Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කළේද?

    2019-11-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් 21 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේ ය. මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටි අතර ඔවුන් අතට අත දී සුබපතන ඡයාර

    ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් 21 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේ ය. මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටි අතර ඔවුන් අතට අත දී සුබපතන ඡයාරූපයක් , 2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කර ඇති බව හැඟෙන ආකාරයේ ඡයාරූපයක් සමඟ සංසන්දනය කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනු දක්නට ලැබුණි.  

    එවැනි එක් සටහනක දක්නට ලැබුනේ “රනිල් මහත්තයෝ. උබට මතකද මේ දවස. මහින්ද මහත්තය පරාජය බාරගෙන උබට සුබ පතන්න ආවම දුන්නු ලොකු සීන් එක. මහින්ද මහත්තය හිනා වෙලා ඒක අමතක කරාට අපේ පපුවට පිහියෙන් ඇන්න උබ” යනුවෙනි.

    Facebook LinkArchived Link

    ඒ සම්බන්ධව පළවූ තවත් සටහනක් දක්වා තිබුනේ “ ඒ තමයි රාජපක්ෂවරුන්ගේ මනුස්සකම…” යනුවෙනි.

    Facebook LinkArchived Link

    ඒ සම්බන්ධව පළවූ තවත් සටහනක් පහතින්

    Twitter LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ  සම්බන්දව අප කරුණු සොයා බැලුවා. මුලින්ම ගුගල් (Reverse Image Search ) හරහා පලවන ඡායාරූපය නිරීක්ෂණය කරනු ලැබුවා. ඒ අනුව පැහැදිලි වුයේ මෙම සිද්ධිය 2015 අගෝස්තු මස 21 රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයේදී සිදුවූ සිදුවීමක් බවයි.

    2015 අගෝස්තු මස 21 රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයේ වීඩියෝපට සහ සජීවී වාර්තකරණයන් අප සොයා බලනු ලැබුවා. එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන රනිල් වික්‍රමසිංහ මහතා හට , මහින්ද රාජපක්ෂ මහතා අතට අත දීමට සුදානම් වුවද, රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට ගොස් ගරුතර පුජ්‍ය පක්ෂයට වන්දනාමාන කර ඉන් අනතුරුව යලි පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට අතට අත දෙන බව පෙනී ගියා.

    විනාඩි 14.35 සිට 14.55 දක්වා එම සම්පුර්ණ සිදුවීම පහතින් බලන්න.

    Hiru Live Video of PM taking oath in 2015

    තවත් බොහොමයක් වෙබ් අඩවි මඟින්ද මෙම අවස්ථාව වාර්තා කර තිබුණා

    Gossip Lanka Video

    රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයේදී  මහින්ද රාජපක්ෂ මහතා වෙත දැත් අල්ලා අතට අත දුන් අයුරු “Daily Mirror” වාර්තා කර තිබු අයුරු පහතින්.

    DM TwitterArchived Link

    මෙම සිද්ධිය පිලිබඳ විස්තර කිරීමක් හිරු එෆ් එම් (Hirufm.lk)  පුවත් අඩවිය වාර්තා කර තිබුනේ මෙලෙසින්

    Hiru FM Archive 

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කර නොමැති අතර, ගරුතර පුජ්‍ය පක්ෂයට වන්දනාමාන කර ඉන් අනතුරුව යලි පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට අතට අත දෙන බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.