Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඇමරිකාවේ ධවල මන්දිරය වැටලු බව පෙන්වන බවට හුවමාරු වූ සාවද්‍ය වීඩියෝවක්!

    2020-06-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කළු ඇමෙරිකානු ජෝර්ජ් ෆ්ලොයිඩ්, සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ කිරිරු හින්සංයය හමුවේ අවාසනාවන්ත ලෙස මිය යාමේ සිද්ධිය වාර්තාවීමත් සමගම ඇමරිකාව පුරා වර්ගවාදයට එරෙහි කැරලි රැසක් ඇති වූ අතර සියලු ජන කොටස් මෙන්ම නිලධාරීන්ද මෙම උද්ඝෝෂණ වලට එකතු වී තිබුණි. මෙහිද

    කළු ඇමෙරිකානු ජෝර්ජ් ෆ්ලොයිඩ්, සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ කිරිරු හින්සංයය හමුවේ අවාසනාවන්ත ලෙස මිය යාමේ සිද්ධිය වාර්තාවීමත් සමගම ඇමරිකාව පුරා වර්ගවාදයට එරෙහි කැරලි රැසක් ඇති වූ අතර සියලු ජන කොටස් මෙන්ම නිලධාරීන්ද මෙම උද්ඝෝෂණ වලට එකතු වී තිබුණි. මෙහිදී ඇතැම් කැරලිකරුවන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් දේපළ හානි ද සිදු වූ බවට වාර්තා වූ අතර පොලිසිය සහ කැරලිකරුවන් අතර ගැටුම් තත්ත්වයන් ද ඇතිවිය.

    මෙවන් පසුබිමක හුවමාරු වූ වීඩියෝවක සඳහන් වූයේ ඇමරිකාවේ ධවල මන්දිරය කැරලිකරුවන් විසින් වටකළ අයුරු යනුවෙනි. WhatsApp හරහා මුලින්ම හුවමාරු වී තිබු මෙම වීඩියෝව ෆේස්බුක් පරිශීලකයින් අතරේද හුවමාරු වී තිබුණි.

    “අවකාශය Avakashaya” නම්වූ ෆේස්බුක් පිටුවක “ධවල මන්දිරය වටලයි 👇 සජිවි දසුන්” යන තේමාව යටතේ හුවමාරු කර ගෙන තිබු වීඩියෝව මෙසේය.

    LinkArchived Link

    මෙම වීඩියෝවේ දර්ශන ඇමරිකාවේ ධවල මන්දිරයේ නොවන බව අපගේ විමර්ශනයෙන් පැහැදිලි විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිලිබඳ විමර්ෂණය කිරීමේදී පෙළපාලිකරුවන් ධවල මන්දිරය ඇත්ත වශයෙන්ම වැටලීම හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පොළොව යට බංකරයකට ගෙන ගිය බව පසුගිය මැයි මස විසි නව වැනිදා වාර්තා වී තිබුනද වීඩියෝවේ පෙන්වන ගොඩනැගිල්ල ඇමෙරිකානු ධවල මන්දිර ගොඩනැගිල්ල නොවන බව අපට පහත පරිදි සංසන්දනය කිරීමේ දී දැක ගැනීමට හැකි විය.

    මෙම වීඩියෝ පටයේ ඡායාරූප විමර්ෂණය කිරීමේදී හෙළි වූයේ මෙම ගොඩනැගිල්ල ඔහියෝ හි කොලොම්බස් හි පිහිටි ඔහියෝ රාජ්‍ය ගොඩනැගිල්ල බවයි. ඒ පිලිබඳ පුවත් වාර්තා කිහිපයක්ද හමුවූ අතර Newsweek වාර්තාවකට අනුව, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් මැර පිරිසක් විසින් මැයි 28 වන බ්‍රහස්පතින්දා ඔහියෝ රාජ්‍ය මන්දිරයේ ජනේල කිහිපයක් කඩා දමා ඇමරිකානු ධජ පුළුස්සා දමන ලද බව වාර්තා වී තිබුණි. කොලොම්බස් හි සිද්ධියේ වීඩියෝ වාර්තාවක් මෙසේය.

    මෙම වැරදි ප්‍රකාශය ලොව විවිධ ප්‍රදේශවලද පලවී තිබු අතර Factcrescendo ආයතනය විසින් ඉංග්‍රීසි බසින් මේ පිලිබඳ සිදුකල අනාවරණය මෙසේය. 

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ඇමරිකාවේ කොලොම්බස්හි, ඔහායෝ රාජ්‍ය මන්දිරය (Ohio Statehouse, Columbus) ඉදිරිපිට සිදුවූ සිදිධියක් ඇමරිකාවේ ධවල මන්දිරය (White House) වැටලීමක් ලෙස පෙන්වා දී ඇති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.