Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනාධිපතිතුමා මාස හතක වැටුප් COVID19 අරමුදලට ලබාදී ඇති බවට පළවන සාවද්‍ය ප්‍රකාශයක් !

    2020-04-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා වෛරස් රෝගය දිවයින පුරා ව්‍යාප්ත වීම වළක්වාලීම පිණිස ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විවිධ පියවර රැසක් ගත්තේය. නොයෙකුත් ක්ෂේත්‍රයන්හි විද්වතුන් සමූහයකින් ජනාධිපති කොරෝනා කාර්ය සාධක බලකාය ස්ථාපිත කළ ජනාධිපතිතුමා රෝගය මර්දනය කිරීම සඳහා එම බළකායට අවශ්‍ය සියලු

    කොරෝනා වෛරස් රෝගය දිවයින පුරා ව්‍යාප්ත වීම වළක්වාලීම පිණිස ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විවිධ පියවර රැසක් ගත්තේය. නොයෙකුත් ක්ෂේත්‍රයන්හි විද්වතුන් සමූහයකින් ජනාධිපති කොරෝනා කාර්ය සාධක බලකාය ස්ථාපිත කළ ජනාධිපතිතුමා රෝගය මර්දනය කිරීම සඳහා එම බළකායට අවශ්‍ය සියලුම පහසුකම් සහ බලතල ලබා දුන්නේය. ජන ජීවිතය කඩා නොවැටෙන පිණිස සහන රැසක් සාමාන්‍ය  ජනතාවට ලබා දුන්නේය. රට තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සහ ඒ ආශ්‍රිත සමාජ සුභසාධන වැඩපිළිවෙල පාලනය කිරීම අරමුණු කරගත් අවම කිරීමේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා “COVID – 19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල” ස්ථාපිත කළ බවට වාර්තා විය.

    “ජනාධිපතිතුමාගේ මාස හතක වැටුප කොරෝනා රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කරයි” තේමාවෙන් එතුමාගේ සේයා රුව රැගත් සටහනක්, Prins Wd නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ඉතාමත් කෙටි කාලයකදී ෆේස්බුක් පරිශීලනය කරන්නන් 7000 අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණු මෙම සටහනට හිමිවූ ප්‍රතිචාර සටහන් සංඛ්‍යාව 170 ඉක්මවීය. අසත්‍යය සටහන් ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමාගේ කීර්ති නාමයට කැළලක් නොකරන ලෙස ප්‍රතිචාර රැසක්ද හිමිව තිබුණි

    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ප්‍රථමයෙන්ම අප ජනාධිපතිතුමා සිය වැටුප COVID – 19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කිරීම පිළිබඳව ප්‍රධාන මාධ්‍යන්හි වාර්තා ඇත්දැයි ගූගල් සෙවීමක් කළෙමු. එහෙත් එවැනි වාර්තාවක් අපට නිරීක්ෂණය නොවූ අතර  ස්ථාපිත කළ අරමුදලට විශාල වශයෙන් පරිත්‍යාගයන් ලැබෙන බව සඳහන් වාර්තා දක්නට ලැබුණි.

    COVID – 19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක් පරිත්‍යාග කළ බව පවසා ඒ පිළිබඳව වු මාධ්‍ය නිවේදනය අපට දැකගැනීමට හැකිවිය. එහි සේයාරුවක් පහත දක්වා ඇත.

    President Media

    Special-Fund

    මේ පිළිබඳව කිසිදු පළකිරීමක් ජනාධිපතිතුමාගේ සමාජ මාධ්‍යවල පළවී තිබේ දැයි පරික්ෂා කළෙමු. එතුමාගේ වැටුපක් පරිත්‍යාග කිරීම පිළිබඳව සටහනක් එහි නොවූ අතර පහත සඳහන් සටහන දක්නට ලැබුණි.

    “මේ දිනවල රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ මාගේ ප්‍රකාශ ලෙස සකස් කළ පණිවිඩ හුවමාරු වන බව නිරීක්ෂණය විය. මෙම නිසා විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති හෙයින් සියලුම නිවේදන හෝ ප්‍රකාශ මාගේ නිල වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය පිටු හරහා පමණක් ප්‍රකාශයට පත්කරන බව දැනුම් දෙමි.”

    LinkArchived Link

    කරුණු තහවුරු කරගැනීම පිණිස ජනාධිපති මාධ්‍ය අංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. එහිදී මාධ්‍ය ඒකකයෙන් අපට පවසා සිටියේ ද මෙම ප්‍රකාශය කිසිදු සත්‍යතාවයක් නොමැති බව ය

    මෙම සටහනට හිමිවූ ප්‍රතිචාර අතර මෙම පරිත්‍යාගය සිදු වීම තුර්කියේ සිදුවූවක් බව සටහන් කිහිපයකම නිරීක්ෂණය වීම නිසා අප ඒ පිළිබඳව කරුණු විමසා බැලුවෙමු.

    Novinite.com ප්‍රවෘත්ති වෙබ් අඩවිය 2020 මාර්තු මස 31 දින “Turkey’s President will Donate 7 Salaries to Fight COVID-19” “සිරස්තලයෙන් වාර්තා කර තිබුණේ රාජ්‍ය නායකයා ජාතික සහයෝගීතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ COVID-19 සමඟ සටන් කිරීම සඳහා මාසික වැටුප් 7 ක් පරිත්‍යාග කරන බව තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් ප්‍රකාශ කර තිබේ. එසේ කිරීමෙන් රාජ්‍ය නායකයා ජාතික සහයෝගීතා ව්‍යාපාරයක ආරම්භකයා බවට පත්විය.”

    LinkArchived Link

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ, ජනාධිපතිතුමාගේ මාස හතක වැටුප පරිත්‍යාග නොකළ නමුත් COVID – 19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක් පරිත්‍යාග කළ බව බවයි.

    එබැවින් “ජනාධිපතිතුමාගේ මාස හතක වැටුප කොරෝනා රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කරයි” යන තේමාවෙන් ඉදිරිපත් වී තිබු සටහන් සියල්ලම සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-04-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.