Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවේ සමන්තිකා කුමාරසිංහට ?

    2019-12-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගියදා ලෝක විවාහක රූ රැජින තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කැරොලයින් ජුරි මහත්මියට හිමි වීමත් සමගම බොහෝ ලාංකිකයන් අතර රූ රැජින තරගාවලි සම්බන්ධයෙන් අවධානය යොමු විය. පසුගියදා පැවති විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග දෙකෙන් ජයග්‍රහණ පිළිවෙලින් දකුණු අප්‍රික

    පසුගියදා ලෝක විවාහක රූ රැජින තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කැරොලයින් ජුරි මහත්මියට හිමි වීමත් සමගම බොහෝ ලාංකිකයන් අතර රූ රැජින තරගාවලි සම්බන්ධයෙන් අවධානය යොමු විය. පසුගියදා පැවති විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග දෙකෙන් ජයග්‍රහණ පිළිවෙලින් දකුණු අප්‍රිකාවේ සහ ජැමෙයිකවේ කාන්තාවන් දෙදෙනෙකු හට හිමිවීමද බොහෝ පිරිස් අතර කතාබහට ලක්විය.

    එබඳු පසුබිමක ශ්‍රී ලාංකිකයකු වන තවත් රූ රැජිණ ජයග්‍රහණයක් ලැබීම පිළිබඳව පසුගියදා පළවුණේ “2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවේ සමන්තිකා කුමාරසිංහට..” යනුවෙනි.

    Facebook LinkArchived Link

    සමන්තිකා කුමාරසිංහ මහත්මිය සම්බන්ධයෙන් පළ වී ඇති වාර්තා නිරීක්ෂණය කිරීමේදී ඉහත ප්‍රවෘත්තිය සඳහන් වන වීඩියෝ කිහිපයක්ද පළ වී තිබෙනු අපට දැකගන්නට හැකිවිය.  එම වීඩියෝ වල ද සඳහන් වී තිබුණේ ද ඇය විවාහක ආසියාතික රූ රැජින කිරුළ ජයග්‍රහණය කර ගත් බවයි

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    විවාහක ආසියාතික රූ රැජින (Mrs Asia International 2019) යනුවෙන් ගූගල් සෙවුමක් කිරීමේදී අපට Bhavya Srivasatava (භාව්‍යා ස්රිවාස්ටව) නමැති ඉන්දියානු කාන්තාවක් ද මෙම ජයග්‍රහණය ලබා ගෙන ඇති බවට වීඩියෝවක් පළවී තිබෙනවා දැක ගන්නට ලැබුණා.

    Google Search Results : Mrs Asia International 2019

    එබැවින් මෙම තරඟය පිළිබඳ තොරතුරු මුලින් පරික්ෂා කිරීම සඳහා තරඟය සම්බන්ධයෙන් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවේ විස්තර පරීක්ෂා කළෙමු.

    විවාහක සහ ජේෂ්ඨ  කාන්තාවන් සඳහා ඔවුන්ගේ සුන්දරත්වය, කුසලතා සහ සාර්ථකත්වය විදහා දැක්වීමේ වේදිකාවක් ලෙස Mrs. Asia International Pageant සංවිධායකවරුන් මෙම තරඟය හඳුන්වාදී තිබේ.  තවද පසුගිය වසර කිහිපයේදී ජයග්‍රාහිකාවන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අපට පෙනීගියේ මෙය එක් කාණ්ඩයක් යටතේ පමණක් නොව කාණ්ඩ ගණනාවක් යටතේ ජයග්‍රාහිකාවන් කිහිප දෙනෙකු තෝරා ගන්නා තරඟයක් බවයි

    ඉහත සටහන සඳහා යොදාගෙන ඇති ඡායාරූප කිනම් අවස්ථාවක දී ලබාගත් ඡායාරූප දැයි විමර්ශනය කිරීමේ දී අපට පෙනී ගියේ නොවැම්බර් මස 24 වැනි දින Mrs. Asia International Pageant තරඟාවලියේ ෆේස්බුක් පිටුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සමන්තිකා කුමාරසිංහ මහත්මිය අලලා පළවූ සටහනකින් ලබාගෙන තිබු බවයි.

    Facebook LinkArchived Link

    මෙම ෆේස්බුක් පිටුව ම තවදුරටත් පරීක්ෂා කිරීමේදී අපට පෙනී ගියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී තිබූ සමන්තිකා කුමාරසිංහ මහත්මිය ලෝක සාමය සඳහා ආසියාතික විවාහක රූ රැජිණ යන කාණ්ඩයෙන් ජයග්‍රහණ ලබාගෙන ඇති බවයි. තවද ඉන්දියාව නියෝජන කරමින් සහභාගී වී ඇති Bhavya Srivasatava (භාව්‍යා ස්රිවාස්ටව) මහත්මිය සංචාරක ක්ෂේත්‍රය සඳහා ආසියාතික විවාහක රූ රැජිණ යන කාණ්ඩයෙන් ද ජයග්‍රහණ ලබාගෙන ඇති බවයි. 

    ප්‍රධාන කාණ්ඩ ඔස්සේ ජයග්‍රහණය ලබා ගත් රූ රැජිණියන් පහතින් දැක්වෙන අතර ඊට අමතරව තවත් කාණ්ඩ ගණනාවක් ඔස්සේ ජයග්‍රහණය කිහිප දෙනෙකුම ලබාගෙන ඇති බව අපට නිල ෆේස්බුක් පිටුව පරික්ෂා කිරීමේදී පැහැදිලි විය.

    Facebook LinkArchived Link

    තවද මෙම තරඟය සඳහා ශ්‍රී ලාංකීය කාන්තාවන් අවස්ථා ගණනාවකදීම සහභාගී වී ජයග්‍රහණද ලබාගෙන ඇති බව අපට දැකගන්නට හැකි වුනා

    Mrs. Asia International Pageant

    අවසාන නිගමනය

    මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ අසියාතික විවාහක රූ රැජින තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ සමන්තිකා කුමාරසිංහ මහත්මිය ලබා ඇති බව හඟවමින් පලදී ඇති සටහන් සහ වීඩියෝ නොමඟ යවන සුළු බවයි. ඇත්ත වශයෙන්ම සමන්තිකා කුමාරසිංහ මහත්මියට හිමිවී ඇත්තේ ලෝක සාමය සඳහා අසියාතික විවාහක රූ රැජිණ කාණ්ඩයේ ජයග්‍රහණයයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවේ සමන්තිකා කුමාරසිංහට ?

    Fact Check By: Sahan Perera 

    Result: Partly False

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.