Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ප්‍රසිද්ධ කලාකරු ජයලත් මනෝරත්න මෙලොවින් සමුගත්තේද?

    2019-12-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කලාසූරි කලාකීර්ති ආචාර්ය ජයලත් මනෝරත්න ඉහළම හිණි පෙත්තට පැමිණි, කුසලතා පිරි, ප්‍රවීණ රංගන ශිල්පියෙකි. රූපවාහිනී හා සිනමා ක්ෂේත්‍ර වලට ද අමිල සේවාවක් ඉටුකළ ප්‍රතිභාපූර්ණකලා ශිල්පියෙකු වන මනෝරත්නයන් රංගනය සඳහා සම්මාන රාශියක් හිමිකරගෙන සිටී. වෘත්තියෙන් කථිකා

    කලාසූරි කලාකීර්ති ආචාර්ය ජයලත් මනෝරත්න ඉහළම හිණි පෙත්තට පැමිණි, කුසලතා පිරි, ප්‍රවීණ රංගන ශිල්පියෙකි. රූපවාහිනී හා සිනමා ක්ෂේත්‍ර වලට ද අමිල සේවාවක් ඉටුකළ ප්‍රතිභාපූර්ණකලා ශිල්පියෙකු වන මනෝරත්නයන් රංගනය සඳහා සම්මාන රාශියක් හිමිකරගෙන සිටී. වෘත්තියෙන් කථිකාචාර්යවරයකු වන ඔහු 2018 වසරේ රූගත කිරීමක නිරතව සිටියදී හදිසියේම රෝගාතුර වී පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබීය. මෙම සිදුවීමෙන් පසු මනෝරත්නයන් පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති මැවීමට පටන් ගත්තේය.

    “ගුරු තරුව… බැස ගියා…”යනුවෙන් ජයලත් මනෝරත්න ශූරයන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් රාශියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී තිබෙනු අපට දැකගන්නට ලැබුණා

    Facebook LinkArchived Link

    ජයලත් මනෝරත්න මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බවත් ඔහුට නිර්වාණ සුවය ලබා ගැනීමට ප්‍රාර්ථනා කරන ලෙසත් ඉල්ලමින් පළවූ වාර්තා බොහොමයක් ෆේස්බුක් පිටු සහ පුද්ගලික ගිණුම් ඔස්සේ පසුගිය අගෝස්තු මාසයේදී මුල්වරට දක්නට ලැබුණි. මනෝරත්න ශූරීන්ගේ රසිකයින් විශාල පිරිසක් මෙම පුවත සත්‍ය දැයි විමසූ බැවින් ඒ පිළිබඳව වැඩිදුර කරුණු විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පසුගිය දින කීපයේ දී  ජයලත් මනෝරත්න ශුරීන් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටින බවට සටහන් රාශියක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වී තිබුණි. ගූගල් සෙවුම් (Google Search) වලට අනුව, අප හට දැනගැනීමට ලැබුණේ , ජයලත් මනෝරත්න මහතා 2018 නොවැම්බර් 13 වන දින මොළයේ හදිසි වේදනාවක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර ශල්‍යකර්මයකට භාජනය වීමට නියමිතව සිටි බවයි Colombo Times , Daily Mirror

    තවද, ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර සිටින්නේ ජයලත් මනෝරත්න මහතා මියගිය බව සම්පූර්ණ අසත්‍ය පුවතක් බවයි. ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ මේ පිළිබඳව සටහනක් ඊයේ දිනයේද පසුගිය අගෝස්තු මාසයේ ද පළකර තිබෙනවා අපට දැකගන්නට ලැබුණේ මෙලෙසිනි. 

    එම සටහනේ දක්වා තිබුනේ “ප්‍රවීන රංගනවේදී ජයලත් මනොරත්න මහතා පිළිබඳව පැතිර යන බොරු ප්‍රචාර වලට නොරැවටෙන්න. එතුමා නිවසේ ප්‍රතිකාර ගනිමින් පසුවේ. එතුමන්ට නීරෝගි සුවය ප්‍රාර්ථනා කරමු” යනුවෙනි.

    Keerthi Pasquel FB (3rd Dec)

    Keerthi Pasquel FB (August)

    සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වන නොලැබුවත් වලට පිළිතුරු දෙමින් ජයලත් මනෝරත්න මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ “මම සුවෙන්” යනුවෙන් සටහනක් දක්වා තිබෙනු අපට දැකගන්නට ලැබුණා

    Facebook LinkArchived Link

    ආචාර්ය මනෝරත්න මහතාගේ අභාවය පිළිබඳව ෆේස්බුක්, වට්ස්ඇප් ආදී සමාජ ජාලවල පළවෙන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ප්‍රකාශ කර සිටින  මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීර මහතා පවසා අගෝස්තු මස පවසා තිබුනේ වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබමින් සිටින එතුමාට මෙම අවස්ථාවේදී ඉක්මන් සුවය ප්‍රර්ථනා කිරීම අප  සැමගේ පැතුම විය යුතු බවයි.

    Nethgossip වෙබ් අඩවිය මගින් ද ජයලත් මනෝරත්න ශූරියන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැරදි පුවතක් ප්‍රචාරය වන බවට වාර්තාවක් පළ කර තිබුණේ මෙලෙසිනි

    Web LinkArchived Link

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වූ බවට පළවී ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ප්‍රසිද්ධ කලාකරු ජයලත් මනෝරත්න මෙලොවින් සමුගත්තේද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.