Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දිවියකු සහිත චිත්‍රය ජයවර්ධනපුර සරසවියේ සිසුන්ගේ නිර්මාණයක්ද?

    2019-12-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පෝස්ටර් බැනර් සහ කටවුට් වැනි ප්‍රචාරණ ද්‍රව්‍ය වලින් පිරී තිබූ නගරවලින්, ඒවා ඉවත්කර, නගර අලංකරණය කිරීම පිණිස ප්‍රසිද්ධ ස්ථානයන්හි චිත්‍ර ඇඳීමේ නව රැල්ලක් තරුණ පරපුර විසින් ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම නිර්මාණ අළලා නොයෙකුත් ආකාරයේ සටහන් රැසක් සමාජ ජ

    පෝස්ටර් බැනර් සහ කටවුට් වැනි ප්‍රචාරණ ද්‍රව්‍ය වලින් පිරී තිබූ නගරවලින්, ඒවා ඉවත්කර, නගර අලංකරණය කිරීම පිණිස ප්‍රසිද්ධ ස්ථානයන්හි චිත්‍ර ඇඳීමේ නව රැල්ලක් තරුණ පරපුර විසින් ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම නිර්මාණ අළලා නොයෙකුත් ආකාරයේ සටහන් රැසක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන අපට දැකගන්නට ලැබුණා. ඇතැම් පිරිස් විසින් විදේශයන්හි සිදුකරන ලද නිර්මාණ ද ලංකාවේ ඇතැම් ස්ථානවල නිර්මාණය වූ චිත්‍රපටයෙන් පෙන්වා දුන්නේ ප්‍රවණතාවයක්ද පසුගිය දින කිහිපයේදී මතු වී තිබෙනු දක්නට ලැබුණා.

    මෙවන් පසුබිමක මුතුමුදලිගේ නිශ්ශංක නැමැත්තෙකු සිය ෆේස්බුක් පිටුවෙහි “ජපුර කැම්පස් එකේ  කොල්ලන්ගෙ පට්ටම වැඩක් දැන් ඉතින් නොදන්න එකෙක් ඔතනින් ගිහිල්ලත් ඉවරයි” යන තේමාව යටතේ දිවියෙකු සහිත සේයාරුවක් සමග සටහනක් ඉදිරිපත් කොට තිබුණි.  

    Facebook Link 1Archived LinkFacebook Link 2Archived Link

    මෙම සේයාරුව සහිතව මේ හා සමාන වෙනත් ෆේස්බුක් සටහන් රැසක්ද අපට නිරීක්ෂණය විය. මෙම සටහන් ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සීඝ්‍රයෙන් හුවමාරු වීම ආරම්භ කර තිබු අතර මෙම සටහන් වලට ප්‍රතිචාර සටහන් රැසක් ද හිමිව තිබුණි. මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ  විදෙස් නිර්මාණ ශිල්පියකුගේ නිර්මාණයක් බව ප්‍රතිචාර සටහන් කිහිපයක්ම මඟින් කරුණුදක්වා තිබුණි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා අප විසින් අදාල ඡායාරූපය සරල google reverse image සෙවුමක් යොදාගත් අතර එහි දී ලැබුණු ප්‍රතිඵලයන් පහතින්.

    Google Reverse Image Search Results

    අප එහි වූ වාර්තා අධ්‍යනය කළෙමු. The Medicis Gallery වාර්තාව නිර්මාණ ශිල්පියා පිළිබඳව පැහැදිලි සටහනක් ඉදිරිපත් කර තිබුණි.  එහි සිංහල අර්ථය “ඩේව් බරන්ස් යනු පැරීසියේ තදාසන්න ප්‍රදේශවල හැදී වැඩුණු චිත්‍ර ශිල්පියෙකි, ඔහු ග්‍රැෆිටි සහ වීදි කලාව කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීය. ඉතා ඉක්මණින්, “Wall art” කෙරෙහි ඔහු තුළ වූ දැඩි ආශාව නිසාම ඉතා ඉක්මනින් දෘශ්‍ය මායාවන් අවබෝධ කර ගැනීමට ඔහුට හැකි විය. 2015 දී ඩේව් කැපී පෙනෙන වෙනසක් ඇති කලා කෘති එකතුවක් සකස්කිරීම ආරම්භ කළේය… සැබෑ ජිවිතයේ මෙන් සතුන් නිරූපණය කරන්නේ, මෙම නාගරීකරණය වූ පසුබිම තුළ, අපගේ පරිසරය තුළ මිනිසාගේ බලපෑම පිළිබඳව අපෙන් ප්‍රශ්න කිරීමෙන් මේ ලෝකයේ ඇති අවුල් සහගත තත්වය  පිළිබිඹු කිරීමටයි..” 

    Web LinkArchived Link

    Dave Barnes නිර්මාණ ශිල්පියාගේ Instagram ගිණුම පරීක්ෂා කිරීමේදී මෙම නිර්මාණයට අදාළ සටහන් කීපයක්ම අපට දැකගන්නට හැකිවිය. මෙම නිර්මාණය නම් කර ඇත්තේ Nouvelle toile Beast ( නූවෙල්හි වැසිකිළි මෘගයා) යනුවෙනි. 

    පහත දැක්වෙන්නේ එම නිර්මාණය පිළිබඳ ඔහුගේ ගිණුමේ පළවී දී තිබූ කෙටි වීඩියෝවකි.

    https://www.instagram.com/p/B2pIAyAIHcV/

    අවසාන නිගමනය

    අප කළ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ මෙම චිත්‍රය ජයවර්ධනපුර සරසවි සිසුන්ගේ  නිර්මාණයක් නොව ඩේව් බරන්ස් නම් චිත්‍ර ශිල්පියා ගේ නිර්මාණයක් බවයි. මුතුමුදලිගේ නිශ්ශංක නැමැත්තෙකු සිය ෆේස්බුක් පිටුවෙහි “ජපුර කැම්පස් එකේ  කොල්ලන්ගෙ පට්ටම වැඩක් දැන් ඉතින් නොදන්න එකෙක් ඔතනින් ගිහිල්ලත් ඉවරයි” යන තේමාව යටතේ පළවු සටහන සහ ඒ හා සමාන ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍යය සටහන් බව නිගමනය කරමු. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.