Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..

    2019-10-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    2019 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටම ශ්‍රී ලංකාව පුරාම මැතිවරණ උණුසුම තදින්ම දැනීමට පටන් ගැනීමට පටන් ගත්තේය. තම අපේක්ෂකයාට සහාය දක්වන මෙන්ම, ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර එල්ල කරන සටහන්ද විවිධ නම්වලින් සමාජ මාධ්‍ය ජාලා තුල  සැරිසරීමෙහි සීඝ්‍ර වර්ධණයක්

    2019 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටම ශ්‍රී ලංකාව පුරාම මැතිවරණ උණුසුම තදින්ම දැනීමට පටන් ගැනීමට පටන් ගත්තේය. තම අපේක්ෂකයාට සහාය දක්වන මෙන්ම, ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර එල්ල කරන සටහන්ද විවිධ නම්වලින් සමාජ මාධ්‍ය ජාලා තුල  සැරිසරීමෙහි සීඝ්‍ර වර්ධණයක් දක්නට ලැබිණ. මෙම මඩ ප්‍රහාර ප්‍රධාන අපේක්ෂකයින් දෙපළ  මූලික වශයෙන්ම ඉලක්ක කරගනිමින් සැකසී ඇති අතර පහත දක්වා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පළ වී ඇති එබඳු ප්‍රකාශ කිහිපයකි.

    ප්‍රකාශය 1 : “රටපුරා කුඩ්ඩො සතුටින් ඉපිළ යයි.. ඔන්න දුමින්ද නිදහස් කරනවලු” 

    Facebook LinkArchived Link

    ප්‍රකාශය 2 : “කාන්තා යට ඇඳුම් නොමිලේ ලබාදෙනවා”

    Facebook LinkArchived Link

    ප්‍රකාශය 3 : “මාධ්‍යවේදීන්ට හදිසි අනතුරු රක්ෂණයක් හඳුන්වාදෙනවා”

    Facebook LinkArchived Link

    ප්‍රකාශය 4: “සෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා.”

    Facebook LinkArchived Link

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශ වශයෙන් සමාජගත කෙරුණු මෙම සටහන් ඉතාමත් සුළු කාලයක් තුල ෆේස්බුක් ගිණුම් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු විය. මෙම සටහන් සඳහා ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා ඉහත ප්‍රකාශ සංස්කරණය කර ඇති බවටද අදහස් දක්වා තිබු නිසා ඒ පිළිබඳ කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය. 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ප්‍රකාශය 1 : මෙම පළමු ප්‍රකාශය පරික්ෂාකිරීමේදී එය 2019 සැප්තම්බර් මස 06 දින පස්වරු 6.55 විකාශයවු හිරු නාලිකාවේ රුප රාමුවක් බව එක් සටහනක පෙන්වා දී තිබුුණි. තවත් කිහිප දෙනෙකු විසින්ම මෙම ඡායාරූපය සංස්කරණ කොට පලකරන ලද්දක් බව සඳහන් කරමින් අදහස් පළ කර තිබුණේ මෙලෙසිනි.

    අප 2019 සැප්තම්බර් මස 06 දින පස්වරු 6.55 විකාශයවු හිරු නාලිකාවේ  ප්‍රවෘත්ති විකාශය නැරඹුවෙමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවත්වූ සාකච්ඡාවකට එක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පිටතට පැමිණෙන විට මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන රූප රාමුවක් ඉහත ප්‍රකාශිත රූප සටහනට සමාන බව අපට පෙනී ගියේය. ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින,  එම ප්‍රවෘත්තිය විකාශනය වන අවස්ථාවේ වීඩියෝ රූප රාමු කොටසක් පහතින්.

    Hiru News Youtube LinkArchived Link

    පහත පෙන්නුම් කර තිබෙන්නේ 2019 සැප්තම්බර් මස 06 දින පස්වරු 6.55 විකාශයවු හිරු ප්‍රවෘත්ති විකාශයේ පළවූ වීඩියෝ දර්ශනවල මුල් ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූපය සංසන්දනය කිරීමකි.

