Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රතන හිමි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දීමෙන් ඉවත් වෙයි ?

    2019-11-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    එක්සත්  ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ අතුරලියේ රතන හිමියන් 2019  ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කර සිටි පසුබිමක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය නොදක්වන බව පළ කරමින්,  අතුර

    එක්සත්  ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ අතුරලියේ රතන හිමියන් 2019  ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කර සිටි පසුබිමක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය නොදක්වන බව පළ කරමින්,  අතුරලියේ රතන හිමියන්ගේ  ලිපි ශීර්ෂය රැගත් ලිපියක් සමාජ මාධ්‍ය ජාලා තුල සැරිසරන්නට පටන් ගත්තේය.

    සජිත් සමග SPLANKA ෆේස්බුක් සමුහයේ නලින්ද කරුණාරත්න නැමැත්තෙක් “රතන හිමිගෙන් සජිත්ට තල්ලුවක්” යන මැයින් එම ලිපියේ අඩංගු කරුණු පාදක කර ඉදිරිපත්ව තිබූ සටහනකට බොහෝ ප්‍රතිචාර ලැබී තිබිණි.

    Facebook LinkArchived Link

    එම ලිපිය අඩංගු සටහන් ද කිහිපයක්ම WhatsApp, Twitter ඇතුළු අනෙකුත් සමාජ ජාලා ඔස්සේද පළ වී තිබූ අතර මේ වනවිට කිහිපයක්ම ඉවත් කරගෙන ඇති බවද අපට දැකගන්නට ලැබුණා. 

    Facebook LinkArchived Link

    රතන හිමි විසින් එබඳු ලිපියක් මෙම අවස්ථාවේ පළ කළේ යැයි විශ්වාස කිරීමට අපහසු බැවින් සහ බොහෝ දෙනෙක් විසින් එම ලිපිය ව්‍යාජ ලිපියක් යැයි අදහස් දක්වා තිබූ නිසා මේ පිළිබඳ විමර්ශනයක් කළෙමු

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පහත දක්වා තිබෙන්නේ එසේ සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ ලිපියේ පැහැදිලි ඡායාරූපයකි.

    බැලූ බැල්මටම නිල ලිපි ශීර්ෂක් ලෙස පෙනී ගිය බැවින් එම ලිපි ශීර්ෂයේ සඳහන් දුරකථන අංකයෙන්ම (0112882198) මේ පිළිබඳව විමර්ශනයක් සිදු කළෙමු.  එහිදී එය රතන හිමියන්ගේ කාර්යාලය බවත් ඉහත ලිපිය සම්පූර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද ලිපියක් බවත් ඒ පිළිබඳ නිල නිවේදනයක් රතන හිමියන්ද නිකුත් කරන බවත් පවසා සිටියා.

    රතන හිමියන්ගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ එසේ ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපිය පිළිබඳව කරුණු දක්වා තිබුනේ මෙලෙසිනි. “පරාජය අභියස ගෙනයන අසත්‍ය ප්‍රචාරයන්ට හසුනොවන්න! නින්දිත මඩ දේශපාලනය නිමාකොට ගෝඨාභය රාජපක්ෂ මහතා 7වැනි විධායක ජනපති ලෙස ජනතාභිශේකයෙන් කිරුළු පළදවමු.”

    Facebook Link Archived Link

    2009 වසරේ යොදාගත් ලිපි ශීර්ෂයක ව්‍යාජ කරුණු දක්වමින් ව්‍යාජ අත්සනක් ද සහිතව සමාජ ජාල තුළ සිදුකළ මෙම ප්‍රචාරය දැඩි ලෙස හෙළා දකිමින් අද සවස පැවති ජන රැළියකදී රතන හිමියන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පහතින්.

    https://www.facebook.com/hirunews/videos/997600273927732/
    Video Link 

    අවසාන නිගමනය

    මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ව්‍යාජ ලිපි ශීර්ෂයක ව්‍යාජ අත්සනක් ද යොදමින් රතන හිමියන්ගේ යැයි පළ කරන ලද ලිපිය සහ ඒ හා බැඳුණු සටහන් සියල්ලක්ම සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි   

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.