Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    හපුතලේ බෙරගල මාර්ගයේ දිය ඇලි?

    2020-05-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ වැසි සහිත කාලගුණ පවතින කාලයන්හි විවිධාකාරයේ ඡායාරුප සහ වීඩියෝ සටහන්, අසත්‍ය සහ නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයට කලින් කලට හුවමාරු වන ඡායාරුපයක් පිලිබඳ අපගේ කරුණු විමර්ශයයි මේ. සමාජ මාධ්‍ය සටහන් “වැලිමඩ බදුල්ල ප

    ලංකාවේ වැසි සහිත කාලගුණ පවතින කාලයන්හි විවිධාකාරයේ ඡායාරුප සහ වීඩියෝ සටහන්, අසත්‍ය සහ නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයට කලින් කලට හුවමාරු වන ඡායාරුපයක් පිලිබඳ අපගේ කරුණු විමර්ශයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන්

    “වැලිමඩ බදුල්ල පාර” යනුවෙන් දක්වමින් කන්දක් ඉහළ සිට දියඇලි කඩාහැලෙන ආකාරයට දිස්වන ඡායාරුපයක් හුවමාරු වී තිබුණා.

    Facebook | Archived

    මීට පෙර ද “හපුතලේ බෙරගල මාර්ගයේ දිය ඇලි සංදර්ශන – මේ කරදර ඉවරවුන දවසක ගිහිල්ලා බලන්න” යනුවෙන් එම ඡායාරුප සටහනම සමාජ මාධ්‍ය තුල හුවමාරු විය. 

    Twitter Link | Archived Link 

    සමාජ මාධ්‍ය තුල මෙලෙස හුවමාරු වන දර්ශන2019 වසරේ ද හුවමාරු වී තිබු ඡායාරුපක් බව දැකගනන්ට ලැබුණි

    FB LinkArchived Link
    Facebook LinkArchived Link

    ඇතැමෙක් පවසා තිබුනේ මෙම ඡායාරූපය හපුතලේ බෙරගල මාර්ගයේ නොවන බවයි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පළමුව ඡායාරූපය ගුගල් (Google Reverse Image) සෙවුම හරහා නිරීක්ෂණය කළෙමු. එහිදී එම ඡායාරූපය සම්බන්ධයෙන් links කිහිපයක් අපට දිස්විය. බොහෝ ප්‍රතිඵලයන්හි  දිස්වූයේ මෙය “Malshej Ghat” නම් ප්‍රදේශයක් බවයි. 

    එම ලිනක්ස් හරහා නිරීක්ෂණය කිරීමේදී අපට 2019 සැප්තැම්බර් 23 දින “JustExploreAll” හරහා පළවූ සටහනක්  දිස්විය. එම සටහනෙහි සදහන් කරුණු පරිවර්තනය කළ පසු අපට පැහැදිලිවුයේ එය ඉන්දියාවේ මල්ෂේජ් ගාට් නම් කඳුකර ප්‍රදේශයේ මෝසම් වැසි සමයේදී ලබාගත් ඡායාරූපයක් බවයි.

    Web Link

    මෙම දර්ශනය ඇතුලත් ස්ථානයේ වීඩියෝවක් ඉන්දියානු ෆේස්බුක් පිටුවක මෙසේ පළකර තිබු අතර අප මව් ආයතනයෙන්ද මෙම ස්ථානය මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ බව තහවුරු කරන ලදී.

    https://www.facebook.com/Visit.Ladakh/videos/476838939551297/

    තවදුරටත් කරුණු සෙවීමේදී පැහැදිලිවුයේ වැසි සහිත කාලයන්හිදී  හපුතලේ- බෙරගල මාර්ගයට  හිටිහැටියේ  කඩා හැලෙන සැඩ දිය දහරාවන්, දියඇලි සේ දිස්වන බවයි. එලෙස ලබාගත් ඡායාරූප සහ සටහනක් පහතින්.

    Web LinkArchived Link

    Conclusion: (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “හපුතලේ බෙරගල මාර්ගයේ දිය ඇලි” යනුවෙන් සහ “වැලිමඩ බදුල්ල පාර” යනාදී අර්ථකතන ඔස්සේ  සමාජ මාධ්‍ය තුල හුවමාරුවන ඡායාරූපය එම ප්‍රදේශයේ නොවන බවත් එය ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ මල්ෂේජ් ගාට් (Malshej Ghat) නම් කදුකර ප්‍රදේශයේ මෝසම් වැසි සමයේදී ලබාගත් ඡායාරූපයක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.