Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කොරෝනා රෝගීන්ට සත්කාර කරන ශ්‍රී ලාංකික ගර්භනී වෛද්‍යවරිකගේ ඡායාරුපයක්ද?

    2020-04-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරස් රෝගය මේ වෙන විට රටවල් 210 ක මිලියන 2.3 අධික පිරිසකට ආසාදනයවී 160,000 කට වැඩි මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලිගෙන ඇත.  කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන වෛද්‍ය, හෙද ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ සාමාජිකයන්,

    ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරස් රෝගය මේ වෙන විට රටවල් 210 ක මිලියන 2.3 අධික පිරිසකට ආසාදනයවී 160,000 කට වැඩි මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලිගෙන ඇත. 

    කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන වෛද්‍ය, හෙද ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ සාමාජිකයන්, අත්‍යාවශ්‍ය සේවාවන්ට සම්බන්ධ සේවකයන් නිරන්තරයෙන්ම සමාජයේ ගෞරවය හිමිව තිබේ.

    ඔවුන්ව තවදුරටත් දිරිගන්වමින් බොහෝ පිරිස් සමාජ මාධ්‍ය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් අගයකරමින් සටහන් සහ ඡායාරූප පලකරනු දක්නට ලැබේ.

    මෙවන් වාතාවරණයක් තුල “පිට රටක නෙමෙයි මේ ලංකාවේ අවංකවම ආඩම්බරයි. දිව රෑ නොබලා රෝගීන්ගේ සේවයට සම්බන්ද වූ මාස 7 ක ගර්භනී වෛද්‍යවරියට ස්තුතිය” යනුවෙන් සටහනක් සහ ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් හුවමාරුවෙමින් පවතී. බොහෝ පිරිස් එම වෛද්‍යවරිය අගයමින් සහ ඇයට සුබපතා තිබිණ.

    සමාජ මාධ්‍ය තුල හුවමාරුවන එම සටහන පහතින්.

    Facebook LinkArchived Link

    සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහනක්  පහතින්.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පුවත සම්බන්ධයෙන් අපි Google News Search හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ මෙම පුවත සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තාකර නොමැති බවයි.

    පසුව අපි මෙම ඡායාරූපය google reverse image සෙවීමකට යොමු කළෙමු. මෙම සේයාරුව සහිතව, වෙබ් අඩවි සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලා  සටහන් ඇතුළු සටහන් රැසක් අන්තර්ජාලයේ ඇති බව නිරීක්ෂණ විය.

    Google Reverse Image Search 

    එම ලිනක්ස් හරහා නිරීක්ෂණය කිරීමේදී අපට පැහැදිලිවුයේ එම ඡායාරූපයේ සිටින වෛද්‍යවරිය ශ්‍රී ලංකාවේ නොව, මැලේසියාවේ වෛද්‍යවරියක් බවයි. 

    Website Link Web Link 2

    2020 අප්‍රේල් මස 14 දින “Kisah Dunia” නම් ෆේස්බුක් පිටුවක පළකරන ලද සටහනක එම ඡායාරූපයක් පළවී තිබුණි. එහි සදහන් වැකිය පරිවර්තන කිරීමේදී පැහැදිලිවුයේ එම වෛද්‍යවරිය සති 30 ක ගැබනි කාන්තවක් බවත්, කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන වෛද්‍යවරියක් බවත්, ඇයට සහ දරුවාට යහපතක්ම වන ලෙසත් යාඥා කරන ලෙස එම සටහන මගින් ඉල්ලා තිබිණ. එම ඡායාරුපයේ මුල් හිමුකාරිත්වය ඔහු ලබාදී තිබුනේ Ezzan Danial නමැති මැලේසියානු ජාතිකයකු වෙතය.

    අපද එම වෛද්‍යවරියට සහ දරුවාට යහපත්කම වන ලෙස යාඥා කරමු.

    Facebook Link Archived Link
    https://www.facebook.com/kisahduniadotcom/photos/a.296102807179981/1673399679450280/?type=3&__xts__%5B0%5D=68.ARDwU-haMzosvFCplV8vu0yXwSodBOU0ryFomtJN8Ui_ioisqwgMB5KnEfGdQQ7QFXX1274tXd_wqYWTWSLbjPfCV5VKTGtudnNYlhEq8YJ9Mov-0xZBPzezBsl16Wr6emoa5MzE0Hgx1qebdsEZNm9DG_2NQZAKyyNGL1CUhGEpoWHLwOuyVz1-hgDanymuK7_hTIKGdPVOsBZFNe9w8OErn394k1oY9qvgiSm9jUF-oiczS1O-yai5yI8orn6jIVqofVpbJ1UVmyJ-t1V02OU24vfpNg5-e-kKoFIIHMTq-CR3aujPBmIq3A_9tMRS7KE9kPWlw1skfd5RxP_SR465eA&__tn__=-R

    Conclusion: (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “පිට රටක නෙමෙයි මේ ලංකාවේ අවංකවම ආඩම්බරයි. දිව රෑ නොබලා රෝගීන්ගේ සේවයට සම්බන්ද වූ මාස 7 ක ගර්භනී වෛද්‍යවරියට ස්තුතිය”  යනුවෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරුවන ඡායාරූපයේ සිටින්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක් නොව, මලයාසියාවේ වෛද්‍යවරියක් බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:කොරෝනා රෝගීන්ට සත්කාර කරන ශ්‍රී ලාංකික ගර්භනී වෛද්‍යවරිකගේ ඡායාරුපයක්ද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-04-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.