Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලංකාවේ කුඩා දරුවෙකු විසින් සිදුකළ නිර්මාණයක්ද?

    2020-06-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලොව වෙනත් ප්‍රදේශවල දක්නට ලැබෙන නිර්මාණ ලංකාවේ නිර්මාණ යයි සාවද්‍ය ලෙස පෙන්වා දෙන සටහන් කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දැකගන්නට ලැබේ. මෙම වසර මුලදී ඇතිවූ තාප්පවල චිත්‍ර නිර්මාණය කිරීමේ රැල්ලේදී ද ලොව වෙනත් ප්‍රදේශවල තිබු නිර්මාණ ලංකාවේ යැයි පෙන්ව

    ලොව වෙනත් ප්‍රදේශවල දක්නට ලැබෙන නිර්මාණ ලංකාවේ නිර්මාණ යයි සාවද්‍ය ලෙස පෙන්වා දෙන සටහන් කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දැකගන්නට ලැබේ. මෙම වසර මුලදී ඇතිවූ තාප්පවල චිත්‍ර නිර්මාණය කිරීමේ රැල්ලේදී ද ලොව වෙනත් ප්‍රදේශවල තිබු නිර්මාණ ලංකාවේ යැයි පෙන්වමින් සාවද්‍ය සටහන් හුවමාරු වනු දැකගන්නට ලැබුණි.

    මේ අයුරින්ම සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් හුවමාරු වී තිබු සටහනක “කොහොමද පොඩ්ඩාගේ වැඩ” යන තේමව යටතේ කුඩා දරුවකුගේ මුහුණක් අඹා තිබු රුපයක ඡායාරුපයක් පෙන්වා දී තිබුනේ “කුහක නොවී අගය කරමු ඔහුව , මේ ඉන්නේ අම්පාරේ සුපුන්, වයස අවුරුදු දහතුනයි, දක්ෂ මුර්ති ශිල්පියෙක්…. තාත්තගේ ගඩොල් මැටිගොඩේ සුපුන් ඔහුගේම මුහුණ අඹලා අගය කරගන්න ඕන පොඩ්ඩෙක්..” යනුවෙනි.

    LinkArchived Link

    මෙම ප්‍රකාශයම රැගත් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් හුවමාරු වී තිබීම නිසා මේ පිළිබඳ කරුණු විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙවැනි පුවතක් ලංකාවේ ප්‍රධාන මාධ්‍ය තුලින් වාර්තා වී තිබෙනු දැකගන්නට නොලැබුණු අතර ඉහත ඡායාරුපය Google Reverse Image සෙවුමකට ලක් කිරීමේදී දැකගන්නට ලැබුනේ මෙහි මුල් ඡායාරුපයේ Shot by SN Art Sadananda යනුවෙන් සඳහන් වී තිබුණි.

    මේ පිලිබඳ විමර්ශනය කිරීමේදී අපට දැකගන්නට ලැබුනේ S N Sadananda යනු ඇත්ත වශයෙන්ම ඉන්දියානු තරුණ කලා ශිල්පියෙකු බවත් මෙම නිර්මාණයට ඇතුලත් ඡායාරුපය ඔහු තම ෆේස්බුක් පිටුවේ සහ ගිණුමේ පළකර තිබු බවත්ය.

    LinkArchived LinkFB Account

    ජුනි මස 2වැනි දින පළකර තිබු මෙම ඡායාරූපයේ දක්වා තිබුනේ මෙය මැටි භාවිතයෙන් නොව වැලි යොදා ගනිමින් කල නිර්මාණයක් බවයි. S N Sadananda යන ශිලිපියගේ නිර්මාණයේ ඡායාරුපය සහ අම්පාරේ දරුවකු යනුවෙන් සමාජ මාධ්‍යවල හුවමාරු වූ ඡායාරුපය එකක් බව පහත සංසන්දනයෙන් පැහැදිලි වන අතර ඔහුගෙන් මේ පිලිබඳ සිදුකරන ලද විමර්ශනයකදී එය ඔහුගේම නිර්මාණයක් බවද තහවුරු කර සිටියා.

    එසේම මෙම ශිල්පියා මෙවැනි නිර්මාණ රැසක් සිදුකර ඇති බව ඔහුගේ සමාජ මාධ්‍ය පිරික්සීමේදී අපට දැකගන්නට හැකි වූ අතර මෙම ශිල්පියා ඉන්දියාවේ ඔරිසා ප්‍රාන්තයේ වෙසෙන බවද දැකගන්නට ලබුනා. තවද ඉහත නිර්මාණය සඳහා නිරූපණ ශිල්පියා වශයෙන් සිටි රාජේශ් නමැති ඉන්දීය දරුවා සහ වෙනත් පුද්ගලයින් සඳහා ඔහු විවිධ අමුද්‍රව්‍ය යොදාගනිමින් නිර්මාණ රැසක් සිදුකර ඇති බව දැකගන්නට ලැබුණා. AFP පුවත් සේවය මඟින් ද මේ පිලිබඳ අනාවරණයක් සිදු කර තිබුණා.

    Photo Album

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “මේ ඉන්නේ අම්පාරේ සුපුන්, වයස අවුරුදු දහතුනයි, දක්ෂ මුර්ති ශිල්පියෙක්…. තාත්තගේ ගඩොල් මැටිගොඩේ සුපුන් ඔහුගේම මුහුණ අඹලා අගය කරගන්න ඕන පොඩ්ඩෙක්” යන සටහන යටතේ ඉදිරිපත් කර ඇති ඡායාරුපයේ ඇත්ත වශයෙන්ම සිටින්නේ රාජේශ් නමැති ඉන්දියානු දරුවකු බවත් සද්දානන්ද නමැති ඔරිසා ප්‍රාන්තයේ මුර්ති ශිල්පියෙකු වැලි මඟින් කල නිර්මාණයක් බවත්ය.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ලංකාවේ කුඩා දරුවෙකු විසින් සිදුකළ නිර්මාණයක්ද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.