Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ගෝඨාභය රාජපක්ෂය ජනාධිපතිතුමා පලමු පාර්ලිමේන්තු සැසියට පරිවාර රථ පෙළක් යොදා ගත්තේද ?

    2020-01-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරයේ සමාරම්භය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී චාම් හා අභිමානවත් අයුරින් සිදුකෙරිණ. පාර්ලිමේන්තුවේ නව සැසිවාර ආරම්භ කරන අන් අවස්ථාවන

    අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරයේ සමාරම්භය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී චාම් හා අභිමානවත් අයුරින් සිදුකෙරිණ. පාර්ලිමේන්තුවේ නව සැසිවාර ආරම්භ කරන අන් අවස්ථාවන්වල දී දක්නට ලැබෙන ආචාර වෙඩිමුර, අශ්වාරෝහක රථ පෙරටු කරගත් රථ පෙරහර ආදී කිසිවක් මෙවර දක්නට නොලැබීම සුවිශේෂීත්වයකි. 

    පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසල දී කතානායක කරු ජයසූරිය මහතා, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ප්‍රමුඛ වේත්‍රධාරි මණ්ඩලය ඇතුළු පිරිස විසින් ජනාධිපතිවරයා හා අයෝමා රාජපක්ෂ මැතිනිය පිළිගෙන රතුපලස මතින් කැඳවාගෙන ගියේය. එදින සවස් භාගයේ සිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිදාකාරයේ සටහන් රැසක් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වෙත පැමිණි ආකාරය දක්වමින් අඩවි තිබුණි. එම සටහන් අතරින් වැඩිපුරම හුවමාරුවූ සටහනක් පහතින්

    Facebook LinkArchived Link

    පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගිවීමට රථ පෙළක් යොදා ගැනීම හෙලා දකිමින් උපහාසාත්මක ලෙස පළ වී තිබූ මෙම සටහන්වල වම් පසින් ඇති “සත්‍ය ඡායාරූපය” ලෙස නම් කරන ලද රථ රැසක් සහිත සේයාරුවක්ද දකුණු පසින් “බයියන් විසින් එඩිට් කරන ලද ඡායාරූපය” යනුවෙන් පෙර පසු ගමන් මෝටර් රථයක් සහිත සේයාරුවක්ද දක්නට ලැබුණි.

    පහත දැක්වෙන්නේ ඉහත ඡායාරූප යොදාගනිමින් පළමු තවත් එක් සටහනක්

    Facebook LinkArchived Link

    මීට අමතරව ඉහත සටහන්ම උපහාසාත්මක අයුරින් සංස්කරණය කොට විශාල වශයෙන් හුවමාරු වී තිබෙනවා දක්නට ලැබුණි. බොහෝ පිරිස් විසින් ඉහත සඳහන් උපහාසාත්මක කෝණයකින් පළ කරන ලද සංස්කරණය කරන ලද සටහන් බව නම් කර තිබූ බැවින් මේ පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණයක් සිදුකිරීමට අදහස් කළෙමු

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සඳහා අපි මුලින්ම පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට මත්තෙන් අගමැති, කථානායක සහ ජනපති ඇතුළු ප්‍රභූවරු පැමිණි අවස්ථාවන් පෙන්නුම් කරමින් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස විකාශය වූ වීඩියෝ පට අධ්‍යයනය කළෙමු.

    Newsfirst Live Video | Ada Derana Live Video

    එම වීඩියෝ දර්ශන අධ්‍යයනය කිරීමේදී අපට පෙනීගියේ ජනාධිපතිතුමා පැමිණෙන රථයට ඉදිරියෙන් හා පසුපසින් පරිවාර රථ එක බැගින් පමණක්  පැමිණි බවත් ඊට ඉදිරියෙන් පොලිස් මෝටර් බයිසිකල් තුනක් ගමන් ගත් බවත්ය.

    Daily News පුවත්පත මඟින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව සැසිවාරය සඳහා පැමිණෙන අවස්ථාව කැමරා ඇසට හසු කරගෙන තිබුණේ පහත අයුරින්.

    Web LinkArchived Link

    මේ අනුව අපට පැහැදිලි වන්නේ ඉහත සටහන්වල වම්පසින් පෙන්වා ඇති “සත්‍ය ඡායාරූපය” නමැති ඡායාරූපය ඇත්ත වශයෙන්ම සංස්කරණය කරන ලද සේයාරුවක් බවත් දකුණු පසින් පෙන්වා ඇති “බයියන් විසින් එඩිට් කරන ලද ඡායාරූපය” යන්න සත්‍ය ඡායාරූපය බවත්ය. 

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ වම්පසින් පෙන්වා ඇති “සත්‍ය ඡායාරූපය” නමැති ඡායාරූපය ඇත්ත වශයෙන්ම සංස්කරණය කරන ලද සේයාරුවක් බවත් දකුණු පසින් පෙන්වා ඇති “බයියන් විසින් එඩිට් කරන ලද ඡායාරූපය” යන්න සත්‍ය ඡායාරූපය බවත්ය

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-01-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.