Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    විජිත හේරත් මහතා 2016 දී නාරාහේන්පිටින් ඉඩමක් ගත් බවට පළවූ සටහනක්!

    2020-06-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරඟ කරන්නේ ජාතික ජන බලවේගය නමැති සන්ධානයක් යටතේය. ජාතික විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය සහ නොමඟයවන සුළු සටහන් ඉදිරිපත් වන ප්‍රව

    එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරඟ කරන්නේ ජාතික ජන බලවේගය නමැති සන්ධානයක් යටතේය. ජාතික විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය සහ නොමඟයවන සුළු සටහන් ඉදිරිපත් වන ප්‍රවණතාවයක් පෙනීමට තිබේ.

    “සමාජවාදී පක්ෂයේ මන්ත්‍රීට අයත් කෝටි 20ක් වටිනා නාරාහේන්පිට සිවු මහල් ගොඩනැගිල්ල බදු දෙයි.” සිරස්තලයෙන් Lanka Mag නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක්, සේයාරූ කිහිපයක සංකලනයක් සහිතව පහත ප්‍රවෘත්තිය ඉදිරිපත්  කර තිබෙණු දක්නට ලැබුණි.

    මෙරට සමාජවාදී පක්ෂයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් නාරාහේන්පිට නගරයේ සිවු මහල් ගොඩනැගිල්ලක් ව්‍යාපාරික කටයුතු සඳහා බදු දී තිබේ.

    මෙම හිටපු මන්ත්‍රීවරයා වෝටර්ස් ඒජ් වැනි තරු පන්තියේ හෝටල වල බීමත්ව හැසිරීමේ ඉතිහාසයක් සහිත පුද්ගලයෙකු වන අතර වරක් බීමත්ව සිය සුපිරි ජීප් රථය පදවා විදුලි කනුවක හප්පා ගෙනද තිබේ. කෙසේ වෙතත් එවකට රජයට දැඩි ලෙස හිතවත් දේශපාලනයක නිරත වූ මෙම මන්ත්‍රීවරයා

    “නාරාහේන්පිට වාණිජ භූමීයේ ඉඩමක පිහිටි මෙම ගොඩනැගිල්ල පිහිටි ඉඩම පර්චස් විස්සක් පමණ වන අතර එහි පර්චස් 1ක් ලක්ෂ 80ක වටිනාකමකට ඇස්තමේන්තු කර තිබේ. මේ අනුව සිවු මහල් ගොඩනැගිල්ල, එහි බඩු භාණ්ඩ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම මිලියන 200කට (කෝටි 20කට) ඇස්තමේන්තු කර තිබේ.

    2015 වසරට පෙර කුලී නිවසක සිය පක්ෂයේ අරමුදලින් ජීවත් වූ මෙම මන්ත්‍රීවරයා 2016 වසරේදී මෙම ඉඩම මිලට ගෙන ගොඩනැගිල්ල ඉදිකිරීම අරඹා තිබේ. ව්‍යාපාරික පරිශ්‍රයන් සඳහා භාවිතා කිරීමට ඉදි කර ඇති මෙම ගොඩනැගිල්ල බදු දීම මේ වනවිට ඇරඹී තිබේ.

    සිය වැටුප හෝ ලබා නොගන්නා, වෙනත් කිසිදු පුද්ගලික හෝ සාමාන්‍ය ව්‍යාපාරයක් හෝ නොමැති, 2015ට පෙර කිසිඳු වත්කමක් නොතිබූ මෙම පුද්ගලයා 2015 වසරෙන් පසු මෙතරම් ධනවත් වූයේ කෙසේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති. මෙම මන්ත්‍රීවරයා නියෝජනය කළ පක්ෂය සහ පුද්ගලිකව ඔහු එජාපය ඉතා සමීපව කටයුතු කළ අතර එයට කෘතගුණ වශයෙන් පැවැති එජාප රජයෙන් ඔවුන්ගේ පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට දැඩි වරප්‍රසාද ලබා දුන් බව ප්‍රසිද්ධ කරුණකි.” වශයෙන් එහි කරුණු දක්වා තිබෙනුද දැකගැනීමට හැකිවිය.

    FB LinkArchived LinkArticle LinkArchived Link

    එම වාර්තාව පාදක කරගනිමින් විවිධ සටහන් ඉදිරිපත්වී තිබෙනු දක්නට ලැබුණි.

    LinkArchived Link

    මේ හා සමාන ෆේස්බුක් සටහන් රැසක් හුවමාරු වී තිබු අතර මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම ගොඩනැගිල්ල අළලා පලවන සමාජ මාධ්‍ය සටහන්හි අන්තර්ගතව ඇති හිමිකාරිත්වය පීළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක විජිත හේරත් මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. නාරහේන්පිට හන්දිය අවට ඇති ඉඩම් රැසක් සිය බිරිඳගේ පිය පාර්ශවයට හිමි පරම්පරානුගත ඉඩම්  බවත්, සුප්‍රසිද්ධ සමාජ සේවක දොන් ආරොන් අප්පුහාමි සහ දොන් දියෝනිස් අප්පුහාමි යනු බිරිඳගේ පිය පාර්ශවයෙන් මුත්තණුවන් බවත්, නාරහේන්පිට අභයාරාම පන්සල පවා ඉදිකර ඇත්තේ බිරිඳගේ මුත්තා විසින් පරිත්‍යාග කර ඇති ඉඩමක බව පැවසීය. බිරිඳගේ පිය පාර්ශවයෙන් සිදුවන ව්‍යාපාරික කටයුතු සඳහා තමා හෝ බිරිඳ  සම්බන්ධ නොමැති බවත්, තමන් තවමත් වාසය කරන්නේ කුලී පදනමට ගත් නිවසක බවත් අවධාරනය කළේය. මෙම නිවාස සංකීර්ණය පවතින ඉඩම තමන් විසින් 2015 වසරේ ලබාගත් බවට පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් අවධාරණය කළේය.

    අප ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළවිට මෙම සටහන් සාවද්‍ය බවට ඉදිරිපත් කර තිබු සටහනක්ද නිරීක්ෂණය විය.

    LinkArchived Link

    මේ පිළිබඳව අප අභයාරාම පන්සලෙන්ද විමසා සිටි අතර එහිදී අපට දන්වා සිටියේ ද මීට වසර ගණනකට පෙර පරිත්‍යාග කරන ලද ඉඩමක විහාරය ඉදි වී ඇති අතර ඔවුන්ට එම ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් අයත්ව තිබූ බවයි.

    මේ පිළිබඳව ලංකාදීප පුවත්පතේ විජිත හේරත් මහතා සමඟ පැවති සංවාදයකදීද කරුණු දක්වා තිබුනේ මෙලෙසිනි.

    LinkArchived

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ  විජිත හේරත් මහතාගේ බිරිඳගේ පිය පාර්ශවයට නාරහේන්පිට අවට පරම්පරානු ගත ඉඩම් ඇති බව සහ මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ එම ඉඩමක වන අතර විජිත හේරත් මහතා විසින් 2015 වසරෙන් පසු මිළදි ගත් ඉඩමක නොවන  බවය.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:විජිත හේරත් මහතා 2016 දී නාරහේන්පිටින් ඉඩමක් ගත් බවට පළවූ සටහනක්!

    Fact Check By: Sahan Perera 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.