Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පසුගිය ජනාධිපතිවරණයන්හි, ජයග්‍රාහී අපේක්ෂකයන්ගේ ඡන්ද ප්‍රතිශත ලෙස සමාජගත වී තිබෙන සටහන නිවැරදිද?

    2019-09-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපතිවරණය සම්බන්ධව සමාජ මාධ්‍ය සටහන් බොහොමයක් මේ දිනවල හුවමාරුවේ. පසුගිය ජනාධිපතිවරණයන්හි ප්‍රතිඵල ඇතුලත් සටහනක් ෆේස් බුක් සහ ට්විටර් හි විශාල වශයෙන් පසුගිය දිනයන්හි හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි.  එම සටහනේ  1982 සිට 2015 දක්වා ජනාධිපතිවරණය ජයගත් අපේක

    ජනාධිපතිවරණය සම්බන්ධව සමාජ මාධ්‍ය සටහන් බොහොමයක් මේ දිනවල හුවමාරුවේ. පසුගිය ජනාධිපතිවරණයන්හි ප්‍රතිඵල ඇතුලත් සටහනක් ෆේස් බුක් සහ ට්විටර් හි විශාල වශයෙන් පසුගිය දිනයන්හි හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. 

    එම සටහනේ  1982 සිට 2015 දක්වා ජනාධිපතිවරණය ජයගත් අපේක්ෂකයාගේ ඡයාරුපය, පැවැත්වූ දිනය සහ ලබාගත් ඡන්ද ප්‍රතිශතය ඇතුලත් කර තිබිණි.

    එලෙස හුවමාරු වූ ෆේස් බුක් සටහනක් පහතින් දැක්වේ. 

    Facebook LinkArchived Link

    එලෙසම හුවමාරු වූ තවත් ෆේස් බුක් සටහනක් පහත පරිදිය

    Facebook LinkArchived Link

    එලෙස හුවමාරු වූ ට්විටර් සටහන් දෙකක් පහතින් දැක්වේ

    Twitter  LinkArchived Link
    Twitter LinkArchived Link

    ඒ අතරම මෙසේ පළවන ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිශතය පිළිබඳ සටහන සාවද්‍ය බව පෙන්වමින් ද සටහනක් දක්නට ලැබුණි

    Twitter LinkArchived Link

    මීට  මාස කිහිපයකට පෙරද මෙවැනි ආකාරයේම ප්‍රතිඵල සටහනක් පළවිය. එම සටහන පහත පරිදිය

    Twitter LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    තොරතුරු විමසා බැලීමේදී තහවුරු වන්නේ මෙම සටහන්හි සමහර වර්ෂයන්හි දත්ත නිවැරදි නොවන බවයි. වර්ෂ 1982, 1988, 1994 සහ 2010 හි ජයගත් අපේක්ෂකයාගේ ප්‍රතිශත වැරදි ආකාරයෙන් දක්වා ඇත.

    ප්‍රතිඵල තහවුරු කරගැනීම සදහා අප මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවිය නිරීක්ෂණය කරනු ලැබීය. එහිදී අනාවරණය වුයේ 1982 වසරේ ජයගත් අපේක්ෂකයාගේ (ජේ ආර් ජයවර්ධන මහතාගේ) ප්‍රතිශතය 57.02% නොව 52.91% ලෙස නිවැරදි විය යුතු බවයි.

    Web  LinkArchived Link
    pdf-1

    තවද 1988 වසරේ ජයගත් අපේක්ෂකයාගේ (රණසිංහ ප්‍රේමදාස මහතාගේ) ප්‍රතිශතය 57.11% නොව 50.43% ලෙස නිවැරදි විය යුතු වේ.

    Web LinkArchived Link
    pdf-2

    මෙලෙසින්ම හුවමාරුවන සටහන්හි 1994 වසරේ ජයගත් අපේක්ෂිකාවගේ (චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ) ප්‍රතිශතය 56.01% ලෙස වැරදියට දක්වා ඇත. එය 62.28% ලෙස නිවැරදි විය යුතු වේ. 

