Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check: තමාට ඡන්දය දුන් අයට බඩු මිල ප්‍රශ්නයක් නොවේය යනුවෙන් ජනපති ප්‍රකාශයක් සිදුකර නැත!

    2020-09-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපතිතුමාගේ ප්‍රකාශයන් බව පවසමින් පසුගිය වසරේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව සමාජ මාධ්‍ය ජාල හරහා විශාල වශයෙන් ඉදිරිපත් වූ සටන් කිහිපයක කරුණු විමර්ශනය කිරීමේ දී අනාවරණය වූයේ ඔහු විසින් ප්‍රකාශ නොකළ සාවද්‍ය ප්‍රකාශයන් බවය. එවැනි ව්‍යාජ ප්‍රකාශ පිළිබඳව සැ

    ජනාධිපතිතුමාගේ ප්‍රකාශයන් බව පවසමින් පසුගිය වසරේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව සමාජ මාධ්‍ය ජාල හරහා විශාල වශයෙන් ඉදිරිපත් වූ සටන් කිහිපයක කරුණු විමර්ශනය කිරීමේ දී අනාවරණය වූයේ ඔහු විසින් ප්‍රකාශ නොකළ සාවද්‍ය ප්‍රකාශයන් බවය. එවැනි ව්‍යාජ ප්‍රකාශ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල සමාජ මාධ්‍ය හරහාද පලවී තිබුණි.

    ජනාධිපතිතුමාගේ ඡායාරූපයක “මට ඡන්දය දීපු අයට බඩු මිල ප්‍රශ්නයක් නෙවෙයි” වදන රෝපණය කර, ලක්හඬ ගුවන්විදුලි සේවයේ ප්‍රවෘත්තියක් ලෙස සැකසුණු සටහනක්, “පීචං මහත්තයා” නමින්වු ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබූණි. ෆේස්බුක් පරිශීලනය කරන්න රැසක් අතර සංසරණය වී තිබුණූ මෙම සටහන අසත්‍ය බවත්, ඒ පිළිබඳව කරුණු විමර්ශනය කරන මෙන් අපගෙන් ඉල්ලීමක් කර තිබූ බැවින් මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    “පීචං මහත්තයා” ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබූ සටහනේ අන්තර්ගතය පිළිබඳව කරුණු විමසීමට අප ජනාධිපති මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වූයෙමු. ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් කිසිවිටෙකත් නොකළ බවත්, මෙය සාවද්‍ය සටහනක් බවත් අප හා සම්බන්ධ වූ ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිලධාරියා විසින් සනාථ කරන ලදි.

    අප ලක්හඬ ගුවන් විදුලි සේවයේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂාකර බැලූ නමුත් එවැනි සටහනක් සොයා ගැනීමට නොහැකි වුණා. ලක්හඬ ෆේස්බුක් පිටුව යාවත්කාලීන කරන ITN වෙබ් අංශයෙන් මේ පිළිබඳව අප සිදුකළ විමර්ශනයේදී අපට දැනගන්නට ලැබුනේද ඔවුන් කිසිවිටෙකත් එය පළකර නොමැති බවයි. තවදුරටත් ඔහු පවසා සිටියේ එම නිර්මාණය සඳහා යොදාගෙන ඇති ආකෘතියද ලක්හඬ විසින් භාවිත නොකරන බවයි.

    “පීචං මහත්තයා” ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබූ සටහන පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීමේදී, පෙර සඳහන් කළ ජනාධිපතිතුමාගේ සේයාරුව  “ජනතාව ජීවත් කරවීම යුද්ධයක් – ජනපති” සිරස්තලයෙන් Citizen.lk ප්‍රවෘත්ති වෙබ් අඩවිය “ජනපති ගම සමඟ පිළිසඳර” හමුව පිළිබඳව වාර්තාවක් සඳහා යොදාගෙන තිබු බවයි.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “මට ඡන්දය දීපු අයට බඩු මිල ප්‍රශ්නයක් නෙවෙයි”  යන ප්‍රකාශ ජනාධිපතිතුමා විසින් සිදු නොකරන ලද අතර එවැන්නක් ලක්හඬ සමාජ මාධ්‍ය ජාල වලද පල නොවූ බවයි. ජනාධිපතිතුමා එලෙස ප්‍රකාශ කරන ලද බවට පළ ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වන සටහන් අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.