Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කටුවාපිටිය පල්ලියේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඡායාරුපයක් නොවේ!

    2020-04-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    2019 මාර්තු මස 21 වැනි පාස්කු ඉරුදින ආගමික ත්‍රස්තවාදීන් විසින් කිතුණු ආගමික සිද්ධස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද කුරිරු ප්‍රහාරයෙන් ජීවිත රැසක් විනාශ වූ අතර රටේ ආර්ථිකයටද මරු පහරක් වැදිනි. මෙයින් බරපතලම ප්‍රහාරය එල්ල වූයේ කටුවාපිටිය ශා

    2019 මාර්තු මස 21 වැනි පාස්කු ඉරුදින ආගමික ත්‍රස්තවාදීන් විසින් කිතුණු ආගමික සිද්ධස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද කුරිරු ප්‍රහාරයෙන් ජීවිත රැසක් විනාශ වූ අතර රටේ ආර්ථිකයටද මරු පහරක් වැදිනි. මෙයින් බරපතලම ප්‍රහාරය එල්ල වූයේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයටය. මෙම ප්‍රහාරය නිසා සීයයකට අධික බැතිමතුන්ට ජීවිත අහිමි වූ අතර තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබීය. 

    එම ප්‍රහාරයෙන් පසුව මාස විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව අලලා වෛරී ප්‍රකාශ රැසක් මෙන්ම එම ප්‍රහාරවලට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ ප්‍රමාදය පිළිබඳ සටහන් රැසක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණි. ප්‍රහාරය සිදුවී වසරක් නික්ම ගොස් ඇති මෙම අවස්ථාවේ “හරියටම 21 වැනිදාට අවුරුද්දක්( මේක post කරන්නෙ 20 රෑ 10.26ට) ඉතුරු කතාව ඔබම හිතා ගන්න.” යන තේමාව යටතේ දේවස්ථානයක පුටු මත ඇඳුම් එලා තිබූ දර්ශනයක් සහිතව එම අදුරු දිනය පිළිබඳව සටහනක් මෙසේ පළවී තිබෙනවා දැක ගැනීමට හැකි විය.

    FB LinkArchived Link

    මෙම ත්‍රස්ත ප්‍රහාරයට වසරක් පිරීම නිමිත්තෙන් Crimenews නමැති දමිළ බසින් වූ ෆේස්බුක් පිටුවක මෙවැනි සටහනක් ද දක්නට ලැබුණි

    Link1Archived Link2

    මෙම පල්ලියේ දර්ශන පෙළ රැගත් සටහන් 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව ද හුවමාරු වී තිබූ බැවින් ඒ පිළිබඳව සෙවීමක් සිදුකිරීමේදී සටහන් රැසක් මෙසේ දැක ගැනීමට හැකි විය

    “Clothing of the victims of the bomb blast in Katuwapitiya in the church in Srilanka on April 14, 2019 on chairs” සිංහල අරුත:- අප්‍රේල් 14 දින කටුවාපිටිය පල්ලියේ බෝම්බ ප්‍රහාරයෙන් අන්ත්‍රා වූ අයගේ ඇඳුම් ඒ ආකාරයෙන්ම පුටු මත තබන ලදී.” නැමැති තේමාවෙන් යුක්ත වූ ෆේස්බුක් සටහන් කිහිපයක් එසේ ඉදිරිපතිවී තිබුණි . 

    LinkArchived Link
    Link1Link2
    Archived Link1Archived Link2

    මෙම සටහන් සියල්ලන් සියල්ලන්ම සියල්ලකම පාහේ පෙන්වා දී තිබුණේ කටුවාපිටිය පල්ලියේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස සිහිකරමින් ලබාගත් ඡායාරූපයක් යනුවෙනි

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම ඡායාරූපය ඉතා සමීපව අධ්‍යයනය කිරීමේදී එහි දක්වන දේවස්ථානයේ ඇතුළාන්තය කටුවාපිටිය දේවස්ථානයේ ඇතුලාන්තයට සමාන නොවන බව අපට නිරීක්ෂණය විය. අනතුරුව ඡායාරූපය පිළිබඳව සත්‍යය සෙවීමට අප එය google reverse image සෙවුමකට යොමු කරන ලදි. එහිදී අපට මෙම ඡායාරූපය සමඟ සමාජ මාධ්‍ය ජාලා මෙන්ම මුද්‍රිත මාධ්‍යයන්හි පළවු විවිධ සටහන් රාශියක් දැකගැනීමට හැකි විය.

    2012 වසරේ fubiz.net. වෙබ් අඩවියේ “150 Invisible People Installation in a Church”. සිරස්තලයෙන්වු වාර්තාව වෙත අවධානය යොමුවිය.

    මෙම සටහන් නිරීක්ෂණය කිරීමේදී සනාථ වුයේ මෙය 2012 වර්ෂයේ ජූනි මස ස්විට්සර්ලන්තයේ බේසල් නගරයේ  පැවැත්වූ Art 43 Basel: Art Parcos Night සඳහා කියුබානු කලාකරුවන්ගේ එකමුතුවක් වන LOS CARPINTEROS විසින් “150 Invincible People”තේමාව යටතේ ඉදිරි පත් කර ඇති නිර්මාණයක් බවයි.

    LinkArchived Link

    ෆේස්බුක් සටහන් වල ඉදිරිපත් කර තිබූ ඡායාරූප සහ fubiz.net වෙබ් අඩවියේ වූ ඡායාරූප සමඟ සංසන්දනය කිරීමේ දී ඒවා එකම ඡායාරූපයක් බවට තහවුරු විය.

    YouTube චැනලයේද ස්විට්සර්ලන්තයේ බේසල් නගරයේ පැවැත්වූ Art 43 Basel: Art Parcos Night පිළිබඳවවු විඩියෝ පටයේද මෙම කියුබානු කලාකරුවන්ගේ නිර්මාණය නිරීක්ෂණය විය.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ෆේස්බුක් පිටුවල අන්තර්ගතව තිබූ ඡායාරූප  කටුවාපිටිය පල්ලියේ බෝම්බ ප්‍රහාරයෙන් මියැදුණ අයගේ ඇඳුම් ඒ ආකාරයෙන්ම පුටු මත ඇති ඡායාරූයක් හෝ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පල්ලියක් ආශ්‍රිත ඡායාරුපයක් නොවන අතර ස්විට්සර්ලන්තයේ බේසල් නගරයේ පැවැත්වූ Art 43 Basel: Art Parcos Night කලා ප්‍රදර්ශනය සඳහා කියුබානු කලාකරුවන්ගේ එකමුතුවක් වන LOS CARPINTEROS විසින් “150 Invicible People”තේමාව යටතේ ඉදිරිපත් කර ඇති කලාත්මක නිර්මාණයක ඡායාරූයක් බවයි.

    එබැවින් “කටුවාපිටිය පල්ලියේ බෝම්බ ප්‍රහාරයෙන් අන්ත්‍රා වූ අයගේ ඇඳුම් ඒ ආකාරයෙන්ම පුටු මත තබන ලදී.” තේමාව යටතේ ඉදිරිපත් කර ඇති ෆේස්බුක් සටහන් සම්පුර්ණයෙන් සාවද්‍ය සහ නොමඟ යවනසුළු සටහනක් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-04-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.