    Web LinkArchived Link
    pdf-3

    මෙම ඡන්ද ප්‍රතිඵල සනාථ කර ගැනීම සඳහා පුවත්පත් වාර්තා කිහිපයක් ද අප විසින් නිරීක්ෂණය කරන ලද අතර එහිදී සනාථ වූයේ මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියේ ඉහත වර්ෂයන් සඳහා පෙන්වා තිබෙන ඡන්ද ප්‍රතිඵල හා ප්‍රතිශත නිවැරදි බවයි

    Daily News ArticleArchived Link

    1999 සහ 2005 වසරවල ජයග්‍රාහී අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිඵල ප්‍රතිශතයන්ගේ වැරැද්දක් දක්නට නොලැබෙන බව මෙලෙසින්ම මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය සහ පුවත්පත් වාර්තා සැසඳීමේ දී අනාවරණය විය

    2010 වසරේ ජයගත් අපේක්ෂකයාගේ (මහින්ද රාජපක්ෂ මහතාගේ) ප්‍රතිශතය මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවිය හරහා මෙලෙසින්ම පරීක්ෂා කිරීමේදී සහ අනෙකුත් මාධ්‍ය වාර්තා හා සැසඳීමේදී පෙනී ගියේ, එම ප්‍රතිශතයන්හි ද වැරදි ඇති බවයි. මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියේ අවසාන ඡන්ද ප්‍රතිඵලය ලෙස ඇත්ත වශයෙන්ම පෙන්වා තිබුනේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රමාණය වූ 296,639 සහ එම ප්‍රතිශතය වූ 61.8 % බව අපට පෙනී ගියා.

    Web  LinkArchived Link

    එබැවින් එම කාල සිමාවේ නිකුත් වූ පුවත් පත් කිහිපයක් නිරීක්ෂණය කිරීමේදී අනාවරණය වුයේ 2010 වසරේ ජයගත් අපේක්ෂකයාගේ ප්‍රතිශතය 61.80% නොව 57.88% ලෙස නිවැරදි විය යුතු බවයි.

    Daily News Web LinkArchived Link
    Wiki LinkArchived Link

    2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රතිශතය මෙලෙසින්ම මූලාශ්‍ර කිහිපයක් මගින් පරීක්ෂා කර බැලීමේදී එම දත්තයන් නිවැරදිව මෙම සටහන මගින් පෙන්වා දී ඇති බව ද පැහැදිලි විය

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පසුගිය ජනාධිපතිවරණයන්හි ප්‍රතිපල ඇතුලත් සටහනේ වර්ෂ 1982, 1988, 1994 සහ 2010 හි ජයගත් අපේක්ෂකයාගේ ප්‍රතිශතය වැරදි බවයි.

    1982 වසරේ ජයගත් අපේක්ෂකයාගේ ප්‍රතිශතය 52.91% ලෙසද, 1988 වසරේ ජයගත් අපේක්ෂකයාගේ ප්‍රතිශතය 50.43% ලෙසද, 1994 වසරේ ජයගත් අපේක්ෂකයාගේ ප්‍රතිශතය 62.28% ලෙසද, 2010 වසරේ ජයගත් අපේක්ෂකයාගේ ප්‍රතිශතය 57.88% ලෙසද නිවැරදි විය යුතු වේ. 1999, 2005 සහ 2015 වසරවල ජනාධිපතිවරණ ජයග්‍රාහි අපේක්ෂකයන්ගේ ඡන්ද ප්‍රතිශත නිවැරදි ලෙස දක්වා ඇත

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:පසුගිය ජනාධිපතිවරණයන්හි, ජයග්‍රාහී අපේක්ෂකයන්ගේ ඡන්ද ප්‍රතිශත ලෙස සමාජගත වී තිබෙන සටහන නිවැරදිද?

    Fact Check By: Sathyajith Subasinghe 

    Result: Mixture

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-09-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.