Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනපති විසින් ආරක්ෂක රථ 18ක් යොදාගන්නා බවට සාවද්‍ය ප්‍රකාශයක්!

    2020-07-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    2019 වසර අවසානයේ ජනපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් සිය පරිවාර රථ සංඛ්‍යාව තුනකට සීමා කමින් දුන් ආදර්ශය රටවැසි සැමගේ ප්‍රසාදයට හේතුවිය. මෙවන් පසුබිමක Mayuri Roshini නමැත්තියක SPG 2020 Media Unit නම්වු ෆේස්බුක් පිටුවකට “ජනාධිපති වෙලා සති 2ක් වාහන 3ක්

    2019 වසර අවසානයේ ජනපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් සිය පරිවාර රථ සංඛ්‍යාව තුනකට සීමා කමින් දුන් ආදර්ශය රටවැසි සැමගේ ප්‍රසාදයට හේතුවිය. මෙවන් පසුබිමක Mayuri Roshini නමැත්තියක SPG 2020 Media Unit නම්වු ෆේස්බුක් පිටුවකට “ජනාධිපති වෙලා සති 2ක් වාහන 3ක් පාවිච්චි කරපු නන්දසේන “ස”   දැන් ආරක්ෂාවට තර්ජනයක් හින්දා වාහන 18ක් පාවිච්චි කරනවා”  යන වදන අන්තර්ගත කර සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ කර තිබූ මෙම සටහනෙහි අන්තර්ගත කරුණු පිලිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත ෆේස්බුක් සටහනේ කරුණු සනාථ කරගැනීම පිණිස අප ජනාධිපති රථ පෙළ පිලිබඳ ඉහත දක්වා ඇති පරිදි කිසිඳු මාධ්‍යක් විසින් පළකර ඇති වාර්තාවක් ඇත්දැයි පරීක්ෂා කලද එවැනි වාර්තාවක් දැක ගැනීමට නොහැකි විය. ජනපති ආරක්ෂක රථ දෙකක් එකිනෙක ගැටීම පිලිබඳ වාර්තා වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබෙනු දැකගන්නට හැකි විය.

    එසේම ජනාධිපති කාර්ය මණ්ඩලය, පරිවාර රථ පෙළ සීමා කිරිම යනාදී කරුණු ජනපති පදවියට පත්ව දින කිහිපයකින්ම සිදුකරන ලද අතර ඒ පිළිබඳ පලවී තිබු වාර්තා පහතින්.

    News.lk | President Gov Web

    මෙම සීමා කිරීමේ කිසිඳු වෙනසක් සිදුව ඇත්දැයි දැනගැනීමට අප හා සම්බන්ධවු ජනපති මාධ්‍ය අංශයේ නිලධාරියා පැවසුවේ, කොරොනා ආසාදනය ව්‍යාප්තවීම හමුවේ, මැතිවරණ ව්‍යාපාරයේ නිරතවීමේ අවශ්‍යතාවය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ පරිවාර වාහන සංඛ්‍යාව එක වාහනයකින් පමණක් වැඩි කර ඇති බවයි. දැන් එතුමාගේ පරිවාර වාහන සංඛ්‍යාව 4ක් බවත්, බොහෝවිට  මැතිවරණ රැස්වීමකට යනවිට අපේක්ෂකයන්ගේ වාහනද ජනපතිඳුන් සමග එක්වන බැවින් කෙ‍නෙකුට වැරදි වැටහීමක් ඇතිවිය හැකිබව සඳහන් කළ ඔහු, ජනපති පරිවාර රථ සංඛ්‍යාව 18කට වැඩිවූ බව පැවසීම නොමඟ යවන සුළු, අසත්‍යය ප්‍රකාශයක් බව අවධාරනය කළෙය.

    පසුගිය දින කිහිපයේ හුවමාරු වී තිබු මැතිවරණ රැළි සඳහා ජනපති ඇතුළු පිරිස වාහන පෙලකින් ගමන් කෙරුණු වීඩියෝ පට බොහෝදුරට මෙවැනි සටහන් නිර්මාණය වීමට හේතුවන්නට ඇතැයි අනුමාන කල හැක.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනපති පරිවාර රථ සංඛ්‍යාව වැඩිවී ඇත්තේ එක් රථයකින් පමණක් බව සහ දැන් එතුමාගේ පරිවාර රසංඛ්‍යාව රථ 4කට සීමාවී ඇති බවයි

    “ජනාධිපති වෙලා සති 2ක් වාහන 3ක් පාවිච්චි කරපු නන්දසේන “ස”   දැන් ආරක්ෂාවට තර්ජනයක් හින්දා වාහන 18ක් පාවිච්චි කරනවා” වදන් සහිතව ෆේස්බුක් මාධ්‍ය ජාලයහි ඉදිරිපත්ව ඇති සියළුම  සටහන් සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු, අසත්‍යය සටහනක් බව නිගමනය කරමු.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ජනපති විසින් ආරක්ෂක රටත් 18ක් යොදාගන්නා බවට සාවද්‍ය ප්‍රකාශයක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-07-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.