Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ගල්ගමුවේ කාවන්තිස්ස හස්තියා හොරොව්පතාන වෙත ගෙන යාමේ සුදානමක් නොමැත!

    2020-09-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ දළ ඇතුන් සිටින්නේ සීමිත ප්‍රමාණයකි. මිනිස් ක්‍රියාකාරකම් නිසා අලි ඇතුන් කිහිපදෙනෙකුම පසුගිය කාලයේ දී මරණයට පත්වූ බවට වාර්තා විය. වනජීවී දෙපාර්තමේන්තුව සහ බලයේ පවතී ආණ්ඩු කිසිවක් අලි ඇතුන් සුරැකීමට නිසි පියවර නොගැනීම පිලිබඳ කතාබහක් සමාජ මාධ්‍ය ජාල ව

    ලංකාවේ දළ ඇතුන් සිටින්නේ සීමිත ප්‍රමාණයකි. මිනිස් ක්‍රියාකාරකම් නිසා අලි ඇතුන් කිහිපදෙනෙකුම පසුගිය කාලයේ දී මරණයට පත්වූ බවට වාර්තා විය. වනජීවී දෙපාර්තමේන්තුව සහ බලයේ පවතී ආණ්ඩු කිසිවක් අලි ඇතුන් සුරැකීමට නිසි පියවර නොගැනීම පිලිබඳ කතාබහක් සමාජ මාධ්‍ය ජාල වලද විශාල වශයෙන් දැකගන්නට ලැබුණි 

    දැනට ලංකාවේ ජීවත් වන විශාලතම ඇතා ලෙස සැලකෙන “ගල්ගමුවේ කාවන්තිස්ස” නම් ඇතෙකු හොරව්පතාන වන අලි මධ්‍යස්ථානයට ගෙන යාමට සූදානම් වන බවට සටහනක් ෆේස්බුක් පිටු රැසක පසුගිය දා ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

    LinkArchived Link

    දැනට අපේ රටේ ජීවමානව ඉන්න දැවැන්තම හස්තියා වන “ගල්ගමුවේ කාවන්තිස්ස හස්තියා” හොරොව්පතාන අලි සිර කඳවුරට ගෙනයාමට බලධාරීන් සුදානම් වෙයි!” යන තේමාව යටතේ ගල්ගමුවේ කාවන්තිස්ස හස්තියාගේ ජීවිතය වෙනුවෙන් හඬක් නගන්න යනුවෙන් සටහන් රැසක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් විශාල සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබූනේ මෙලෙසින්

    එමෙන්ම මෙම අදහසම දෙන සටහන් විවිධ අයුරින් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය

    LinkArchived Link

    වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මින් පෙරද අලි ඇතුන් මෙන්ම වෙනත් සතුන් ද ප්‍රවාහනයේ දී මියගොස් තිබූ බැවින්, මේ පිළිබඳව බලවත් විරෝධතාවයක් පල කරමින් ප්‍රතිචාර හිමිවී තිබුණු බැවින් මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා මෙම පුවත වාර්තා වී ඇති ආකාරයක් දැකගැනීමට නොහැකි වූ බැවින් මෙම සටහන් පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. ගල්ගමුවේ කාවන්තිස්ස නම් ඇතාව හොරොව්පතාන වන අලි මධ්‍යස්ථානය වෙතට ගෙන යාමට කිසිදු අදහසක් නොමැති බවත්, එහෙත් මිනිසුන් හතර දෙනකු මරා දැමූ අලියකු නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයෙන් ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එහි කඳවුරු බැඳගෙන සිටි බවත්, එහි ප්‍රධාන මාධ්‍ය නිලධාරිනිය අපට අවධාරණය කළාය.  ඒ පිළිබඳව ඔවුන් පළකර තිබු සටහනක් පහතින්

    වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ “මෙවැනි ආකාරයේ කිසිදු තීරණයක් ගෙන නොමැති අතර, පහත පළවන්‍‍නේද මේ දිනවල ආණ්ඩුව  ඉලක්ක කර ගනිමින් විපක්ෂ හිතවාදීන් විසින් ගෙන යනු ලබන අවලාද රැල්ලේම දිගුවක් වන අතර මෙවැනි බංකළොත් ක්‍රියා මගින් ජනතාව නොමග යැවීමට දරණ උත්සහය පිළිබඳව අප විපක්ෂයේ සමාජ ජාල ක්‍රියාකරුවන්ට කණගාටුව පළකරමු” යන කථංගය සමග හොරව්පතාන වන අලි මධ්‍යස්ථානයට,  ගල්ගමුවේ කාවන්තිස්ස හස්තියා ගෙන යන බවට සමාජ මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත් වන සටහන් සාවද්‍ය බව දක්වා තිබු සටහනක් නිරීක්ෂණය විය.

    LinkArchived Link

    එසේම මෙම ඇත්රජු අල්ලා හොරව්පතාන වන අලි මධ්‍යස්ථානයට ගෙන යාමට සූදානම් වන බවට ෆේස්බුක් පිටු රැසක ඉදිරිපත්ව තිබූ සටහන් මේ වන විට ඉවත් කරගෙන ඇති බවද අපට නිරීක්ෂණය විය.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් “ගල්ගමුවේ කාවන්තිස්ස” ඇත්රජු හොරව්පතාන වනඅලි මධ්‍යස්ථානයට ගෙන යාමට කිසිදු සැලැස්මක් හෝ අදහසක් මේ වන තෙක් නොමැති බව පැහැදිලි විය

    එබැවින් ගල්ගමුවේ කාවන්තිස්ස ඇත්රජු හොරව්පතාන වනඅලි  මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කිරීමට සුදානම් බව දක්වමින් ෆේස්බුක් ජාලයේ පළ වන සියලු සටහන් අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.