Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සහරාන්ව පෝෂණය කලේ මහින්දල, ගෝඨාභයල ?

    2019-10-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    2019 පාස්කු ඉරුදින කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර සිදුවු ත්‍රස්ත ප්‍රහාරය මෑත කාලයේ දිවයින තුල සිදුවු ශෝකනීයම සිදුවීම විය. පෙර දැණුමක් තිබියදී පවා වලකා ගත නොහැකි වූ මෙම ප්‍රහාරය අලලා විවිධ සටහන් නිර්මාණය කර දේශපාලන වාසි ලබා ගැනීමට පාර්ශවන් උත්සා

    2019 පාස්කු ඉරුදින කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර සිදුවු ත්‍රස්ත ප්‍රහාරය මෑත කාලයේ දිවයින තුල සිදුවු ශෝකනීයම සිදුවීම විය. පෙර දැණුමක් තිබියදී පවා වලකා ගත නොහැකි වූ මෙම ප්‍රහාරය අලලා විවිධ සටහන් නිර්මාණය කර දේශපාලන වාසි ලබා ගැනීමට පාර්ශවන් උත්සාහ දරනු නිරීක්ෂණය වී ඇත.

    මෙවර ජනාධපතිවරනයේ උණුසුම් මාතෘකාවක් බවට ද මෙය පත්වී ඇත. පෙර පැවති රජය සමයේ මෙම ත්‍රස්ථවාදි සංගමයය රජය මගින් පෝෂණය කළබවට එක් පාර්ශවයක් චොදනා නගන අතර අනෙක් පාර්ශය පවසන්නේ දැන්පවතින රජයේ මැති ඇමතීන් මෙම ත්‍රස්ථයන් පෝෂණය කළ බවය.

    මෙම ත්‍රස්ථයන් සහ අනුගාමිකයන් දේශපාලනඥයින් සමග සමීප සම්බන්ධතා තිබුණා යැයි පෙන්වීමට විවිධ ආකාරයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල පසුගිය දින කිහිපය පුරාම බොහෝ සේ දැකගන්නට හැකිවිය.

    ඔක්තෝබර මස 22 දින “සහරාන්ව පෝෂනය කලේ මහින්දල, ගෝඨාභයල කියල කිව්වම ඒකට සාක්ෂි ඉල්ලපු බයියන්ට.” යන තේමාව යටතේ තිලිණ මධුශංක සඳුන්සිරි නැමැත්තෙකු විසින් පලකරන ලද සටහනට අපගේ අවධානය යොමුවිය. එම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබිණි. පහත දක්වා ඇත්තේ එහි සේයාරුවකි. 

    Facebook LinkArchived LinkFacebook Link 2Archived Link 2

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සේයාරුව හොඳින් නිරීක්ෂණය කිරීමේදි හැඟි ගියේ සහරාන් ලෙස ඡායාරූපයේ පෙන්වාදී ඇති පුද්ගලයාගේ හිස සහ කඳෙහි අනුපාතයන් අතර වෙනස් කමක් ඇති බවයි. එමෙන්ම එම සේයාරුව නිසි ලෙස සංස්කරනය නොකර ඇති බවටද කිහිප දෙනෙක්ම ප්‍රතිචාර දක්වා තිබූ අතර තවත් අය විසින් මුල් ඡායාරූපය ලෙස පෙන්වමින් ඡායාරූපයක් පළකර තිබුණා.ඒ අනුව මෙම සේයාරුව සරල  google reverse image search යොමු වකට යොදන ලදි. එහිදී මෙම ඡායාරූපය මීට පෙර වාර ගණනාවකදී භාවිතා තිබූ ඡායාරූපයක් බව පැහැදිලි විය.

    Reverse Image Search Results

    ඒ අනුව අපි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහාතාගේ ට්විටර් ගිණුමේ අදාළ සටහන පරීක්ෂාවට ලක් කළෙමු. 2019 පෙබරවාරි මස 15 දින පල කර තිබු සටහනේ සිංහල පරිවර්තනය මෙලෙසිනි “මුස්ලිම් සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයින් හමුවී යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ඔවුන් දක්වන විරෝධතාවය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි. මුස්ලිම් දේශපාලන පක්ෂවල මතය ඔවුන්ගේ ප්‍රජාවේ මතය නියෝජනය කිරීමක් නොවන බව ඔවුන් පවසා සිටියා”.

    Twitter Link of @PresRajapaksaArchived Link

    මේ අනුව ඉහත දක්වා තිබෙන්නේ ප්‍රකාශිත ඡායාරූපයේ මුල් ඡායාරූපයයි. මෙම ඡායාරූපයේ ඇත්තවශයෙන්ම සිටින මුස්ලිම් සංවිධාන සාමාජිකයින් කවුරුන්දැයි කිහිප දෙනෙකුම විසින් ප්‍රශ්න නගා තිබූ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුස්ලිම්වරු (SLPP Muslims) නමැති ට්විටර් ගිණුමක් මගින් එම ඡායාරූප සහිත පහත සටහන පල කර තිබෙනු අපට දැකගන්නට ලැබුණා.

    SLPP Muslims Twitter LinkArchived Link

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පෙනී යන්නේ “සහරාන්ව පෝෂනය කලේ මහින්දල, ගෝඨාභයල කියල කිව්වම ඒකට සාක්ෂි ඉල්ලපු බයියන්ට.” යන තේමාව සහිත පළකර ඇති සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහාතාගේ නිල ට්විටර් ගිණුමේ පෙබරවාරි මස 15 දින, මුස්ලිම් සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයින් හමු වූ අවස්ථාවක් සම්බන්ධයෙන් පළව තිබු සටහනකින් ලබාගත් ඡායාරූපයක් සංස්කරණය කොට පළ කර ඇත

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.