Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අගමැතිතුමාගේ ඉන්දීය සංචාරය පිළිබඳ පළවෙන සටහන්

    2020-02-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ඔහුගේ ප්‍රථම නිල සංචාරය සඳහා තෝරා ගත්තේ ඉන්දියාවය. මෙම සංචාරය සඳහා කටුනායක ගුවන්තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්ත පර්යන්තය භාවිතා කරමින් රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු පමණක් රැගෙන යාම කැපී පෙනෙන ලක්ෂණයක් විය. නව

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ඔහුගේ ප්‍රථම නිල සංචාරය සඳහා තෝරා ගත්තේ ඉන්දියාවය. මෙම සංචාරය සඳහා කටුනායක ගුවන්තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්ත පර්යන්තය භාවිතා කරමින් රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු පමණක් රැගෙන යාම කැපී පෙනෙන ලක්ෂණයක් විය.

    නව අගමැති ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මහතාද පෙබරවාරි මස 7 දින තම ප්‍රථම නිල සංචාරය ලෙස ඉන්දියාව බලා පිටත් විය. මෙම සංචාරය සඳහා ඔහු රැගෙන ගිය පිරිවර පිරිස පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුල නොයෙකුත් සටහන් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි. එවැනි සටහන් අතරින් බොහොමයක් උපහාසාත්මක සටහන් දක්නට ලැබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ඉලක්ක කරගෙනය.

    ටිකක් රිදෙයි නැමැති ෆේස්බුක් පිටුවක් “අගමැතිගේ ඉන්දියානු සංචාරයට යෝෂිත, යෝෂිතගේ බිරිඳ ඇතුළු තිස් නවයක් අගමැති මාධ්‍ය ඒකකයෙන් 8ක්, අගමැති ආරක්ෂක අංශයෙන් 12ක්, රියදුරන් තුන් දෙනෙක් ඇතුළත්. එන්න අපි තාලෙට කියමු වැඩ කරන අපේ විරුවාගේ කලිසම අයියා ගැලෙව්වා” යන වදන් රෝපණය කරන ලද සේයාරුවක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ප්‍රතිචාර සටහන් රැසක් සමගින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් දසදහසකට අධික සංඛ්‍යාවක් අතර මෙම සටහන හුවමාරු වී තිබුණි.

    තුංමංහන්දිය නමැති තවත් ෆේස්බුක් පිටුවක “නන්දසේන සර් පර්සි අයියාගේ ඉන්දියානු සංචාරයට එක්වුණු යෝෂිත පුතාගේ ආදරණීය බිරිද නිතිෂා ලේලටත් වියදම අපේ බදු මුදල්ද” යන වදන් රෝපණය කර සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් වී තිබුණේය. ප්‍රතිචාර සටහන් රැසක් සමගින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් හාරදහසකට අධික සංඛ්‍යාවක් අතර මෙම සටහන හුවමාරු වී තිබුණි.

    Link1Link2
    Archived Link1Archived Link2

    Nirosh Sns නමැත්තෙකු ඔක්කොම ඇඩ්ඩිං ඔක්කොම මෙම්බර් නමැති ෆේස්බුක් සමුහයක “ඔබ නුදුටු මහින්දගේ කෝවිල් සංචාරය” තේමාව යටතේ සේයාරුවක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබුණේය. “රැගෙන යාමට අනුමත ගණන 14යි රැගෙන ගිය ගණන 62යි. අනුමත වියදම් මුදල ලක්ෂ 74යි. වියදම් කළ මුළු මුදල ලක්ෂ 1042යි. වැඳපු කෝවිල් ගණන හයයි. ආපසු ලංකාවට ලබාගත් රාජ්‍ය තන්ත්‍රික වාසි බිංදුවයි. මුළු පාඩුව ලක්ෂ 968යි” යන වදන් එහි සටහන් කර තිබුණි. මවැනි සටහන් රැසක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි.

    Link Archived Link

    Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

    අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳව නිල ප්‍රකාශයක් සොයාගැනීමට අප රජයේ නිල ප්‍රවෘත්ති වෙබ් අඩවියේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතාගේ අත්සනින් යුත් පිටු හතරක නිවේදනයක් පෙබරවාරි මස 9 වන දින නිකුත් කර තිබුණි. අමාත්‍යවරුන් වන ආරුමුගම් තොන්ඩමන්, ඩග්ලස් දේවානන්ද, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු ඇමති ජී එල් පීරිස්, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිනී සෙනරත්, මුදල් අමාත්‍යාංශය ලේකම් එස්.ආර්. ආටිගල සහ විදේශ සබඳතා අමාත්‍ය ලේකම්  රවිනාථ ආර්යසිංහ මෙම නියෝජිත පිරිසට ඇතුළත් එන බව එහි සඳහන් කර තිබුණි. 

