Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාරගේ නම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට යෝජනා කර තිබේද ?

    2020-06-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෑතකදී  කළ ප්‍රකාශයක් නිසා ක්‍රීඩා ලෝකය මේ වනවිට දැඩි ආන්දෝලනයකට පත්වී තිබේ. ශ්‍රී ලංකාව  සහ ඉන්දියාව අතර පැවැති 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දී ඇතැයි එවකට ක්‍රීඩා අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනාවරණ

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෑතකදී  කළ ප්‍රකාශයක් නිසා ක්‍රීඩා ලෝකය මේ වනවිට දැඩි ආන්දෝලනයකට පත්වී තිබේ. ශ්‍රී ලංකාව  සහ ඉන්දියාව අතර පැවැති 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දී ඇතැයි එවකට ක්‍රීඩා අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනාවරණය කළේය.

    හිටපු ක්‍රීඩක නායක කුමාර සංගක්කාර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අදහස් දක්වමින් පවසා තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙතරම් බරපතල ප්‍රකාශයක් සිදුකරන්නේ නම් එයට අදාළ සාක්ෂි ජාත්‍යන්තර ක්‍රිකට්  කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට වහාම ඉදිරිපත් කළ යුතු බවයි.

    මෙවන් වාතාවරණයක් තුල “Kumar Sangakkara to nominated as the ICC – International Cricket Counsil Chairman. Congratulations” යනුවෙන් සදහන් සටහන් සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පවතී. “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට කුමාර සංගක්කාරගේ නම යෝජනා කිරීමට යයි. සුබ පැතුම්” යනුවෙන් එම සටහන් පරිවර්තනය කිරීමේදී අපට දිස්වේ. එසේ සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පවතින සටහනක්  පහතින්

    Facebook Link Archived Link

    එම තේමාව යටතේ සටහන් බොහෝ ෆෙස්බුක් පිටු සහ සමුහ හුවමාරු කරගෙන තිබෙන අයුරු ද දැකගන්නට හැකිවුනා.

    ට්විටර්  ගිණුම් හරහාද මෙම පුවත ඇතුලත් සටහන් හුවමාරු වී තිබුනා

    Twitter Link Archived Link

    මීට පෙරද කිහිප වරක් කුමාර සංගක්කාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල විවිධ අසත්‍ය පුවත් පළවූ බැවින්, අප  මේ සම්බන්දයෙන් සොයා බැලීමක් කිරීමට අදහස් කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේද කුමාර සංගක්කාර විශාල වශයෙන් කතාබහට ලක්වූ චරිතයක් වූ අතර ඔහු දේශපාලනයට පිවිසෙන බවට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන බවට පළවූ සාවද්‍ය සටහන් පිලිබඳ අප කරුණු විමර්ශන සිදුකලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    පලවන පුවත සම්බන්ධයෙන් අපි Google News හරහා සිංහල සහ ඉංග්‍රීසි බසින් නිරීක්ෂණය කළෙමු. එහිදී එම පුවත සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිදු පුවතක් වාර්තාකර නොතිබුණු බව පැහැදිලිවිය.

    අප ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ICC නිල වෙබ් අඩවිය නිරීක්ෂණය කල අතර, එහිද මේ සම්බන්ධයෙන් කිසිඳු නිවේදනයක් නොතිබිණ.

    ICC Media Releases

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් නිරීක්ෂණය කල අතර, එහිද කුමාර සංගක්කාරගේ නම සභාපති ධුරයට යෝජනා කිරීමට අදහස් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නොතිබිණ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය තුල ඇති නිළධාරී මණ්ඩලයේ වෙබ් පිටුව නිරීක්ෂණය කල අතර, එහිද කුමාර සංගක්කාරගේ නම සභාපති ධුරයට යෝජනා කිරීමට අදහස් කිරීම සම්බන්ධයෙන් හෝ කුමාර සංගක්කාරගේ නම නොතිබිණ.

    Link

    තවද සමාජ මාධ්‍ය හරහා පලවී මෙවන් එක් සටහනකට කුමාර සංගක්කාර තම නිල ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබාදෙමින් සදහන් කර තිබුනේ එම සටහන “සත්‍ය නොවන” (not true) බවයි.

    Twitter Link Archived Link

    එසේම දැනට අන්තරජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිත්වය දරන ශාෂන්ක් මනොහර් මහතාගේ ධුර කාලය මෙම වසර අවසානයේ නිම වීමට නියමිත බැවින් සහ ඔහු එම ධුරයේ දිගුවක් ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බැවින් එම තනතුර සඳහා විවිධ නම් යෝජනා වී තිබු අතර පසුගිය මැයි මාසයේ පුවත් වාර්තාවල කුමාර සංගක්කාර එම තනතුර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යෝජනා කිරීමට නියමිත බව වාර්තා කර තිබුණි.

    Daily Mirror පුවත්පතේ පසුගිය මැයි මාසයේ පලවී තිබුනේ කුමාර් සංගක්කාරගේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ නිල කාලය අවසාන වීමෙන් අනතුරුව ඔහු සතු දැනුමත්, හැකියාවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඉහළම තනතුරක් දක්වා සංගක්කාර ගෙන යෑම වෙනුවෙන් අනුග්‍රහය දැක්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුවක් බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  ලේකම් මොහාන් ද සිල්වා මේ බව පවසා තිබුණි.

    News Link

    එනමුත් මීට දින කිහිපයකට පෙර පළවූ වාර්තාවල සඳහන් වී තිබුනේ කුමාර සංගක්කාර මහතා එම තනතුර සඳහා යෝජනා වීමට කැමැත්තක් නොදැක්වූ බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායක සෞරව් ගංගුලි හෝ වෙනත් ඉන්දියාව මඟින් නියෝජනය කරන අපේක්ෂකකුට සහය දීමට බලාපොරොත්තු වන බවයි.

    Daily News

    එසේම මෙම සටහන් වල කවුන්සිලය වචනය නම් කර තිබුනේද වැරදියටය. Council යන්න සිතාමතාම නොමඟ යවන සුළු ආකාරයෙන් හෝ වැරදීමකින් Counsil යනුවෙන් පළකර තිබු අතර (International Cricket Counsil) යනුවෙන් ක්‍රිකට් ආයතනයක් නොමැත.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට කුමාර සංගක්කාරගේ නම යෝජනා කිරීමට යයි. සුබ පැතුම්” යනුවෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට කුමාර සංගක්කාරගේ නම යෝජනා කිරීමට බලාපොරොත්තුවක් කලින් තිබුණද සංගක්කාර එසේ යෝජනා වීමට අකමැත්ත පල කල බැවින් ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනයද ඉන්දියානු අපේක්ෂකයාට සහය ලබාදීමට තීරණය කර ඇත. එබැවින් කුමාර සංගක්කාරගේ නම මේ මොහොත දක්වා යෝජනා වී නොමැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.