Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මුස්ලිම් ප්‍රදේශවල කුණු ඉවත් කිරීම තහනම් – බියගම ප්‍රාදේශීය සභාව

    2019-12-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජාතිවාදය සහ අන්තවාදය මතු කරන සටහන් සමාජ මාධ්‍ය ජාලාවන්හි ඉදිරිපත් කිරීමට යම් සංවිධාන හෝ  පෙළඹී සිටින අයුරු පසුගිය කාලයේදී සුලභව දැකගන්නට හැකි විය. පාස්කු ඉරිදා සිදු වූ අන්තවාදී ත්‍රස්ථ ප්‍රහාරයත් සමගම මුසල්මානුවන් ඉලක්ක කරගනිමින් මෙවැනි සටහන් ඉදිරිපත් වීම

    ජාතිවාදය සහ අන්තවාදය මතු කරන සටහන් සමාජ මාධ්‍ය ජාලාවන්හි ඉදිරිපත් කිරීමට යම් සංවිධාන හෝ  පෙළඹී සිටින අයුරු පසුගිය කාලයේදී සුලභව දැකගන්නට හැකි විය. පාස්කු ඉරිදා සිදු වූ අන්තවාදී ත්‍රස්ථ ප්‍රහාරයත් සමගම මුසල්මානුවන් ඉලක්ක කරගනිමින් මෙවැනි සටහන් ඉදිරිපත් වීමේ ප්‍රවණතාවයක් පෙනීමට ඇත.

    මෙවන් පසුබිමක Daniel Chirstopher නමැත්තෙකුගේ තම ෆේස්බුක් පිටුවෙහි “බියගම මහා නගර සභාව ඔයාලා මෙතරම් ජාතිවාදී වීම ගැන ලැජ්ජයි!! මෙම ක්‍රියාව  ජනාධිපති කාර්යාලයට යා යුතුය” නම් තේමාව සිංහල සහ ඉංග්‍රීසි භාෂා වලින් පළකරමින් සේයාරුවක් සහිත ව සටහනක් ඉදිරිපත් කර තිබුණි. නගරාශ්‍රිත ප්‍රදේශයක නතරකර තිබූ බියගම ප්‍රාදේශීය සභාවට හිමි කුණු කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් ටේලරයක බියගම ප්‍රාදේශීය සභාවේ නම සඳහන්ව තිබු අතර “මුස්ලිම් ප්‍රදේශවල කුණු ඉවත් කිරීම තහනම්” යනුවෙන් එහි පින්තාරු කර තිබුණි. 

    Facebook LinkArchived Link

    ඉහත සටහනට ප්‍රතිචාර රැසක් හිමිව තිබූ අතර බැලු බැල්මටම මෙම ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් පෙනීගියද, එම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්න රාශියක් අතර හුවමාරුවෙමින් පැවති හෙයින් කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඡායාරූපය සුපරික්ෂාකාරීව බැලීමේදී එය සංස්කරණය කරන ලද්දක් බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණද මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමට මුල්වූ කාරණාව පරික්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ බියගම ප්‍රදේශයේ කුණු එකතු කිරීම පිළිබඳව යම් ගැටලුවක් මතුව තිබු බවත් ඒ සම්බන්ධයෙන් පළවී තිබූ සටහන් මුල් කරගනිමින් මෙම සංස්කරණය කරන ලද සටහන පල කර ඇති බවත්ය. 

    “2019 ජනාධිපතිවරණයට පෙර බියගම ප්‍රාදේශීය සභාවෙන් කුණු අදින්න ආපු ටැක්ටරය ට ජනාධිපතිවරණයෙන් පසු මල්වාන නගරයේ ඇති මුස්ලිම් ගෙවල් සහ කඩ සාප්පු අමතක වෙයි…..දවස් 20 කටත් වැඩියෙන් මල්වානේ වටේම තියෙන ප්‍රදේශවල කුණු ටික biyagama ප්‍රාදේශීය සභාවෙන් සුද්ද කලත්, මල්වාන දවස් 20ක් තිස්සේ තාම ගඳ ගහයි….! කුණු පිරෙයි……!” යනුවෙන් සඳහන් කරමින් පළවූ සටහනක් පහතින්.

    Facebook LinkArchived LinkVideo Link

    මෙවැනි සටහන් වලට පිළිතුරු වශයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කර සිටියේ මෙම සටහන් සාවද්‍ය බවත් නව පාලන තන්ත්‍රය අපහසුතාවයට පත් කිරීම සඳහා විවිධ පිරිස් මඟින් ගන්නා උත්සාහයක ප්‍රතිඵලයක් බවත්ය.

    Facebook LinkArchived Link

    මේ අනුව ඉහත සටහන බියගම ප්‍රදේශයේ කුණු එකතු කිරීම පිළිබඳව පැන නැගී තිබූ ගැටලුවක් උපහාසාත්මක කෝණයකින් පෙන්වීම සඳහා සංස්කරණය කරන ලද ඡායාරූපයක් බව පැහැදිලිය.

    අප මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමර්ශණය කිරීම සඳහා බියගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමු. මුස්ලිම්වරුන්ට අයත් කුණු එකතු නොකිරීමට උපදෙස් ලබා නොදුන් බව පැවසූ ඇය, සමාජ මාධ්‍ය ජාලයන්හි පළවෙන මෙම අසත්‍ය පුවත පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට පොලීසියට භාර කරන ලද බව ද පැවසුවාය.  පසුගිය සති කිහිපයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් කුණු එකතු කිරීමේ දී සමහර ප්‍රදේශවල ප්‍රමාද සිදු වුව ද එම ක්‍රියාවන් කඩිනමින් සිදුකිරීමට බියගම ප්‍රාදේශීය සභාව සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවද අපට දැනගන්නට ලැබුණා

    අවසාන නිගමනය

    අප කළ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “මුස්ලිම් ප්‍රදේශවල කුණු ඉවත් කිරීම තහනම්” නම් තේමාව යටතේ ඇති සේයාරුව සංස්කරණය කරන ලද්දක් බවත් බියගම ප්‍රාදේශීය සභාව මුස්ලිම්වරු ප්‍රදේශවල කුණු එකතු නොකිරීමට තීරණයක් ගෙන නොමැති බවත්ය. පසුගිය සති කිහිපයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් කුණු එකතු කිරීමේ දී සමහර ප්‍රදේශවල ප්‍රමාද සිදු වුව ද එම ක්‍රියාවන් කඩිනමින් සිදුකිරීමට බියගම ප්‍රාදේශීය සභාව සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.