Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check :ජපානයේ පැරණි ඡායාරූපයක්, ලොව විවිධ නගර වසා දැමීමත් සමගම නිදහසේ සැරිසරන මුවන් ලෙස පෙන්වා දීමකි!

    2020-04-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් සිය ජනතාව නිවාස වලට සීමා කර ඔවුන්ගේ දේශසීමා වසා දමා, ගුවන් නාවික සහ ගොඩබිම ගමන් නවතා දමා ඇත. එමනිසා ගෝලිය දුෂණය  විශාල වශයෙන් පහත වැටී ඇති බව වාර්තා විය. චන්ද්‍රිකා මගි

    කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් සිය ජනතාව නිවාස වලට සීමා කර ඔවුන්ගේ දේශසීමා වසා දමා, ගුවන් නාවික සහ ගොඩබිම ගමන් නවතා දමා ඇත. එමනිසා ගෝලිය දුෂණය  විශාල වශයෙන් පහත වැටී ඇති බව වාර්තා විය. චන්ද්‍රිකා මගින් ලබා ගත් ඡායාරූප මගින්ද මේ බව තහවුරු වී තිබිණි. මිනිස් ක්‍රියාකාරීකම් අඩුවීම නිසා වන සතුන් ද නිදහසේ කාලය ගත කරන බවට ද වාර්තා ලොව නොයෙකුත් ප්‍රදේශවලින් දක්නට ලැබුණි. 

    “ ඊයේ දිනයේ තිස්සමහාරාම නගරයේ ඇදිරිනීතියේ සුවය නිදහසේ විදින සතුන්” තේමාවෙන් නගර වීදියක සුවසේ ලැග සිටින මුව රංචුවකගේ සේයාරුව සහිතව සටහනක් සුගන්ධා සම්පත් නැමැති ෆේස්බුක් ගිණුමක් හරහා ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. 

    LinkArchived Link

    ඉහත ඡායාරූපයේ විදියේ විස්තර නොපෙනෙන ලෙස ආවරණ කර තිබෙනුද දක්නට ලැබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් දෙදහස් හයසියයකට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණු මෙම සටහනට ප්‍රතිචාර විශාල සංඛ්‍යාවක් හිමි වී තිබු අතර මෙය ජපානයේ ඡායාරුපයක් බවද යෝජනා වී තිබුණි.

    තවද මෙම සේයාරුවම  දමිල භාෂාවෙන් රැගත් සටහනක් එය උත්තර ශ්‍රී ලංකාවේ චාවකච්චේරි නගරයේ වීදියක් බව දක්වා තිබූණි. එමෙන්ම තවත් සටහනක එය මදුරෙයි නගරයේ වීදියක් ලෙස දක්වා තිබුණි. 

    Link1Link2
    Archived Link1Archived Link2

    එබැවින් මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය. 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම මුවන් රැළ රංචුව සිටින සේයාරුව google reverse image සෙවීමට යොමු කළෙමු. මෙම සේයාරුව අන්තර්ගත කර තිබූ වාර්තා මෙන්ම සමාජ මාධ්‍ය ජාල සටහන් රාශියක් අන්තර්ජාලය තුල තිබෙනු දක්නට ලැබුණි.

    අන්තර්ජාලයේවු බොහෝ වාර්තා පවසා තිබුණේ මෙය ජපානයේ නාරා නගරයේ දර්ශනයක් බවය. එම නගර උද්‍යානයක සිටින මුවන් නගර වීදියට පැමිණීම සංචාරක ආකර්ශනයක් ලෙස දක්වා තිබුණි

    තව දුරටත් විමර්ශනය කිරීමේදි Amazing Oasis නමැති ෆේස්බුක් පිටුව 2018 ජනවාරි මස මෙම සේයාරුව භාවිතා කරමින් “The Japanese city of Nara is renown for its deer” ( ජපානයේ නාරා ප්‍රදේශය මුවන් සඳහා ප්‍රසිද්ධය) යන තේමාවෙන් ඉදිරිපත් කර තිබු සටහනක් නිරීක්ෂණය විය.

    LinkArchived Link

    ට්විටර් පණිවුඩ ජාලයේද නාරා නගරයේ මුවන් පිළිබඳව සටහන් රැසක් දක්නට ලැබුණි.

    සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඡායාරුපය සහ ජපානයේ නාරා නගරයේ ඡායාරූපයේ සංසන්දනයක් පහතින්

    තවදුරටත් කළ කරුණු විමර්ශනයේදී අපගේ සහෝදර ආයතනය දමිළ බසින් කළ කරුණු විමර්ශනයක් ඇතුළු විමර්ශන කිහිපයක්ම නිගමනය කර තිබුනේද මෙය ජපානයේ නාරා නගරයේ වීදියක දර්ශනයක් බවය.

    එසේම ත්‍රිකුණාමලය නගරයේ මුවන් සැරිසරන දර්ශන ඇතුළත් රූප රාමු පෙළක් Mangalanath Liyanaarachchi විසින් පසුගියදා මෙසේ මෙසේ පළ කර තිබෙනුද ද අපට දැක ගන්නට ලැබුණා. එහි තිබෙන ඡායාරූප යොදාගනිමින් සටහන් කිහිපයක්ම හුවමාරුවෙන ද අපට දැක ගන්නට ලැබුණා

    https://www.facebook.com/mangalanath.liyanaarachchi/posts/3098085056889748

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මෙම ඡායාරූපය ඇත්ත වශයෙන්ම 2018 වසරේදී ජපානයේ නාරා නගරයේ මුවන් විදියකට පැමිණි විට ගන්නා ලද ඡායාරූපටක් බවය. 

    එබැවින් මෙම මුවන් සිටින ඡායාරූපය ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල වීථියක, කොරෝනා ව්‍යසනය හේතුවෙන් ඇඳිරිනීතිය මධ්‍යයේ අදාළ නගරවල සැරිසරන මුවන් රංචුවක් ලෙස පළකර ඇති නොමඟ යවනසුළු සටහන් බවට නිගමනය කරමු

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-04-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.