Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : සම්පත් විදානපතිරණ, අබ්දුල් රාසික් මෙවර මැතිවරණයට පොදු ජන පෙරමුණින් ඉදිරිපත් වන්නේ නැත!

    2020-06-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාර්ලිමේන්තුව මහ මැතිවරණ වේදිකාව ක්‍රමයෙන් උණුසුමත් සමගම අපේක්ෂකයින් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ නිර්මාණය වීම සාමාන්‍යයෙන් දැකගන්නට ලැබේ. මේ අයුරින් වෛද්‍ය සාෆි, මොහොමඩ් ඉබ්‍රාහිම් යන අය මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවට පළවූ සාවද්‍ය සටහන් පිළිබඳව අප විසින්

    පාර්ලිමේන්තුව මහ මැතිවරණ වේදිකාව ක්‍රමයෙන් උණුසුමත් සමගම අපේක්ෂකයින් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ නිර්මාණය වීම සාමාන්‍යයෙන් දැකගන්නට ලැබේ. මේ අයුරින් වෛද්‍ය සාෆි, මොහොමඩ් ඉබ්‍රාහිම් යන අය මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවට පළවූ සාවද්‍ය සටහන් පිළිබඳව අප විසින් සිදුකරන ලද කරණු අනාවරණයන් සිදුකරන ලදි.

    එම තේමාව යටතේම හුවමාරු වූ සටහනක මෙම කතාංගය දක්නට ලැබුණි. “බ්‍රිතාන්‍ය ජාතික ෂෙයික් කුරාන් ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය සමුහ දුෂණයට ලක්කල පොහොටුට්වේ තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ පොදු ජන පෙරමුණේ හම්බන්තොට පැතුම පාර්ලිමේන්තුවට යවමු”. එමඟින් පෙන්වා දී තිබුනේ අංක 9 යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සම්පත් විදානපතිරණ නැමැත්තෙකු පොදු ජන පෙරමුණින් තරඟ කරන බවය. එම සටහන පහතින්

    LinkArchived Link

    එසේම “මඩකලපුව දිස්ත්‍රික්කයේ අපගේ බලාපොරොත්තුව මහාචාර්ය අබ්දුල් රාසික්” යනුවෙන් හුවමාරු වූ උපහාසාත්මක සටහනක දැක්වුනේ ඔහු අංක 5 යටතේ පොදු ජන පෙරමුණින් තරඟ වදින බවය. පසුගිය ජනාධිපතිවරණ සමයේද අබ්දුල් රාසික්ගේ සහාය ගෝඨාභයට යනුවෙන් හුවමාරු වූ සටහන් පෙළක් පිලිබඳ අප විමර්ෂණයක් සිදුකරන ලදී.

    LinkArchived

    මෙම සටහන්වලට ලැබී තිබූ ප්‍රතිචාර අතර බොහෝ දෙනෙක් මෙය සාවද්‍ය ප්‍රකාශ බව හඳුනා ගෙන තිබු බැවින් මේ පිළිබඳව කෙටි ආවරණයක් සිදු කිරීමට අදහස් කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත ප්‍රකාශයේ පෙන්වා දී තිබුණේ සම්පත් විදානපතිරණ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරඟවදින බැවින් මැතිවරණ කොමිසම විසින් පළ කරන ලද සියලුම දිස්ත්‍රික්ක වල අපේක්ෂකයින්ගේ නාම ලයිස්තුව ඇතුලත් ගැසට් නිවේදනය පරීක්ෂාවට ලක් කළෙමු. මේ පහත දැක්වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවයි.

    Election Commission Link   |  CMEV

    එහිදී අපට පෙනී ගියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අංක 9 යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන්නේ වලිමුනිගේ ලයනල් සුබසිංහ නැමැත්තෙකු බවයි. අනෙකුත් සියලු දිස්ත්‍රික්කවල පොහොට්ටුව යටතේ සම්පත් විදානපතිරණ යන අයකු තරග කරන්නේ නැති බව ද පැහැදිලි විය.

    සම්පත් විදානපතිරණ සම්බන්ධයෙන් පළ වී ඇති ප්‍රවෘත්ති පිළිබඳ විමර්ශනය කිරීමේ දී 2019 වසරේ මාර්තු මාසයේදී පුවත්පත් කිහිපයක්ම පළ කර තිබූ වාර්තාවල සඳහන් වූයේ “තංගල්ල ද නේචර්  හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දුෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණය මඟින් තංගල්ල ප‍්‍රදේශීය සභාවේ  හිටපු  සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු චූදිතයින් සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපතිවරයා සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම් දෙක  අද (13) ඔවුන් විසින් ඉල්ලා අස් කර ගන්නා ලදී” යනුවෙනි.

    LankdeepaDinamina

    මඩකලපුව දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ නාම ලැයිස්තුවේ අබ්දුල් රාසික්ගේ නම නොතිබූ අතර අංක 5 යටතේ පොදු ජන පෙරමුණේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරඟ කරන්නේ පොන්නම්පලම් ධර්මෙන්ද්‍රා යන අයෙකි.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සම්පත් විදානපතිරණ සහ අබ්දුල් රාසික් පොදු ජන පෙරමුණේ පිළිවෙලින් හම්බන්තොටින් සහ මඩකලපුවෙන් තරඟ කරන බවට පලවී ඇති ප්‍රකාශ සම්පුර්ණයෙන්ම සාවද්‍යයි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.