Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පුස් පැටවකු පාගා මරාදැමු කාන්තාවට ලබාදුන් දඬුවමක වීඩියෝවක් නොවේ.

    2020-05-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දැනට සති කිහිපයකට පෙර මැලේසියාවේ යයි පැවසුනු කාන්තාවන් දෙදෙනකු අමානුෂික ලෙස පුස් පැටවකු පාගා මරා දමන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. එම වීඩියෝවට හෙළා දකිමින් සියලුදෙනාම වාගේ සටහන් ඉදිරිපත් කර තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණු අතර

    දැනට සති කිහිපයකට පෙර මැලේසියාවේ යයි පැවසුනු කාන්තාවන් දෙදෙනකු අමානුෂික ලෙස පුස් පැටවකු පාගා මරා දමන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. එම වීඩියෝවට හෙළා දකිමින් සියලුදෙනාම වාගේ සටහන් ඉදිරිපත් කර තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණු අතර පසුව සිදුව තිබු කරනු අනාවරණ වලදී එම සිද්ධිය ඇත්ත වශයෙන්ම මැලේසියාවේ නොවූ අතර මීට වසර කිහිපයකට පෙර සිද්ධියක් බවද පෙන්වා දී තිබුණා.

    මේ අතර මැයි මස 11 වන දින “පූසව පාගලා මරපු ගෑනීට දීලා තියන දඩුවම” යන තේමාව යටතේ වීඩියෝවක් බොහෝ දෙනෙක් අතර සංසරණය වී තිබුණා. එම වීඩියෝව පහතින්.

    LinkArchived Link

    මෙම වීඩියෝව බොහෝ පිරිස් හුවමාරු කරගෙන තිබුනේද මෙලෙසිනි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත වීඩියෝව අධ්‍යනය කිරීමට ප්‍රථම මෙසේ කාන්තාවන් දෙදෙනකු විසින් පූස් පැටවකු පාගා මරා දමන දර්ශන ඇතුළත් වීඩියෝව පිළිබඳ විමර්ශනය කිරීමේදී අපට දැන ගන්නට ලැබුණු එය මැලේසියාවේ දී බොහෝ ලෙස පසුගිය දිනවල දී කතාබහට ලක් වුවද ඇත්ත වශයෙන්ම මීට වසර පහකට පමණ පෙර පළවූ වීඩියෝවක් බවයි.

    FB LinkWorldofbuzzVegannewssnow

    එහි කරුණු දක්වා තිබු පරිදි 2015 වසරේ දකුණු ඇමරිකානු රටක් වන හොන්ඩුරාස් හි නාලිකාවක් විසින් අනාවරණය කර තිබුණේ මෙම වීඩියෝ පටය මෙවැනි අහිංසක සතුන් පාගා මරා දමන කාන්තාවන්ගේ වීඩියෝ පට පටිගත කරන කණ්ඩායමක් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබූ බවත් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ලබා ගන්නා ලද බවත්ය.

    මෙන්න කුරිරු සත්ව හිංසනයට දායක වූ කාන්තාවන් දෙදෙනා පිළිබඳව සොයා බැලීමේදී සත්ව හිංසනයට විරුද්ධව හඬ නගන සංගම් රැසක් විසින් මෙම කුරුරු හිංසනයට විරුද්ධව හඬ නගා තිබෙනු දැකගන්නට ලැබුණා.

    Google Link

    පහත ඡායාරූපයේ දැක්වෙන්නේ එම කාන්තාවන් දෙදෙනාය.

    කෙසේ වෙතත් ඉහත වීඩියෝ පටයේ දැක්වෙන කාන්තාවක් හා සම්බන්ධ සිද්ධිය පරික්ෂා කිරීම සඳහා අප ඇය ඇතුළත් වීඩියෝවෙන් ලබාගත් ඡායාරූපයක් පරීක්ෂා කළෙමු. එය ඇත්ත වශයෙන්ම 2017 වසරේදී කාන්තාවකට ඇගේ හිටපු පෙම්වතා කුරිරු ලෙස පහර දුන් අවස්ථාවක් බව දැනගන්නට ලැබුනා. එම සිද්ධියට අදාළ වීඩියෝව පහතින්.

    Link

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ කෘෘර ලෙස පුස් පැටවකු පාගා මරා දැමීමේ සිද්ධිය මීට වසර පහකට පමණ පෙර සිදු වූ අතර එයට අදාල කාන්තාවන් දෙදෙනාට දඬුවම් ලබාදී ඇති බවයි. එසේම ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ 2017 වසරේදී කාන්තාවකට ඇගේ හිටපු පෙම්වතා සිදුකළ පහරදීමකට සබැඳි දර්ශන පෙළකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.