Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ආහාර පිළියෙළ කිරීම සම්බන්ධව කුරාණයේ සඳහන්යැයි සංසරනය වන වෛරී සහගත, සාවද්‍ය පුවතක්.

    2020-05-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඇතැම් ආගමික කරුනු විවිධ ස්වරූපයෙන් අර්ථ දක්වමින් මුහුනුපොතේ සංසරනය වීම අපට  නිතර දැකගත හැකිය. ආගමික ශාස්තෘවරුන් කල දේශනා මෙන්ම ආගම් වල විස්තරාත්මක සාධක ඇතුලත්ව ලියන ලද පොත පත මුල් කරගෙන එහි ඇතැම් කොටස් මූලික කරගනිමින් විවිධ සංවාද විවාද සමාජ මාධ්‍ය තුල ඇති

    ඇතැම් ආගමික කරුනු විවිධ ස්වරූපයෙන් අර්ථ දක්වමින් මුහුනුපොතේ සංසරනය වීම අපට  නිතර දැකගත හැකිය. ආගමික ශාස්තෘවරුන් කල දේශනා මෙන්ම ආගම් වල විස්තරාත්මක සාධක ඇතුලත්ව ලියන ලද පොත පත මුල් කරගෙන එහි ඇතැම් කොටස් මූලික කරගනිමින් විවිධ සංවාද විවාද සමාජ මාධ්‍ය තුල ඇතිවන බව අපිට නිතර දැකගන්නට පුලුවන්.

    පසුගිය දිනෙක එසේ පලවූ සටහනක් දෙස අපගේ අවධානය යොමු වුනා.ප්‍රභා මාන්නප්පෙරුම නම් අයෙකු විසින් පලකරන ලද එම පුවත පන්සියයකට අධික පිරිසක් හුවමාරු කරගෙන තිබුනා. එහි මූලිකවම සටහන්ව තිබුනේ

    “ඔබ දන්නවාද කුරානයට අනුව අනෙක් ජාතින් වෙනුවෙන් සාදන ආහාර සඳහා තුන් වරක් කෙළ ගසන බව.” යනුවෙනි,

    Original Link       Archived Link

    එහි වැඩිදුරටත් සටහන්ව තිබුනේ  “මේක අත්තක් කියලා විශ්වාස නොකරයි හැමෝම. එත් ඇත්ත මේක තමා. මෙහෙම ආහාරවලට කෙලගසා දීමෙන් ඒ ආහාර ගන්නා අය වශීවෙන බව උන්ගේ විශ්වාසයයි. ඒ නිසා හොරෙන්ම ආහාරවලට චුට්ටක් කෙල ගහනවා. එහෙම වශීවෙන නිසා නැවත නැවත කඩේට එනවබ උන්ගේ විශ්වාසයයි.”

    මෙම පුවත පල කර ඇති ආකාරය අපහාසත්මක වෛරී ආකාරයෙන් නිසාත් කුරානයේ සටහන්ව ඇති දෙයක් යැයි පවසා ඇති කරුනක් නිසාත් මේ සම්බන්ධ කරුනෙහි සත්‍ය අසත්‍යතාවය පිලිබඳව සොයා බැලීමට අප කටයුතු කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    මේ කරුන සම්බන්ධව අප මූලිකව සමස්ත ලංකා ජමියතුල්ලා උලමාවරුන්ගේ සංගමයේ ප්‍රධානියෙකුගෙන් ගෙන් කරුනු විමසුවා.එහිදී ඔහු අවධාරණය කර සිටියේ එලෙස කුරානයට අනුව අනෙක් ජාතීන් වෙනුවෙන් සාදන ආහාර සඳහා තුන් වරක් කෙල ගැසිය යුතුයැයි පවසන කරුන සම්පූර්නයෙන්ම වැරදි ජනතාව මුලා කරවන ප්‍රකාශයක් බවයි. 

    වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් එතුමා අපට පවසා සිටියේ ඉස්ලාම් දහමේ කිසිදු ස්ථානයක මෙබඳු පිළිකුල් සහගත ක්‍රියාවක් සම්බන්ධයෙන් සඳහනක් හෝ නැති බවය. කුරානයේ හෝ නබි සල් තුමාගේ ඉගැන්වීමේ ද මෙබඳු කරුණක් ප්‍රකාශව නැති බව තහවුරු කළ එතුමා මෙබඳු ජාතීන් අතර වෛර සිතුවිලි ඇති කරන සටහන් පළකරන පුද්ගලයන් තරයේ හෙළා දකින බවද අවධාරණය කර සිටියා.

    මේ කාරනය පිලිබඳව වැඩි දුරටත් සලකා බැලීමේදී සිංහලෙන් ලියවී ඇති කුරානයේ පිටපතක් පරිශීලනය කල අතර එහි කිසිඳු ස්ථානයකද ඉහත සටහනේ දක්වා තිබු පරිදි අනෙක් ජාතීන් වෙනුවෙන් සාදන ආහාර සඳහා තුන් වරක් කෙල ගසනා බවක් හෝ ඊට අදාල ප්‍රකාශයක් සටහන්වී තිබුනේ නැත. කුරානයේ සිංහල පිටපත සඳහා මෙතනින් යොමුවෙන්න. 

    Quran Sinhala Translation

    පසුගිය දිනවල ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වලද හුවමාරු වූ වීඩියෝ පටයක් මුල් කරගෙන මෙම ව්‍යාජ පුවත නිර්මානය ව ඇති බවක් අනුමාන කලහැකියි.ඉන්දියාවේ පලතුරු වෙලදාමේ නියුතු වන වෙලෙ‍ඳෙක් තම කෙල එම පලතුරු වලට එකතු කරන බවක් දැක්වෙන වීඩියෝ පටයක් මෙලෙස පසුගිය කාලයේ බහුල ලෙස සංසරනය උනා.

    මෙම වීඩියෝ පටයට අදාල සිදුවීම ඉන්දියාවේ Raisen ප්‍රදේශයේ සිදුව ඇති බවත් එය පැරනි වීඩියෝ පටයක් බවත් සනාත කර තිබෙන අතර එම පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා

    මේ සිදුවීමට අදාල වීඩියෝ පට්යට අදාල පුවත පහලින්.

    එසේම තවදුරටත් කරුණු පරීක්ෂා  කිරීමේදී මෙසේ මුස්ලිම් පිරිස් ආහාරවලට කෙල එකතු කරන බවට නොමඟයවනසුළු සටහන් රැසක් ඉන්දියාවෙන් පසුගිය කාලවකවානුවේදී වාර්තා වී තිබු අයුරු දැකගනන්ට හැකිවුනා.

    Google Search

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කුරානයට අනුව වෙනත් ජාතීන් වෙනුවෙන් සාදන ආහාර සඳහා තුන් වරක් කෙල ගැසිය යුතු යැයි පලකර ඇති ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති වෛරී සිතුවිලි ඇතිකරන සටහනක් බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ආහාර පිළියෙළ කිරීම සම්බන්ධව කුරාණයේ සඳහන්යැයි සංසරනය වන වෛරී සහගත, සාවද්‍ය පුවතක්.

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.