Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    “කරුගේ කතාවට සුමන්තිරන් කිපෙයි” යන සිරස්තලය යටතේ මුලාශ්‍ර රහිතව පළවූ සාවද්‍ය පුවතක්

    2020-05-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමත් සමග 2020 මහ මැතිවරණය අප්‍රේල් මස 25 වන දිනට යොදාගත්තද කොරෝනා වයිරසයේ බලපෑම මත මැතිවරන කොමිශන් සභාව විසින් නැවතත් මහ මැතිවරණය ජූනි 20 වන දිනට කල් දමනු ලැබීය.එලෙස පාර්ලිමේන්තු මැතිවරනය කල් දැමීමත් සමග පැවති පාර්

    ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමත් සමග 2020 මහ මැතිවරණය අප්‍රේල් මස 25 වන දිනට යොදාගත්තද කොරෝනා වයිරසයේ බලපෑම මත මැතිවරන කොමිශන් සභාව විසින් නැවතත් මහ මැතිවරණය ජූනි 20 වන දිනට කල් දමනු ලැබීය.එලෙස පාර්ලිමේන්තු මැතිවරනය කල් දැමීමත් සමග පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බවට පක්ශව සහ විපක්ශ මත පසුගිය දින වල මාධ්‍ය මගින් අපට දැකගන්නට හැකි විය.

    මෙවැනි පසුබිමක් තුල “කරූගේ කතාවට සුමන්තිරන් කිපෙයි” යන සිරස්තලය යටතේ පුවතක් මව්බිම පුවත්පතේ වාර්තා කර තිබුනි.එම පුවත්පතට සම්බන්ධ වෙබ් අඩවියේ ද මෙම පුවත පලකර තිබිනි.එම පුවත සමාජ මාධ්‍ය තුලද හුවමාරු වන අයුරුද මෙහිදී අපට දැකගන්නට තිබුනි.

    මෙම පුවත මව්බිම මුද්‍රිත කලාපයේ මුල් පි‍ටුවේ පලවූයේ පහත පරිදිය.

    Original LinkArchived LinkEpaper

    එය සමාජ මාධ්‍ය ඔස්සේද මෙසේ හුවමාරු වී තිබුණි.

    FB Link Archived Link

    කරු ජයසූරිය මහතා සහ  සුමන්තිරන් මහතා අතර සිදුවූවා යැයි කියන ප්‍රකාශය නිවැරදි නොවන බවට මත පලවීම හේතුවෙන් මෙහි සත්‍යතාවය පිලිබඳව  කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානයට යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    මේ පිලිබඳව පුවත්පතේ සටහන් වීමත් සමඟම එදිනම මේ පිලිබඳව ප්‍රකාශයක් නිකුත් කිරීමට කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය පියවර ගෙන තිබුනා.

    එමෙන්ම මෙම පුවත වැරදි පුවතක් බව කරූ ජයසූරිය මහතාගේ ෆේස්බුක් ගිනුම තුලින්ද ඔහු තහවුරු තිබුණේ මෙලෙසිනි.

    “”කරුගේ කතාවට සුමන්තිරන් කිපෙයි” යන සිරස්තලය යටෙත් 2020.04.28 වන දින ජාතික පුවත්පතක පළමු පිටුවෙහි සදහන්ව ඇති පුවත සම්පූර්ණෙයන්ම සාවද්‍ය හිතාමතාම ගොතන ලද පුවතක් බව අවධාරණය කරමු.

    කරු ජයසූරිය මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්ගඒ සුමන්තිරන් මහතා අතර උක්ත ප‍්‍රවෘතියේ සදහන් ආකාරයේ සංවාදයකක් කිසිදු අවස්ථාවක දුරකථනෙයන් හෝ සම්මුඛව සිදු වී නොමැත.

    ජාතික පුවත්පතක මෙවන් කිසිදු පදනමක් නොමැති නිර්මාණය කරන ලද පුවත් දිගින් දිගටම පළ කිරීමේ අරමුණ කුමක්ද යන්න වටහා ගත නොහැකි නමුත්, එය ජනමාධ්‍ය විසින් ආරක්ෂා කළ යුතු අවම සදාචාරය පවා කෙළෙසන සුළු තත්වයක් බව කණගාටුවෙන් පෙන්වා දෙමු.

    කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය”

    https://www.facebook.com/karujayasuriya/photos/a.793155977363058/4147285168616772/?type=3&__xts__%5B0%5D=68.ARCKHe4f9Bmqwkmj9g0ZVrV4ZgqOd8B-cET_so-oVEO2BL3lRsQ2HKkGwMKca7M0qK1t_wF-3-aLvs6y3jDF-ujSpM-mAzAB_2iuCFKCCk1TbHJLIr_NLLbX7leCrJQV28cYMJf6AP0racxcjM_MXZiPVxi6c-6yr650Y-TzT9XGXw_tiYhdBinoDGryql3T0J2nO4wiMEsxK9ATo6-ujAIgnaepigxQumMM1hmPW6-KQvQLWD4MIQEetr4z4fgSOig55fal3pcSUH-MV0LNgy0rVAy9kE9bnJE-RDqGClrBoX5GnXaZg1mmCsJfN5jd9tye9FdhjR1CEGqFlFGeHhngvw&__tn__=-R

    එසේම ඒ පිළිබඳව කරුණු විමසීම සඳහා සුමන්තිරන් මහතාව සම්බන්ධ කරගත් විට ඔහු විසින්ද එම පුවත්පත දක්වන ආකාරයේ කිසිදු සිද්ධියක් සිදු නොවූ බව තහවුරු කර සිටියා.

    පුවත්වර්තාකරණය පිලිබඳ විමර්ශනය සිදුකරන Ethics Eye විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පළකර තිබෙනු දක්නට ලැබුණි.

    “සියලුම පාර්ශවයන්ගේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගැනීමේදී, මව්බිම පුවත්පත මෙහිදී සාවද්‍ය පුවතක් පළ කිරීම ඔස්සේ මාධ්‍ය ආචාර ධර්මයන් උල්ලංඝනය කොට ඇති බව අපට වටහා ගැනීමට සිදුවේ. යම් හෙයකින් මව්බිම පුවත්පත තමන් පළ කළ පුවත නිවැරදිය යන ස්ථාවරයේ පිහිටා සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුවේ. එසේත් නැතිනම් සාවද්‍ය පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට කණගාටුව ප්‍රකාශ කිරීම ඔවුන්ට මීලඟට ගත හැකි ක්‍රියාමාර්ගයයි. ඔවුන් එම ආචාර ධාර්මික ක්‍රියාමාර්ගයන්ගෙන් එකක් ගනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු”

    එම සම්පුර්ණ සටහන පහතින්.

    https://www.facebook.com/ethicseye/photos/a.234027673618964/1132661350422254/?type=3&__xts__%5B0%5D=68.ARBSLJtlkX8ch4XAxwnkJVrxMbCVPDCIUmLhQTcrMm6WoGTRDLpjsdThf7iEbcnJmyZbLHcSOaMLc-EdI1Z3bVlpHxOtlSUIAvVTRdmy7tHWQB_O93COsu0tJrAoXdL5JxAuxJ2Z6SiXcz1BCt82pyRSLVzD1By3kQqZbzZUOFfzv0RXh8wy96p16Z30BMdutXk34LXT5iMPUeJu6s_3hYJEYzJc6gQ26g7htBt_w_ACrd7_xKMkbgzJTDdIvXKceDVav1uMfs1AT6CAwTlBZCM21apaIOgfR5ST-EB_XauwYqCv4tEWHoOifXvs3SsqjsenfTGELvTW6v09YGoh6vsAsQ&__tn__=-R

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව ගත් කල මව්බිම පුවත්පත මගින් අප්‍රේල් 28 වන දින “කරුගේ කතාවට සුමන්තිරන් කිපෙයි” යන සිරස්තලය යටතේ පළවූ පුවත අසත්‍ය මෙන්ම ජනතාව නොමග යවන ආකාරයේ පුවතකි.එහි සඳහන් වන පරිදි කිසිඳු සාකච්ඡාවක් කරූ ජයසූරිය සහ සුමන්තිරන් මහතා අතර සිදුවුයේ නැති බව දෙපර්ශයවම ප්‍රකාශ කර සිටින අතර මෙම පුවතට මුල්වූ කිසිඳු මුලාශ්‍රයක් ලබදීද නොමැත.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:“කරුගේ කතාවට සුමන්තිරන් කිපෙයි” යන සිරස්තලය යටතේ මුලාශ්‍ර රහිතව පළවූ සාවද්‍ය පුවතක්

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.