Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මගී ගුවන් යානයක් භාණ්ඩ ප්‍රවහාන යානයක් බවට පරිවර්තනය කිරීම නව නිෂ්පාදනයක් ලෙස පෙන්වාදීමක්!

    2020-06-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහනේ ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ දේශීය කර්මාන්ත නගා සිටුවීමටය. ඒ අනුව අකර්මන්‍යව හෝ වසා තිබු කර්මාන්ත ශාලා නැවතත්  නිෂ්පාදන ක්‍රියාවලිය අරඹා ඇති බවට වාර්තා වූ අතර දේශීය නිපයුම් මෙන්ම නව නිපයුම් අගයමි

    වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහනේ ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ දේශීය කර්මාන්ත නගා සිටුවීමටය. ඒ අනුව අකර්මන්‍යව හෝ වසා තිබු කර්මාන්ත ශාලා නැවතත්  නිෂ්පාදන ක්‍රියාවලිය අරඹා ඇති බවට වාර්තා වූ අතර දේශීය නිපයුම් මෙන්ම නව නිපයුම් අගයමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ සටහන්ද දක්නට ලැබුණි.

    “ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රථම වතාවට ලංකාවේ ගුවන් යානයක් නිපදවයි රට වසා තිබුණු කාලයේ මෙම භාන්ඩ ප්‍රවාහන ගුවන් යානය නිපදවා තිබෙනවා.” තේමාවෙන් Inoka S Jayasekara නමැත්තියක ඉදිරිපත් කර තිබු සටහනකට ප්‍රතිචාර රැසක් හිමි කර  ගනිමින් ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරනය වී තිබුණි. එයට හිමිවු ප්‍රතිචාර බොහොමයක් මෙම ගුවන් යානයක් නොවන බවට සඳහන් කර තිබුණද මෙම සටහන සැලකිය යුතු පිරිසක් අතර හුවමාරු වී තිබු බැවින් මේ පිළිබඳව කෙටි කරුණු විමර්ශනයක් කිරීමට අදහඩ් කළෙමු.

    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහනේ අන්තර්ගතව තිබු ගුවන් යානයේ ඡායාරූපය පරීක්ෂා කිරීමේදි, එය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවහාන යානයක් ලෙස දක්වා තිබීම නිසා අප ශ්‍රී ලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳව  ගූගල් සෙවීමක් කළෙමු. Daily Financial Times පුවත්පත “SriLankan Airlines supports exporters by converting passenger aircraft to full freighter” (අපනයනකරුවන්ට උපකාරි වීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය මගී යානයක් භාණ්ඩ ප්‍රවහාන යානයක් බවට පරිවර්තනය කරයි) සිරස්තලයෙන් වාර්තා කර තිබු පහත ප්‍රවෘත්තියට අපගේ අවධානය යොමුවිය.

    “කොරොනා වසංගත සමයේදී ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තවලට අඛණ්ඩව සහය දැක්වීමේ සහ ගෝලීය ආර්ථිකය සමඟ රට සම්බන්ධ කර ගැනීමේ ප්‍රයත්නයේ දී, ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය මගී ගුවන් යානයක් විශේෂිත භාණ්ඩ ගුවන් යානයක් බවට පරිවර්තනය කර තිබේ.

    වර්තමානයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේ ඉල්ලුම වැඩිවීම නිසා ඇතිවු ගෝලීය හිඟය මග හැරීමට සහ ගුවන් ප්‍රවාහන කර්මාන්තය අර්බුදයක පවතින කාලයක ගුවන් සමාගමේ ආදායම් ප්‍රවාහය ශක්තිමත් කිරීම සඳහා මගී ගුවන්යානයක්, භාණ්ඩ ප්‍රවහාන ගුවන් යානයක් බවට පරිවර්තනය කළ බව ශ්‍රී ලාංකික ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරාජ් මහතා පැවසීය

    යානය ප්‍රතිනිර්මාණය කිරීම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු කණ්ඩායම පැය 24 පුරාම වැඩ කළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිහිටි ගුවන් තොටුපළේ නඩත්තු අංශයේ සිදු කරන ලදී. නව මෙහෙයුම් වින්‍යාසය ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සහතික කර ඇත.

    පරිවර්තනය කරන ලද එයාර් බස් ඒ 330 ගුවන් යානය ජුනි මස 26 දින සිට පෙරදිග හා යුරෝපයේ ප්‍රධාන ගමනාන්ත වෙත සේවා ආරම්භ කරයි”

    LinkArchived LinkNewsfirstArchived

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල සන්නිවේදන මාධ්‍ය ඔස්සේ මෙම නව සේවාව පිලිබඳව “SriLankan Airlines supports export industries by converting passenger aircraft to full freighter” යන තේමාව යටතේ සටහන් පළවී තිබෙනු අපට දක්ගනන්ටද හැකිවුණා

    https://twitter.com/flysrilankan/status/1276047043698581509

    එසේම ශ්‍රීලන්කන් නිල පුවත් නිවේදනයේ දක්වා තිබු පරිදි මෙම ගුවන් යානය Airbus 330-200 වර්ගයේ වන අතර එය නිපදවනු ලබන්නේ ප්‍රංශයේ Airbus සමාගම විසිනි. Airbus 330

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ප්‍රංශයේ Airbus සමාගමේ මගී ගුවන් යානයක්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේ ඉල්ලුම වැඩිවීම නිසා, ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින්, භාණ්ඩ ප්‍රවහාන යානයක් බවට පරිවර්තනය කර ඇති බවයි.

    “ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රථම වතාවට ලංකාවේ ගුවන් යානයක් නිපදවයි රට වසා තිබුණු කාලයේ මෙම භාන්ඩ ප්‍රවාහන ගුවන් යානය නිපදවා තිබෙනවා.” තේමාවෙන් ඉදිරිපත් කර තිබෙන ෆෙස්බුක් සටහන සම්පුර්ණයෙන් අසත්‍ය සහ සාවද්‍ය ප්‍රවෘත්තියක් බව නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.