Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගිනිගත්හේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මොහුද ?

    2019-11-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගියදා ගිනිගත්හේන ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා ගමන් ගත් රථයට පිරිසක් බාධා කිරිම හේතුවෙන්, ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුවත් ගණනාවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අපට දැකගැනීමට හැකිවිය.  මෙවැනි එක් සටහ

    පසුගියදා ගිනිගත්හේන ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා ගමන් ගත් රථයට පිරිසක් බාධා කිරිම හේතුවෙන්, ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුවත් ගණනාවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අපට දැකගැනීමට හැකිවිය. 

    මෙවැනි එක් සටහනකදක්වා තිබුනේ “මේ තමයි මැදමුලනෙ ඝෝඨගෙ මැරයන් ඊයේ ගිනිගත්හේනෙදී අහිංසක මිනිසුන්ට වෙඩි තියලා මුන්ට බලය නැතුව මෙහෙම නම් බලය ලැබුණොත් කොහොම වෙයි ද පොහොට්ටුවෙ එවුන්ට ඕන මිනිස්සු මරල හරි බලය ඔවුන් දන්නවා පරාජය වෙනවා කියලා ඒ පරාජය දරාගන්න බැරුව මුන් පිස්සු බල්ලො වගේ හැසිරෙනවා ඕක අමුතු දෙයක් නෙවෙයි මැදමුලනෙ රාජපක්ෂලාගෙ තුවක්කු න්‍යාය” යනුවෙන් මෙම ප්‍රකාශයේ සඳහන් වී තිබුණි.

    Facebook LinkArchived Link

    මම ඡායාරූපම යොදා ගනිමින් තවත් විවිධාකාර සටහන් නිර්මාණය වී තිබුණි

    Facebook PostArchived Post

    කිහිප දෙනෙක් විසින් ම ඉහත ඡායාරූපය එකී සිද්ධියට සම්බන්ධ එකක් නොවන ලෙස සටහන් කර තිබූ බැවින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පළ වී තිබූ අදහස් අතරින් ප්‍රතිවාදී පිරිස් බොහොමයක් දක්වා තිබුණේ මෙය රාජපක්ෂ පාලන සමයකදී බලාපොරොත්තු විය හැකි සිද්ධියක පෙර හුරුවක් ආදී වශයෙනි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කිහිප විටකදීම ඉහත සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රකාශ කර තිබෙන ද අපට දැක ගන්නට ලැබුණා.

    ඉහත සිද්ධිය සම්බන්ධයෙන් නිල පොලිස් නිවේදන පරීක්ෂාකිරීමේදී, ගිනිගත්හේන පොලිස් වසමේ පොල්පිටිය ප්‍රදේශයේ නොවැම්බර් මස 6 වන දින පස්වරු 7.30 ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ගමන් ගත් රථයට පුද්ගලයින් පිරිසක් බාධා කිරීමේ දී පිටුපසින් පැමිණි රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් වෙඩි තැබීමක් කර ඇති බව සඳහන් වී තිබුණි.  මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාව පහතින්.

    Police Statement

    ඉහත ප්‍රකාශය සටහන් සම්බන්ධයෙන් පළ වී තිබූ අදහස් විමර්ශනය කිරීමේදී අපට දැක ගැනීමට හැකි වූයේ ඉහත ඡායාරූපය මොණරාගල ප්‍රදේශයේ සිදුවීමක් හා සම්බන්ධ බවයි. “අද දින මොණරාගල මාරක රිය අනතුරක්,,,,,,විශේෂ සිදු වීම්” යනුවෙන් “Braking News Monaragala” නමැති ෆේස්බුක් පිටුවක එම ප්‍රවෘත්තිය පළ කර තිබුණේ පහත අයුරින්

    Facebook LinkArchived Link 1Facebook Link2Archived Link 2

    නමුත් පසුගිය දින කිහිපයේ ලැබුණු පොලිස් වාර්තා පරීක්ෂා කිරීමේදී මෙවැනි රිය අනතුරක් සම්බන්ධයෙන් තොරතුරක් පළ වී තිබුණේ නැත. එබැවින් මේ පිළිබඳව මොනරාගල පොලිස් ස්ථානයෙන් කරන ලද විමර්ශනයකදී අපට දැන ගැනීමට හැකි වූයේ මෙය ඇත්ත වශයෙන්ම සිදුවූ රිය අනතුරක් නොවන බවත් මොනරාගල පොලිස් ස්ථානය, රෝහල ඇතුළු අංශ කිහිපයක්ම එකතු වී මෙවැනි අවස්ථාවකදී කටයුතු සිදු කළ යුත්තේ කෙසේ දැයි යන්න පිළිබඳව සිදුකරන ලද පෙරහුරුවක් බවයි. එනම් “Braking News Monaragala” නමැති ෆේස්බුක් පිටුවද පාඨකයා මුළා කරන ආකාරයෙන් මේ පිළිබඳ වාර්තා කර ඇත.

    ඇත්ත වශයෙන්ම ගිනිගත්හෙන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම හා සම්බන්ධ පුද්ගලයා රෝහලට ගෙන ඒමේ දර්ශන newsfirst වාර්තා කර තිබුණේ පහත අයුරින්.

    Newsfirst VideoArchived Video

    අවසාන නිගමනය

    මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ගිනිගත්හේන ප්‍රදේශයේ දී සිදුකරන ලද වෙඩි තැබීම හා සම්බන්ධ පුද්ගලයා ඉහත ඡායාරූපයේ පෙන්වා ඇති පුද්ගලයා නොවන බවයි.  මෙම ඡායාරූපය මොණරාගල ප්‍රදේශයේ සිදුකරන ලද රිය අනතුරක් පිළිබඳ පෙරහුරුව දී ලබාගත් ඡායාරූපයකි 

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ගිනිගත්හේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මොහුද ?

    Fact Check By: Sahan Perera 

    Result: False

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.