Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඡායාරූපයේ දැක්වෙන්නේ පිපිරීමෙන් පසු ඉහලට විසිවී ගිය මිනිසුන් නොවේ

    2020-08-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මැදපෙරදිග මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව පිහිටි රටක් වන ලෙබනනයේ, අගනුවර බේරූට් නගරයය. එහි වරායේ ගබඩාවක පසුගිය දා මහා පිපිරුමක් සමඟ සිදුවූ විනාශයට බොහෝදුරට හේතු වී ඇත්තේ අනාරක්ෂිතව ගබඩාකර තැබූ පුපුරන සුලු ද්‍රව්‍යවලට ගිනි ඇවිලීමක් බව අන්තර්ජාතික මාධ්‍ය හරහා වාර්

    මැදපෙරදිග මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව පිහිටි රටක් වන ලෙබනනයේ, අගනුවර බේරූට් නගරයය. එහි වරායේ ගබඩාවක පසුගිය දා මහා පිපිරුමක් සමඟ සිදුවූ විනාශයට බොහෝදුරට හේතු වී ඇත්තේ අනාරක්ෂිතව ගබඩාකර තැබූ පුපුරන සුලු ද්‍රව්‍යවලට ගිනි ඇවිලීමක් බව අන්තර්ජාතික මාධ්‍ය හරහා වාර්තා වී තිබුණද මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැත.  සියයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් කරමින් දහස් ගණනක් තුවාල කළ මෙම  ව්‍යසනය දෙස ලෝකයේම අවධානය යොමුවිය.

    මෙවන් පසුබිමක ඉලන්දාරියා නැමැති නැමැති ෆේස්බුක් පිටුවක “ඊයේ #ලෙබනන් පිපිරීම සමග මිනිසුන් ද #දැවී ඉහළ යන ආකාරය මේ #ජායාරූප වලින් දැක්වේ” තේමාවෙන් ඡායාරූප කිහිපයක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබිණි. මෙම ඡායාරූපයන්හි රතු දුම්වලාවක අපැහැදිළි ඡායාවන්වු අතර, ඒ ඡායාවන් පිපිරුම නිසා ඉහළට විසිවූ මිනිසුන් බව ඇඟවීමට තැත් කර තිබිණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් 2000ට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබූ මෙම සටහනට, හිමි වූ ප්‍රතිචාර රැසක් මහා පිපුරුමකදී මිනිසුන් කිසිවිටෙක මෙතරම් ඉහලට විසිවී යන බවක් සිදුවන්නේ නැති බව යෝජනා කර තිබීම නිසා මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉලන්දාරියා ෆේස්බුක් සටහනේ අන්තර්ගතව තිබූ කරුණු පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස ලෙබනනයේ සිදුවු පිපිරීම ගැන අන්තර්ජාලයේ පළවන වාර්තා සහ YouTube ජාලය ඉදිරිපත් කර ඇති වීඩියෝ පට නැරඹුවෙමු. Moustro Cafetero නැමැති ෆේස්බුක් පිටුවක් මෙම ඡායාරූප ම යොදා ගනිමින් ඉදිරිපත්කර තිබූ සටහනකට ප්‍රතිචාර 11,000 ට අධික සංඛ්‍යාවක් හිමි වී තිබෙන නිරීක්ෂණය විය. එහි වූ ප්‍රතිචාර සඳහන් කර තිබුණේ පිපුරුම් අත දී මිනිසුන් උඩට විසි විය නොහැකි නමුත් කැබලි වලට කැඩී හැම තැනම විසිරෙන බවය.

    LinkArchived Link

    එමෙන්ම ඉහත සටහනට ප්‍රතිචාර වශයෙන්  Noo, Son Aves Solamente (නැහැ, ඔවුන් කුරුල්ලන් පමණයි) තේමාවෙන් ඡායාරූපයක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබුණි. පිපිරිමෙන් පසු එය අවට පියාඹන පක්ෂීන් රැසක් එහි දක්වා තිබුණි.

    LinkArchived Link

    Beirut – Lebanon Explosion 14 Different Camera Angles: Footages of Massive Blast (බේරූට් ලෙබනනයේ පිපිරීම කැමරා කෝණ 14කින්) තේමාවෙන් YouTube ජාලයේ ඉදිරිපත් කර ඇති වීඩියෝ පටය නැරඹුවෙමු. එහි කිහිප ස්ථානයකදීම පක්ෂීන් පිපිරීම අතරතුර පියාඹන ආකාරයද දිස්විය.

    https://youtu.be/CtuQEhTVxyw?t=101

    එසේම මෙම පිපිරීම ඇසින් දුටු පුද්ගලයින් මේ පිළිබඳව සිදුකල විස්තර කිරීම් ඇතුළත් වීඩියෝ පට කිහිපයක්ද පරීක්ෂා කළෙමු. එහි කිසිවක මෙම පිපිරීමේදී මිනිසුන් මෙසේ උඩට විසිවී යන ආකාරයක් දිස්වූයේ නොමැති බව දන්වා සිටි බව දක්ගනන්ට ලැබුනු අතර වීදුරු ඇතුළු ගොඩනැගිලි වල කොටස් විසිදු බව දක්වා තිබුනා

    BBC | Aljazeera

    එසේම ඇතැම් අය පෙන්වා දී තිබුනේ මෙය රසායනික ද්‍රව්‍ය ගබඩා කල ස්ථානයක් නිසා එවැනි බහලුම් වල කොටස් ඉහළට විසිවී යාමක් ද සිදුවිය හැකිව තිබු බවයි.

    Conclusion (අවසාන නිගමනය)

    තදබල පිපිරිමකදි මිනිසුන් කැබලි වලට කැඩි විනාශවන අකර අහසට ඔසවනු නොලැබේ. අප විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කලබලයට පත් පක්ෂීන් අවට පියාඹන අන්දම කැමරාවට අසුවී ඇති ලෙසය. එබැවින් “ඊයේ #ලෙබනන් පිපිරීම සමග මිනිසුන් ද #දැවී ඉහළ යන ආකාරය මේ #ජායාරූප වලින් දැක්වේ” තේමාවෙන් ඉලන්දාරියා ෆේස්බුක් පිටුව ඉදිරිපත් කරඅති සටහන නොමග යවන සුළු සටහනක් බව නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.