අතර ඉහත පුවත් වල සදහන් වන ආකාරයට ඔහු ගුවන්තොටුපලෙහි නොසිටි බව ප්‍රකාශ කරමි. සත්‍ය සිදුවීම වසන් කිරීමේ අරමුණින් සහ දේශපාලන අරමුණු තකා සිදුකරන මෙවැනි ව්‍යාජ ප්‍රකාශ පිළිකුලෙන් යුතුව තරයේ හෙළාදකිමු.”

    LinkArchived Link

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ දිනුක් කිරිඇල්ල බ්‍රිතාන්‍යයේ සිට පසුගිය වසරේ මෙරටට පැමිණ නීතිපති දෙපාර්තමේන්තුවේ පුහුණුව ලබමින් සිටීන අතර මැයි මස 4 වැනි දින  ඔහු ලන්ඩනයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයෙන් දිවයිනට නොපැමිණි බවය. එමෙන්ම කටුනායක ගුවන් තොටුපළේ සිදු වූ කලහකාරී හැසිරීමට ඔහු සම්බන්ධ නොමැති බවත්ය.

    එම නිසා මැයි මස 4 වැනි දින ලන්ඩනයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයෙන් දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් මදිය කියා කටුනායක ගුවන් තොටුපලේදී කලහකාරී ලෙස හැසිරුනේ ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පුත් දිනුක් කිරිඇල්ල බවට පලවන සියලුම ෆේස්බුක් සටහන් සහ ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය ප්‍රවෘත්ති සටහන් බවට නිගමනය කරමු

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.