Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජාතික ගීය මින් පසු සිංහලෙන් පමණයි ?

    2019-11-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය දින ගාලුමුවදොර පිටියේ පිහිටි ජනාධිපති කාර්යාලයේදි සිය ධුරයේ වැඩ භාර ගත්තේය. වැඩ බාර ගැනීමෙන් පසු එතුමා විසින් ගන්නා ලද තීරණ ලෙස කාර්ය මණ්ඩලය අඩු කිරීම, ප්‍රභූ ගමන් වාහන අඩු කිර

    ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය දින ගාලුමුවදොර පිටියේ පිහිටි ජනාධිපති කාර්යාලයේදි සිය ධුරයේ වැඩ භාර ගත්තේය. වැඩ බාර ගැනීමෙන් පසු එතුමා විසින් ගන්නා ලද තීරණ ලෙස කාර්ය මණ්ඩලය අඩු කිරීම, ප්‍රභූ ගමන් වාහන අඩු කිරිම, ගව ඝාතනය තහනම් කිරීම, ජාතික ගීය ගැයීම යනාදි විවිධ මාතෘකා යටතේ සමාජ මාධ්‍ය ජාලා තුල ප්‍රවෘත්ති සංසරණය වීමට පටන් ගත්තේය.

    “ජාතික ගීය මින් පසු සිංහලෙන් පමණයි.- ආරක්ෂක රථ පෙළත් ගෝඨාභය ඉවත් කර ගනියි”. යන මැයින් නෙත් නිවුස්  (NETH NEWS) වෙබ් අඩවිය, සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් ඉදිරිපත් කර තිබුණි. මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබිණි.

    Neth News LinkArchived Link

    ෆේස්බුක් පරිශීලකයන් කිහිප දෙනෙකු අතරේද මෙම පුවත හුවමාරු වී තිබූ අයුරු අපට දැකගන්නට ලැබුණා.

    Facebook LinkArchived Link

    මෙම ප්‍රවෘත්තිය පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් නොවූ අතර දමිළ ෆේස්බුක් පරිශීලකයින් රාශියක් අතරද මෙය පැතිරී ගොස් ඇති බව අපට දැකගන්න්නට ලැබුණු බැවින් මේ පිළිබඳව කරුණු විමර්ශනයකට අවධානය යොමු කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම ප්‍රවෘත්තියට යම් සත්‍යතාවයක් ඇද්දැයි බැලීමට අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව පරික්ෂා කළෙමු.

    “මා විසින් නිකුත් කරන ලද නිවේදන ලෙස හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සංසරණය වෙමින් පවතී. මාගේ නිල නිවේදන ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය මගින් හෝ මාගේ නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බව කරුණාවෙන් සලකන්න.” යනුවෙන් එතුමාගේ අත්සන රැගත් සටහන අපට නිරීක්ෂණය විය.

    Gotabaya Rajapaksa Official FB Archived Link

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිල ෆේස්බුක් ඇති සටහනට අනුව, එතුමාගේ සියලු නිල නිවේදන ජනාධිපති කාර්යාලයට අනුබද්ධිත මාධ්‍ය කාර්යාලයෙන් හෝ එතුමාගේ නිල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලබන බව පැහැදිලිවම සඳහන් කර ඇත.  ජාතික ගීය ගැයීම පිළිබඳව පිළිබඳ කිසිදු ප්‍රවෘත්තියක් එතුමාගේ නිල සමාජ මාධ්‍ය මගින් හෝ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක් නිකුත් කර නොමැත.

    කෙසේවෙතත් මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා අප දුරකථනය මගින් ජනාධිපති කාර්යාලය සමඟ සම්බන්ධ වූ අතර අපට දැන ගැනීමට ලැබුණේ මෙබඳු කිසිදු ප්‍රකාශයක් ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කර නොමැති බවයි.

    ඉහත ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දැක්වූ වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ මෙවැනි ප්‍රකාශ ජාතිවාදය ඇවිස්සීසවීමට ප්‍රතිවාදීන් විසින් සිදුකරන අමූලික බොරු බවයි. මෙවැනි ක්‍රියා මගින් ද්වී භාෂික ජනතාව ආණ්ඩුව වෙතින් තවදුරටත් දුරස් කිරීමට දරණ උත්සාහයක් බවද  එතුමා තවදුරටත් පවසා සිටියා.

    Facebook LinkArchived Link

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “ජාතික ගීය මින් පසු සිංහලෙන් පමණයි”යන මැයින් පළවී ඇති සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.