Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    තොන්ඩමන් මහතාගේ බාල දියණියගේ ඡායාරුප වැඩිමහල් දියණිය අවමගුල් කටයුතු සඳහා සහභාගී වූ ලෙස හුවමාරු වීමක්!

    2020-06-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන නායකයෙකු ලෙස කටයුතු කළ වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ද දැරූ දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ පියෙකුවු ආරුමුගන් තොණ්ඩමන් මහතා පසුගිය මැයි 26 වැනි දින හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා ත

    ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන නායකයෙකු ලෙස කටයුතු කළ වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ද දැරූ දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ පියෙකුවු ආරුමුගන් තොණ්ඩමන් මහතා පසුගිය මැයි 26 වැනි දින හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා තලංගම රෝහලේ දී මිය ගියේය.

    දැනට දිවයිනේ උද්ගතව ඇති කොරොනා ආසාදිත තත්ත්වය හමුවේ මිය ගිය කෙනෙකුගේ අවසන් කටයුතු සීමිත පිරිසකගේ සහභීත්වයෙන් දැඩි  සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් කෙටි කාලයක් තුල සිදුකිරීමට උපදෙස් ලබාදී තිබුණි. 

    කෙසේවෙතත් කොළඹ ඇතුළු මධ්‍යම කඳුකරයේ විවිධ ස්ථානයන්හි දේහය ප්‍රදර්ශනය කිරීමත්, දේහයට ගෞරව දැක්වීමට පැමිණි වතුකරයේ ජනතාව, රජය විසින් පනවා තිබු සෞඛ්‍ය නීතිරීති නොතකමින් විශාල ලෙස එක්රැස් වීම පිළිබඳවත් සමාජ මාධ්‍ය ජාලයන් දැඩි විරෝධී සටහන් පළ කර තිබුණි

    මෙවන් පසුබිමක සිය පියාගේ දේහය අසල සිටි අභාවප්‍රාප්ත තොන්ඩමන් ඇමතිවරයාගේ  දියණියකගේ සේයාරුව සහිතව  “දුවලට පුතාලට අම්මලව තාත්තාලව බලන්න බැරිවුනා. සැමියාට බිරිඳ බිරිඳට සැමියා බලන්න බැරි වුණා. නිරෝදායනය තියා රටට එන්නවත් ලැබුණේ නෑ. ඒත් තොන්ඩමන්ගේ දුවට එය අදාළ වුණේ නෑ. රටටත් ආවා. නිරෝදායනය වෙන්නේ නැතුවම අවමගුලටත් ගියා.” කථාංගය  රෝපණය කර, “එයාලා පොශ් පීපල්ලනේ” තේමාවෙන් සටහනක් “එක යායට කොළපාටට  අපි unp” නැමැති ෆේස්බුක් පිටුව විසින් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. 

    LInkArchived Link

    මෙවැනි ෆේස්බුක් සටහන් රැසක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය.

    LinkArchived Link

    මෙම සටහන් වලට හිමිවු ප්‍රතිචාර අතර  කිහිපයක්ම  සේයාරුවේ දැක්වෙන්නේ විදේශගතව සිටින අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් ඇමතිවරයාගේ දියණිය නොවන බවට සඳහන් කර තිබීම නිසා ඒ පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    ප්‍රථමයෙන්ම අභාවප්‍රාප්ත තොන්ඩමන් ඇමැතිවරයාගේ දරුවන් පිලිබඳව තොරතුරු පරික්ෂා කළෙමු. විකිපීඩියා ඔහුගේ දියණියන් දෙදෙනා වන නාචියර් සහ විජි වෛද්‍යවරියන් වන අතර පුත් ජීවන් නීතිඥයකි..

