Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයෙකු IDH රෝහලෙන් පළායාමේ සිද්ධියෙන් පසු, දෙවන වරටත් කොරෝනා යයි සැක පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා ගොස් තිබේද ?

    2020-07-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Viral fake posts claiming that coronavirus suspected patient escaped from Colombo IDH Hospital for the second time in consecutive days.

    කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියකු, ජුලි 24 වන දින  IDH රෝහලෙන් පළා ගොස් තිබිණ. පසුව එසේ පැන ගිය රැඳවියා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ යුධ හමුදා බුද්ධි අංශ ඇතුළු කණ්ඩායම් රැසක් යොදවා සෝදිසි මෙහෙයුම් දියත් කෙරින. පසුව IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියා කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී  සොයා ගෙන නැවත IDH රෝහල වෙත පිටත් කර යවන ලදී.

    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පළායාමේ සිද්ධියෙන් පසු, රෝහල්වලින් රෝගීන් පළායාමේ සිද්ධීන් නැවත ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවට ද වාර්තා පලවී තිබුණා.

    මෙවන් වාතාවරණයක් තුල “කොරෝනා යයි සැක තවත් පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා යයි.. වහා අල්ලන්නැයි රට පුරා පොලිසිවලට නියෝග” යනුවෙන් සදහන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ජුලි මස 25 දින උදැසන සිට හුවමාරු වෙමිණ පවතී.

    එසේ සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පවතින සටහනක් පහතින්.

    Facebook Link Archived Link

    ට්විටර්  සටහනක් පහතින්.

    Twitter Link Archived Link

    වෙබ් අඩවි කිහිපයකම මෙම පුවත හුවමාරු කරගෙන තිබුණේද මෙලෙසින්

    Website Link Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    පලවන පුවත සම්බන්දයෙන් අප Google News හරහා සිංහල සහ ඉංග්‍රීසි බසින් නිරීක්ෂණය කළෙමු. එහිදී එම පුවත සම්බන්දයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිදු පුවතක් වාර්තාකර නොතිබුණු බව පැහැදිලිවිය. “Lanka C News” වෙබ් අඩවිය සහ වෙනත් වෙබ් අඩවි කිහිපයක් මේ සම්බන්ද පුවත් පළකර තිබිණ.

    Google News Search

    අප පොලිස් මාධ්‍ය ඒකකයේ  නිල පිටුව නිරීක්ෂණය කල අතර, එහිද මේ සම්බන්දයෙන් නිවේදනයක් නොතිබු අතර ජුලි මස 24 වැනි දින IDH රෝහලෙන් පලාගිය තැනැත්තා සොයා ගැනීමේ සාර්ථක මෙහෙයුම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශයක තුමා සිදුකරන ලද නිල ප්‍රකාශයක්ද අපට මෙසේ දැකගනන්ට ලැබුනා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි ජාලිය සේනාරත්න මහතාගෙන් මෙසේ නැවතත් කොරෝන යැයි සැකසහිත රෝගියෙකු IDH රෝහලෙන් පලා යාම පිළිබඳව විමසීමක් කල අතර, ඔහු විසින් එවැනි සිදුවීමක් මේ දිනවල වාර්තා නොවුන බව (ජුලි 25) සදහන් කර සිටියා.

    පලවන පුවත සම්බන්දයෙන් අප IDH රෝහලේ අධ්‍යක්ෂක තුමාගෙන් කල විමසීමකදී  ඔහු පවසා සිටියේද මෙසේ තවත් රෝගියෙකු IDH රෝහලෙන් පලායාම සම්බන්ධයෙන් පලවන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

    මේ සම්බන්ධයෙන් වෙබ් නෙත් නිවුස් වෙබ් අඩවියේද වාර්තාවක් පලවී තිබුනේ මේ අයුරින්.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ” කොරෝනා යයි සැක තවත් පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා යයි.. වහා අල්ලන්නැයි රට පුරා පොලිසිවලට නියෝග” යනුවෙන් දෙවන වරටත් IDH රෝහලෙන් රෝගියෙකු පලායාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරුවන සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-07-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.