Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනතා විමුක්ති පෙරමුණේ චිත්‍ර විරෝධය ?

    2019-12-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    2019 ජනාධිපතිවරණයෙදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වූ ජාතික ජනතා බලවේගයට තෙවැනි ස්ථානය හිමිවූයේ, මුළු ජන්ද ප්‍රමාණයෙන් 4% කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. මෙසේ ඔවුන් බලාපොරෙත්තු වුවාට වඩා වැඩි පරාජයක් ලැබීමත් සමඟම ජනතා විමුක්ති පෙරමුණ උපහාසයට ලක් කර

    2019 ජනාධිපතිවරණයෙදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වූ ජාතික ජනතා බලවේගයට තෙවැනි ස්ථානය හිමිවූයේ, මුළු ජන්ද ප්‍රමාණයෙන් 4% කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. මෙසේ ඔවුන් බලාපොරෙත්තු වුවාට වඩා වැඩි පරාජයක් ලැබීමත් සමඟම ජනතා විමුක්ති පෙරමුණ උපහාසයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල පළව තිබු ව්‍යාජ සටහන් අප විසින් මීට පෙරද පෙන්වා දෙන ලදි.

    නව රජය බලයට පත්වීමත් සමඟම නගර අලංකරණය කිරීම පිණිස, තාප්ප වල චිත්‍ර ඇඳීමේ රැල්ලක් (Wall Art) තරුණ පිරිස් විසින් ආරම්භ කරන ලදි. ඉන්දික රාජපක්ෂ නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවේ “ජනතා විමුක්ති පෙරමුණේ චිත්‍ර විරෝධය” යන තේමාව යටතේ සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබුණේ මෙවැනි පසුබිමකය. 

    “තාප්ප වල චිත්‍ර අඳින තරුණ තරුණියන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ පෝස්ටර් ව්‍යාපාරය. කොහොමද මුන් එක්ක රට ඉස්සරහට යන්නේ. මුන්ව හෝදලාම නොදැම්මොත් රට දියුණු කරනවා බොරු” යන වදන් පෙලක්ද සේයාරුවේ අන්තර්ගත කර තිබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් රාශියක් අතර මෙම සටහන හුවමාරුවු අතර ප්‍රතිචාර සටහන් රාශියක්ද ලැබි තිබුණි. 

    Facebook LinkArchived Link

    ප්‍රතිචාර රැසක මෙය මීට පෙර අවස්ථාවකදී ලබාගත් ඡායාරූපයක් ව්‍යාජ ලෙස පෙන්වා දීමක් ලෙස සටහන් වී තිබෙනුද අපට නිරීක්ෂණය විය. එබැවින් මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහනට ලැබුණු ප්‍රතිචාර සටහන් අතර මෙම ඡායාරූප 2017 වසරේදී සයිටම් (SAITM) විරෝධි පෝස්ටර් ව්‍යාපාරයක් බව යෝජනා වි තිබු බැවින් අපි එම පෝස්ටර් ව්‍යාපාරය පිළිබඳව ගූගල් සෙවිමක් කළෙමු. එහිදි අපට එම පෝස්ටර් ප්‍රචාරණ වැඩපිළිවෙල පිළිබඳව වාර්තා මෙන්ම ඡායාරූප සමුහයක් දැකගැනීමට හැකිවිය.

    Google Search Link 

    2017දි ජනතා විමුක්ති පෙරමුණ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සමඟ ඒකාබද්ධ වී සයිටම් (SAITM) පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ව්‍යාපාරයක් දියත් කර තිබු බව අපට මෙහිදී පෙනී ගියා. “SAITM විරෝධී ජන පවුර” නම්වූ පෝස්ටර සහ මහජනතාව දැනුවත් කිරීමේ එම ව්‍යාපාර පිළිබඳව පළවී තිබු මාධ්‍ය වාර්තා පහත දක්වමු.

    Daily Mirror Link
    Omlanka.net

    මෙම විරෝධතා ව්‍යාපාරය පිළිබඳව වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමේදී ඉහත ඉන්දික රාජපක්ෂ නැමැත්තා විසින් පළකරන ලද ඡායාරූප අඩංගු සටහන් වල පෙන්වා දී තිබෙන ඡායාරූපවල මුල් පළකිරීම් සොයා ගැනීමට හැකි විය. එම මුල් ඡායාරූපය පෙළ පහතින්.

    Facebook PostArchived Link

    ඉන්දික රාජපක්ෂ නමැත්තාගේ ෆේස්බුක් පිටුවේ අන්තර්ගතව තිබූ සහනට අදාළ ඡායාරූප ඉහත සටහන් වලින් ලබාගත් ඡායාරූප බව ඒ අනුව පැහැදිලි විය

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ ඉන්දික රාජපක්ෂ නමැත්තාගේ ෆේස්බුක් සටහනේ වූ ඡායාරූප දෙකම වර්ෂ 2017 දී ජනතා විමුක්ති පෙරමුණ සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දියත් කරන ලද “SAITM විරෝධී ජන පවුර” පෝස්ටර සහ මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ ඡායාරූප බවය. එබැවින් “ජනතා විමුක්ති පෙරමුණේ චිත්‍ර විරෝධය” යන තේමාව යටතේ කර ඇති සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය සටහනක් බව නිගමනය කරමු. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.