    LinkArchived Link

    අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් ඇමතිවරයාට දියණියන් දෙදෙනෙකු සිටින අතර වැඩිමහල් දියණිය  වන නාචියාර් මහත්මිය ඕමානයේ  වෛද්‍යවරියක ලෙස සේවයේ නියුතුව සිටි. බාල දියණිය වන විජි සහ පුත් ජීවන් ලංකාවේ ජීවත්වේ. 

    පියාගේ අභාවය සිදු වූ දිනයේ සිට දෙවැනි දියණිය වන විජි පියාගෙ දේහය අසල සිටින අන්දම සියලුම  ප්‍රධාන රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති විකාශයන් දිස් විය.

    Link 1 | Link 2

    නාචියාර් තොන්ඩමන් මහත්මිය පියාගේ අවසාන කටයුතු සඳහා සම්බන්ධ වූයේ ද යන්න පිළිබඳව අප, තොන්ඩමන් මහතාගේ මරණය පිලිබඳ තොරතුරු නිල වශයෙන් සැල කළ ලංකා කම්කරු කොංග්‍රසයේ සෙන්තිල් තොන්ඩමන්ගෙන් විමසුවෙමු. ආදාහනයෙන් දින 16කට පසු සිදු කරනු ලබන ප්‍රධාන ආගමික වතාවත්වලට සහභාගි වීම සඳහා ඇය දිවයිනට පැමිණි බව සනාථ කළ ඔහු, දැනට දින දාහතරක නිරෝධායනයකට යොමුකර ඇති බව ද පැවසීය. එමෙන්ම ඇය පියාගේ අවසාන කටයුතු සඳහා කිසිදු අයුරකින් සහභාගී නොවූ බව ද අවධාරණය කළේය.

    තවදුරටත් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයා සමග දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. නාචියාර් තොන්ඩමන් මහත්මිය විශේෂ අවසරයක් ලබා නුවරඑළිය ප්‍රදේශයේ දී පියාගේ අවසාන කටයුතු සඳහා සහභාගි වූයේ ද යන්න  විමසුවෙමු. නාචියාර් තොන්ඩමන් මහත්මිය පියාගේ අවසාන කටයුතු සහභාගි වීම පිණිස නුවරඑළිය ප්‍රදේශයට පැමිණීම පිලිබඳ ඔහු දැණුවත් කර නොමැති බව පැවසීය.

    නාචියාර් තොන්ඩමන් මහත්මිය, ශ්‍රී ලංකා යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් වන, වයික්කාලේ පිහිටි Club Dolphin හෝටලයේ, දිවයිනට පැමිණි දින සිට දිගටම සිටියේද යන්න පිලිබඳ දැනගැනීමට අප දැරු සියළු උත්සාහයන් ව්‍යර්ථ විය.

    ෆේස්බුක් පිටුවල තිබු ඡායාරූපත්, රූපවාහිණි නාලිකාවන්හි විකාශවු ඡායාරූප සහ නාචියාර් තොන්ඩමන් මහත්මියගේ ෆේස්බුක් පිටුවෙන් ලබාගත් ඡායාරූප සමග සසැඳීමේදී, ෆේස්බුක් පිටුවල තිබු ඡායාරූපයන්හි සිටින්නේ විජි තොන්ඩමන් මහත්මිය බව සනාථ විය.

    තොන්ඩමන් මහතාගේ අවසාන කටයුතු සඳහා සහභාගී වූ සිය පුතා (ජීවන් තොන්ඩමන්) සහ බාල දියණිය වන (වීජී තොන්ඩමන්) ඇතුලත් ඡායාරූප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ද විශාල වශයෙන් හුවමාරු විය.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ෆේස්බුක් පිටුවල තිබු ඡායාරූපයන්හි සිටින්නේ අභාවප්‍රාප්ත තොන්ඩමන් ඇමතිවරයාගේ බාල දියණිය වන විජි තොන්ඩමන් මහත්මිය විනා වඩිමහල් දියණිය වන නාචියාර් තොන්ඩමන් මහත්මිය නොවන  බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.