Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අලුත් මුහුණුවරකින් බදුලු A/C train එකක් පසුගියදා ගමන් ආරම්භ කළාද ?

    2020-08-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකා දුම්රිය සේවාව මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර අගනුවර කේන්ද්‍ර කර ගනිමින් මෙන්ම විව්ධ නගර යා කෙරෙමින් මේ වන විට ක්‍රියාත්මක වෙනවා.සංචාරක කටයුතු ප්‍රවර්ධන උදෙසා දුම්රිය මගින් මහත් සේවාවක් සිදු වන අත ඒ අතරින් උඩරට මාර

    ශ්‍රී ලංකා දුම්රිය සේවාව මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර අගනුවර කේන්ද්‍ර කර ගනිමින් මෙන්ම විව්ධ නගර යා කෙරෙමින් මේ වන විට ක්‍රියාත්මක වෙනවා.සංචාරක කටයුතු ප්‍රවර්ධන උදෙසා දුම්රිය මගින් මහත් සේවාවක් සිදු වන අත ඒ අතරින් උඩරට මාර්ගයේ පවතින දුම්රිය සේවාව දෙස් විදෙස් සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියයි.සංචාරකයන් ආකාර්ශනය කර ගැනීම උදෙසා මෙම දුම්රිය සේවාවට කලින් කලට විවිධ ප්‍රවර්ධන කටයුතු දුම්රිය සේවාවට එකතු කරන අතර පසුගිය සතියේ මුහුනු පොතේ හුවමාරු වුනු සටහනකින් කියවුනේ බදුල්ල කරා ගමන් ගැනෙන දුම්රියක් අලුත් මුහුනුවරකින් ගමන් ආරම්භ කල බවයි.එම සටහන පහත පරිදියි.

    Original LinkArchived Link

    කෙටි කාලයක් තුළ තුන්දහසකටත් අධික පිරිසක් අතර හුවමාරු වූ එම සටහනම පාදක කරගනිමින් තවත් බොහොමයක් ෆේස්බුක් පි‍ටු එම පුවත හුවමාරු කරගෙන තිබුනේ පහත පරිදියි.

    Original LinkArchived Link
    Original LinkArchived Link
    Original LinkArchived Link

    මෙම සටහන සමග එකතු කර තිබුනු ඡායාරූප පෙළ සුඛෝපභෝගී මැදිරියක ඒවා බවට දැකගන්නට තිබුනු අතර බොහෝ පිරිසක් මෙම සටහන් හුවමාරු කරගනිමින් ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට උනන්දු බවත් අපට නිරීක්ෂණය වුනා.එබැවින් මෙම කරුනේ සත්‍යතාවය පිලිබඳව කරුනු තහවුරු කරගැනීමට අප තීරනය කලා.

    Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

    මෙම කරුන පිලිබඳව සොයා බැලීමේදී අපට සොයා ගැනීමට හැකි වුනේ මෙම පුවතට අදාලව පල කර ඇති දුම්රිය ඇතුලත ඡායාරුප 2012 වසරේ රාජධානි එක්ස්ප්‍රස් නමින් ආරම්භ කල සුඛෝපභෝගී දුම්රිය සේවාවට අයත් ඒවා බවයි.ඒ සම්බන්ධව Rajadhani Express ෆේස්බුක් පිටුවේ පල කල සටහනක් පහතින් දැක ගත හැකියි.

    Link

    මෙම ඡායාරුප 2013 වසරේ පල කල බ්ලොග් අඩවියකද සටහන්ව තිබුනේ පහත අයුරින්.

    Link

    රාජධානි එක්ස්ප්‍රස් නමින් ආරම්භ කල මෙම දුම්රිය සේවාව දුම්රිය ප්‍රධාන ගමනාන්ත සඳහා ගමන් ගන්නා දුම්රිය මැදිරි කිහිපයක් නවීකරනය කර නවීන ලෙස සකස් කර පවත්වාගෙන ගොස් තිබුනා.ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත් blue line  නම් පුද්ගලික සමාගමත් එකතු මෙම සේවාව හඳුන්වා දී තිබුනා. කෙසේ නමුත් 2017 වසරේදි මෙම සේවාව නවතා දැමුනු අතර ඒ පිලිබඳව ඔවුන්  එම ෆේස්බුක් පි‍ටුවේ සටහනක් තබා තිබුනු අයුරු අදටත් දැකගත හැකියි. එය පහත පරිදියි.

    Link

    ඔවුන්ගේ නිල වෙබ් අඩවියේද එය පළකර තිබුනේ මෙලෙසින්

    මේ සම්බන්ධයෙන් පළවූ පුවත් වාර්තා පරීක්ෂා කිරීමේදී 2017 වසරේ පුවත් වාර්තා කිහිපයකම දක්වා තිබුනේ එක්ස්පෝ ලංකා හා රාජධානි එක්ස්ප්‍රස් යන පෞද්ගලික සමාගම් හරහා ක්‍රියාත්මක වූ දුම්රිය මැදිරි ධාවනය මඟින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත කොටි ගණනක අලාභයක් සිදුවී ඇති බවයි. 

    Lankadeepa | Silumina

    කෙසේ වෙතත් මෙහි වර්තමාන තොරතුරු දැනගැනීම සඳහා අප රාජධානි එක්ස්ප්‍රස් හි පළකර තිබු දුරකථන අංක හරහා ඔවුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එයින් කිසිඳු ප්‍රතිචාරයක් ලැබුනේ නැත. එබැවින් අප දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වූ අතර ඔවුන් අපට තහවුරු කර සිටියේද රාජධානි එක්ස්ප්‍රස් දුම්රිය සේවාවේ යළි ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් පිලිබඳව මේ වනතෙක් සැලසුම් කර නොමැති බවයි.

    Conclusion (නිගමනය)

    ඉහත කරුනු සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ අලුත් මුහුනුවරකින් බදුල්ල දක්වා ගමන් ඇරඹුවායැයි පවසමින් මුහුනුපොතට එකතු කර ඇති සටහන සම්පුර්ණයෙන්ම නොමඟ යවන සුළු සාවද්‍ය සටහනක් බවයි. එමෙන්නම එයට එකතු කර ඇති ඡායාරූපද 2017 වසරේ සම්පුර්ණයෙන්ම නවතා දමා තිබෙන රාජධානි එක්ස්ප්‍රස්ස් නම් දුම්රිය සේවාව ආරම්භක අවධියේදී ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගත් ඡායරූප පෙළක් බවත් තහවුරු විය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.