Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සජිත් ප්‍රේමදාස මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

    2020-08-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින ප්‍රධාන දේශපාලන පක්ෂයන්හි ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍යයන් ඔස්සේ විවිධ සටහන් ඉදිරිපත් වී ති‌බෙණු පෙනේ. සමගි ජනබල පෙරමුණේ නායක සජිත් ප්‍රේමදාස මහතා අළලා පහත පරිදි සටහන් කිහිපයක් ඉදිරිපත්වී තිබෙනු දක්නට ලැබුණේය.  “කාන්තාවන්ග

    පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින ප්‍රධාන දේශපාලන පක්ෂයන්හි ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍යයන් ඔස්සේ විවිධ සටහන් ඉදිරිපත් වී ති‌බෙණු පෙනේ. සමගි ජනබල පෙරමුණේ නායක සජිත් ප්‍රේමදාස මහතා අළලා පහත පරිදි සටහන් කිහිපයක් ඉදිරිපත්වී තිබෙනු දක්නට ලැබුණේය. 

    “කාන්තාවන්ගෙ බබාල ලැබෙන තැන මම ලොකු කරනවා” යන වදන රෝපණය කර සජිත් ප්‍රේමදාස මහතාගේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කළ සටහනක දක්වා තිබුනේ අනුරාධපුර ග්‍රාමීය රෝහලක් ආසන්නයේ තිබු රැළියකදී සජිත් ප්‍රේමදාස මෙසේ ප්‍රකාශ කල බවයි. එම සටහන මීට පෙරද කිහිපවරක්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු බවද අපට නිරීක්ෂණය වුණා.

    LinkArchivedLinkArchived Link

    එසේම දෙරණ නාලිකාවේ පළවූ සටහනක ආකාරයෙන් හුවමාරු වූ පහත සටහනේ දක්වා තිබුනේ සජිත් ප්‍රේමදාස මහතා විසින් “ සියලුම හෙද හෙදියක් දොස්තරලා කරනවා” යනුවෙන් පවසා ඇති ආකාරයක් වන අතර බොහෝ පිරිසක් මෙය උපහාසාත්මක සටහනක් ලෙසේ හඳුනාගෙන තිබුනද 3500 කටත් වැඩ වැඩි පිරිසක් හුවමාරු කරගෙනේ තිබුනේ මෙලෙසින්

    LinkArchived

    එසේම “සජියාගේ ගොන් කතා” යන ෆේස්බුක් පිටුවක පළකර තිබු ඡායාරුප සටහනක පහත පරිදි පෙන්වා දී තිබුනේ ඔහු විසින් “දරුවෙක් නොහැදුවේ ඔබේ දරුවාට ඇති ආදරය නිසයි” යනුවෙන් රැළියක් අතරතුරදී පවසා ඇති ස්වරූපයකි.

    LinkArchived

    සජිත් ප්‍රේමදාස මහතා අලලා උපහාසාත්මක කෝණවලින් ඉදිරිපත් කල සටහන් රැසක් ද පැවති අතර, උසස් පෙළ සිසුන්ට නොමිලේ ලකුණු 20ක් ප්‍රදානය කරනවා වැනි මෙබඳු සටහන්ද බොහෝ දෙන අතර හුවමාරු වී තිබුනා. මෙම සටහන් සියල්ල පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    “කාන්තාවන්ගෙ බබාල ලැබෙන තැන මම ලොකු කරනවා” යන වදන රෝපණය කර සජිත් ප්‍රේමදාස මහතාගේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කළ සටහනේ වූ ඡායාරූපය Google Reverse Image සෙවීමකට යොමුකළ විට, මෙම ප්‍රකාශයට අදාළ දර්ශන ඇත්ත වශයෙන්ම 2019 ඔක්තෝබර් මස පැවති පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ රැළියකදී ලබාගෙන ඇති බව පෙනෙන්නට විය.

    2019 ඔක්තෝබර් මස 23 දින දෙරණ රූපවාහිනී නාලිකාවේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ රූප රාමුවකින් මෙම ඡායාරූපය ලබාගෙන තිබූ බව තහවුරු විය. එම ප්‍රවෘත්ති විකාශයට පරීක්ෂා කිරීමේදී සජිත් ප්‍රේමදාස මහතා යුධ විරුවන් සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයකදී “සිරිසඟබෝ මෙන් කැපවෙනවා” යන්න මෙලෙස “කාන්තාවන්ගෙ බබාල ලැබෙන තැන මම ලොකු කරනවා” යනුවෙන් සංස්කරණය කොට හුවමාරු කරගෙන ඇති බව දැකගනන්ට ලැබුණා. එයට අදාළ වීඩියෝ පටය සහ ඡායාරුප සංසන්දනය පහතින්

    2019.10.23 අද දෙරණ පුවත්

    ඒ අයුරින්ම පසුගියදා අනුරාධපුරයේ පැවති ජන හමුවකදී, සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකල ප්‍රකාශයක් සංස්කරණය කරමින් “සියලුම හෙද හෙදියන් දොස්තරලා කරනවා” යන උපහාසාත්මක සටහන පළකර ඇති බව අනාවරණය විය. එහිදී ඇත්ත වශයෙන්ම ඔහු පවසා සිටින්නේ “පොහොර සහනාධාර ලැබුණා නම් අත් උස්සන්න” යනුවෙන්. එයට අදාළ වීඩියෝ පටය සහ ඡායාරුප සංසන්දනය පහතින්

    2020.07.19 අද දෙරණ පුවත්

    තවද “දරුවෙක් නොහැදුවේ ඔබේ දරුවාට ඇති ආදරය නිසයි” යන සංස්කරණය සඳහා යොදාගෙන තිබෙන්නේ ද පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ පැවසු ප්‍රකාශයක් බව පෙනී ගියා. එම ඡායාරුප සංසන්දනය පහතින්.

    2019.10.23 අද දෙරණ පුවත්

    Conclusion (අවසාන නිගමනය)

    පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සහ පසුගිය දිනවල පවතී ජන රැලිවලදී සජිත් ප්‍රේමදාස මහතා පැවසු ප්‍රකාශ ඇතුලත් දර්ශන උපහාසාත්මක කෝණයකින් සංස්කරණය කරමින් ඉහත සාවද්‍ය ප්‍රකාශ පළකර ඇති බව පැහැදිලිය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.