    PM-India-Visit-Press-Release

    තවදුරටත් කරුණු පරික්ෂා කිරීම සඳහා අප අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන් පසු අග්‍රමාත්‍ය මාධ්‍ය ලේකම් රෝහණ වැලිවිට මහතා හා පෙබරවාරි 12 වැනිදා සම්බන්ධ වීමු. රජයේ ප්‍රවෘත්ති අංශයේ නිල නිවේදනය දැක්වෙන පිරිසට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාත් ප්‍රභූ ආරක්ෂක කටයුතු පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා ඇති නාවික හමුදා නිලධාරියකු වන යෝෂිත රාජපක්ෂ මහතා එම කණ්ඩායමට ඇතුලත් වූ බව සහතික කල වැලිවිට මහතා මාධ්‍ය කැමරා, වීඩියෝ සහ සංස්කරණ යන සියලු කටයුතු සඳහා එක් අයෙකු සහභාගී වූ බවද අවධාරණය කර සිටියා. පසුගිය ජනපති හා අගමැති සංචාරවලදී මාධ්‍ය කණ්ඩායම 10-12 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් බවද ඒ මහතා පවසා සිටියා.

    ආරක්ෂක අංශය සඳහා තවත් 4 දෙනෙකු ඇතුළු ඇතුළු සම්පූර්ණ නියෝජිත පිරිස  විසි එක් දෙනෙකු ගෙන් සමන්විත වූ බව වැලිවිට මහතා අපට දන්වා සිටියා. යෝෂිත රාජපක්ෂ මහතාගේ බිරිඳ සහ රියදුරන් මෙම සංචාරයට සහභාගි නොවූ බවද ඔහු අවධාරණය කළේය. වාරණාසි සහ සාරනාත් සිද්ධස්ථාන වැඳපුදා ගෙන ඉසිපතන මිගාදයේ පුරාවිද්‍යා භුමියේ සංචාරයක නිරතවු බවද පැවසීය. එමෙන්ම තිරුපති කෝවිල වන්දනා සංචාරයකද නිරත වූ බව ද ඔහු පැවසීය. 

    එක් සටහනක දක්වා තිබු වියදම පිළිබඳ කරුණු විමසීමේදී වැලිවිට මහතා ප්‍රකාශ කර සිටියේ සංචාරය නිම වී පැමිණි දිනම වැයවූ මුදල පිළිබඳව පැවසීම ප්‍රයෝගික නොවන බව ප්‍රකාශ කර සිටි අතර එසේ වියදම් ප්‍රකාශ කරන්නේනම් ඔවුන් සතුව සංචාරයේ සිදුවූ වියදම් වලට අදාළ බිල්පත් යනාදියද තිබිය යුතු බැවින් මෙම ප්‍රකාශ පදනම් විරහිත බවත් පවසා සිටියා. 

    මෙම ඉන්දීය සංචාරය පිළිබඳ අදහස් දක්වමින් ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද සම්පුර්ණ පිරිස 21 දෙනෙකු බව මාධ්‍ය ස්කඡාවකදී සාකච්චාවකදී අවධාරණය කර සිටියේ මෙලෙසිනි.

    අවසාන නිගමනය

    අප කළ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ අගමැතිතුමාගේ ඉන්දීය නිල සංචාරය සඳහා සහභාගි වූ සම්පූර්ණ පිරිස විසිඑක් දෙනෙකුගෙන් සමන්විත වූ බවය. එමෙන්ම යෝෂිත රාජපක්ෂ මහතාගේ බිරිඳ සහ රියදුරන් මෙම සංචාරයට එක් නොවූ බවද සනාථ විය.

    ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය නිල සංචාරය පිළිබඳව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළවන ප්‍රවෘත්ති නොමඟ යවන සුළු ප්‍රවෘත්ති බවට නිගමනය කරමු.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:අගමැතිතුමාගේ ඉන්දීය සංචාරය පිළිබඳ පළවෙන සටහන්

    Fact Check By: Sahan Perera 

    Result: Partly False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-02-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.