Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check : සංගක්කාරගේ සහය ගෝඨාබයට ද?

    2019-10-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මැතිවරණ ව්‍යාපාර සඳහා සහය දක්වමින් ක්‍රීඩා, කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තීයවේදීන් ඉදිරිපත්වීම පසුගිය මැතිවරණවල දී ද දක්නට ලැබුණු සුලභ සිද්ධියකි. මෙවර ජනාධිපතිවරණය සඳහා විශේෂයෙන්ම සුපිරි ක්‍රිකට් තරුවක් වූ කුමාර් සංගක්කාර ඉලක්ක කරගෙන බොහොමයක් පුවත් න

    මැතිවරණ ව්‍යාපාර සඳහා සහය දක්වමින් ක්‍රීඩා, කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තීයවේදීන් ඉදිරිපත්වීම පසුගිය මැතිවරණවල දී ද දක්නට ලැබුණු සුලභ සිද්ධියකි. මෙවර ජනාධිපතිවරණය සඳහා විශේෂයෙන්ම සුපිරි ක්‍රිකට් තරුවක් වූ කුමාර් සංගක්කාර ඉලක්ක කරගෙන බොහොමයක් පුවත් නිර්මාණය වී තිබෙනු පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණි. කුමාර් සංගක්කාර එක්සත් ජාතික පක්ෂය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි සඳහන් කරමින් මීට මසකට පමණ පෙර පළ කරන ලද සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳ සත්‍ය තොරතුරු විමර්ශනයක් අප සිදු කළේ මෙලෙසිනි. 

    “ඉලව් රට” යන ෆේස්බුක් පිටුව මගින් කුමාර සංගක්කාර මහතාගේ ප්‍රකාශයක් යනුවෙන් සටහනක් දක්වමින් සඳහන් කර තිබුණේ “රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවී ඇති මේ මොහොතේ ගෝඨාභය මහතාට අධිකරණ අවසරය නොලැබුණහොත් එතුමා වෙනුවෙන් මම ඉදිරිපත්වෙනවා” යනුවෙනි.

    Facebook LinkArchived Link
    Facebook LinkArchived Link

    එම පුවතම තවත් ෆේස්බුක් පිටු කිහිපයක් සහ ට්විටර් ඔස්සේ ප්‍රචාරය වී තිබූ හෙයින් මේ පිළිබඳව සත්‍ය තොරතුරු විමර්ශනය කිරීමක් සිදුකිරීමට තීරණය කළෙමු

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත ප්‍රකාශය පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා කුමාර් සංගක්කාර සම්බන්ධයෙන් පසුගිය සතිය තුළ දී පළ වූ ප්‍රවෘත්ති පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වූයේ, වසර 232 ක ඉතිහාසයකට උරුමකම් කියන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වූ බ්‍රිතාන්‍ය නොවන පළමු ජාතිකයා ලෙස අභිෂේක ලැබීම පිලිබඳ පුවත් ගණනාවක් පළ වී තිබූ බවයි.

    මීට පෙරද අවස්ථා කිහිපයකදීම තමා දේශපාලන දිවියට අවතීර්ණ වීමට කිසිදු අපේක්ෂාවක් නැතැයි සංගක්කාර පැහැදිලිවම පවසා ඇති අයුරු ඔහුගේ නිල සමාජ ජාල ගිණුම් පරීක්ෂා කිරීමේදී අපට දැකගැනීමට හැකි විය. “මා දේශපාලනයට අවතීර්ණ වූ බවට සමාජ ජාලා වල පලකර තිබෙන ඡායාරූප වල කිසිදු සත්‍යයක් නොමති බව ඉතාමත්ම වගකීමෙන් ඔබට පවසමි” යනුවෙන් මීට මසකට පමණ පෙර ඉදිරිපත් වී තිබු මෙබඳුම ප්‍රකාශයකට තම නිල ෆේස්බුක් ගිණුම හරහා කුමාර සංගක්කාර පිළිතුරු දී තිබුණි.

    Facebook LinkArchived Link

    මෙවර ඉදිරිපත්වී ඇති ප්‍රකාශය සම්බන්ධයෙන්ද ට්විටර් පණිවුඩයක් ඔස්සේ ඔහුගේ රසිකයෙක් සිදුකරන ලද විමසීමකට පිළිතුරු ලෙස, මෙවැනි පුවත් මවන පිරිස් දැඩිසේ හෙළා දකිමින්, කුමාර් සංගක්කාර සටහනක් පහත පරිදි සටහනක් දක්වා තිබුණි.

    “සම්පුර්ණයෙන්ම අසත්‍යකි. ඉතාමත් දුෂ්ට අරමුණු මුල් කරගෙන සිදුකෙරෙන මෙබඳු ප්‍රකාශ සියල්ලකටම ප්‍රතිචාර දැක්වීමෙන් ප්‍රයෝජනයක් නැත” 

    Sangakkara Twitter ReplyArchived Link

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවී ඇති මේ මොහොතේ ගෝඨාභය මහතාට අධිකරණ අවසරය නොලැබුණහොත් එතුමා වෙනුවෙන් මම ඉදිරිපත්වෙනවා” යනුවෙන් කුමාර් සංගක්කාර සිදුකළා යැයි පළ කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි.  කුමාර් සංගක්කාර මහතා ඔහුගේ නිල ට්විටර් ගිණුම ඔස්සේ මෙම ප්‍රකාශය දැඩි සේ හෙළා දැක ඇත

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.