    මුල් වීඩියෝවේ අදාළ අවස්ථාවේදී කිසිදු ප්‍රවෘත්ති කෙටි නිවේදනයක් (news ticker) පළවී නැති අතර ““රටපුරා කුඩ්ඩො සතුටින් ඉපිළ යයි.. ඔන්න දුමින්ද නිදහස් කරනවලු”  යන ප්‍රකාශය අලුතින් එකතු කොට සංස්කරණය කර පළ කර ඇත

    ප්‍රකාශය 2:

    දෙවන ප්‍රකාශයද බැලූ බැල්මටම හිරු ප්‍රවෘත්ති සේවයේ පළවූ විඩියෝ පටයකින් ලබාගත් ඡායාරූපයක් සංස්කරණය කොට පළ කර ඇති බව පෙනී යයි. කෙසේ වෙතත් මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ප්‍රකාශිත ඡායාරූපය දෝෂ මට්ටම් විශ්ලේෂණයකට (Error Level Analysis) ලක් කරන ලදී. එහිදී ලැබුණු ප්‍රතිඵල පහතින්.

    එයින් ලැබුණු ප්‍රතිඵල අනුව පැහැදිලි වන්නේ ජායාරූපයේ පහලින් ඇති ප්‍රවෘත්ති කෙටි නිවේදනය (news ticker) ඇතුළත් කොටස ඡායාරූපයේ අනෙකුත් කොටස් වලට වඩා වෙනස් සම්පීඩන මට්ටමක (compression level difference) පවතින බවයි. මෙම ඡායාරූපය සංස්කරණය නොකරන ලද ඡායාරූපයක් නම් සම්පූර්ණ ඡායාරූපම  එකම දෝෂ මට්ටමක (same error level) පැවතිය යුතුය. යම්කිසි රුපයක කොටසක් සැලකිය යුතු ලෙස වෙනස් දෝෂ මට්ටමක පවතී නම්, එය බොහෝදුරට ඩිජිටල් සංස්කරණය කිරීමක් පෙන්නුම් කරයි

    ප්‍රකාශය 3:

    තෙවන ප්‍රකාශය පරික්ෂා කිරීම සඳහා ද පසුගිය දින කිහිපයේදී “අද දෙරණ” වාර්තා කළ සවස 6.55 පුවත් වැඩසටහන් පරීක්ෂාවට ලක් කළෙමු. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඔක්තෝබර් මස 28 වැනිදා සවස 6.55 ට අද දෙරණ ප්‍රවෘත්ති වැඩසටහන මගින් පලකරන ලද රූප රාමු ඉහත දක්වා ඇති රූප රාමුවලට සමාන බවයි. ප්‍රවෘත්ති විකාශයේ අදාල කොටස පහතින්.

    Ada Derana 6.55 NewsArchived Link

    පහත පෙන්නුම් කර තිබෙන්නේ අද දෙරණ ඔක්තෝබර් මස 28 රාත්‍රී 06.55 ප්‍රධාන පුවත් විකාශයේ පළවූ වීඩියෝ දර්ශනවල මුල් ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූප සංසන්දනය කිරීමකි.

    මුල් වීඩියෝවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව අමතන කිසිඳු අවස්ථාවක පළවන කෙටි නිවේදනයේ (news ticker) “මාධ්‍යවේදීන්ට හදිසි අනතුරු රක්ෂණයක් හඳුන්වාදෙනවා” යනුවෙන් පළවී නැති අතර බොහෝදුරට “ජනපති ඇතුළු නිදහස් පක්ෂ සියලු දෙනාට ස්තුතියි”  යන ප්‍රකාශය සංස්කරණය කොට පළ කර ඇති බව පෙනී යයි.

    ප්‍රකාශය 4:

    පහත පෙන්නුම් කර තිබෙන්නේ Newsfirst ඔක්තෝබර් මස 31 රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශයේ පළවූ වීඩියෝ දර්ශනවල මුල් ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූප සංසන්දනය කිරීමකි.

    Newsfirst Youtube Link

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉහත ප්‍රකාශ සියල්ලක්ම ව්‍යාජ ලෙස සංස්කරණය කොට ඇති බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන ප්‍රකාශ කිහිපයක්..

    Fact Check By: Sahan Perera 

    Result: False

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.