Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අනුර කුමාර දිසානායක සහ ටිල්වින් සිල්වා අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

    2020-06-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සහ එය එම පක්ෂය සන්ධානගත වී ඇති ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පැතිරීමේ ප්‍රවණතාවයක් ඇත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනතා විමුක්ති පෙරමුණ සහ එය එම පක්ෂය සන්ධානගත වී ඇති ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පැතිරීමේ ප්‍රවණතාවයක් ඇති අතර මැතිවරණ සමය ආසන්න වත්ම මෙවැනි සටහන් වැඩියෙන් හුවමාරු වෙනු පෙනෙන්ට තිබේ.

    සමාජ මාධ්‍ය සටහන්: (Claim 1)

    මෙවැනි පසුබිමක “අනුර කුමාර ඉක්මන් නිරවුල් තීරණ ගැනීමේ සමතෙක් ඉන්දීය අගමැතිගෙන් පැසසුම්” තේමාවෙන් වල්පිට එකතුව නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්වු සටහනක්ද ෆේස්බුක් පරිශීලනය කරන්නන් 300 අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේ මෙසේය.

    LinkArchived Link

    Fact Check 1

    “අනුර කුමාර ඉක්මන් නිරවුල් තීරණ ගැනීමේ සමතෙක් ඉන්දීය අගමැතිගෙන් පැසසුම්” තේමාවෙන් වල්පිට එකතුව ෆේස්බුක් පිටුවේ තිබු සටහනට අවධානය යොමු කළෙමු. මෙම සටහන පිළිබඳව කරුණු පිරික්සීමේදි  ඉන්දි අගමැති මෝදි මහතා ජනපති ගෝඨාභය මැතිඳුන් අතර පසුගිය මැයි මස  ඇතිවු දුරකථන සාකච්ඡාව අරුණ පුවත්පත වාර්තා කර තිබු අන්දම නිරීක්ෂණය විය. ඉන්දීය අගමැතිතුමා එම ප්‍රකාශය කර තිබුණේ ලංකා ජනපති ගැන බව තහවුරු විය.

    LinkArchived Link

    එම සංසන්දනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්: (Claim 2)

    “බිරිඳගේ පෙර කසාදයේ දරුවාගේ  ගිණුමේ කෝටි ගණන් මුදල්” තේමාවෙන්  මේ ඉරිදා දිවයින බලන ලෙස ආරාධනයක් රැගත් සේයාරුවක් සහිත චන්දන වීරසිංහ නමැත්තකු ඉදිරිපත් කර තිබු සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 450කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙණු නිරීක්ෂණය විය. තරුණ අරුණ නමැති ෆේස්බුක් පිටුවකද මෙම සටහන ඉදිරිපත් කර තිබුණි.

    LinkArchived LinkLinkArchived Link

    Fact Check 2

    “බිරිඳගේ පෙර කසාදයේ දරුවාගේ ගිණුමේ කෝටි ගණන් මුදල්” තේමාවෙන් මේ ඉරිදා දිවයින බලන ලෙස ආරාධනයක් රැගත් සේයාරුවක් සහිත චන්දන වීරසිංහ ඉදිරිපත් කළ සටහනට අවධානය යොමු කළෙමු. 2016 වසරේ මැයි මස 8දා දිවයින ඉරිදා සංග්‍රහයේ “අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස” සිරස්තලයෙන් විශේෂ ලියුම්කරුවෙකු විසින් ඉදිරිපත් කර තිබු ලිපියක් දක්නට ලැබුණි.

    LinkArchived LinkArticle LinkArchived

    ඒ අනුව මෙම පුවත්පත් ලිපිය මෑතකදී පළවූ පිළියක් නොව මීට වසර 4 කට පෙර පළවූ පිළියක් බවත් එම පිලිය පිළිබඳව එම අවධියේදී මෙම ඡායාරුපය යොදාගනිමින් සටහන් මෙසේ හුවමාරු වූ බවත් දැකගන්නට ලැබුණි.

    කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රී ලංකා පුවත්පත් සමථ මණ්ඩලයට මෙම ලිපිය ගැන පැමිණිලි කරන ලදුව, පැවැත්වු පරීක්ෂණයකින් පසු එම ලිපි පෙළ සම්පුර්ණයෙන් අසත්‍ය බවට  දිවයින පුවත්පත පිළිගෙන, ජනතා විමුක්ති පෙරමුණෙන් සමාව ගෙන තිබිණි. එම සමාව ගැනීම පිළිබඳව දිවයින 2017 ජනවාරි මස පලකරන ලද වාර්තාව මෙසේය

    LinkArchived Link

    සමාජ මාධ්‍ය සටහන් (Claim 3 & 4)

    ජනිත් ඩිල්ශාන් නමැත්තෙකු විසින් “වැඩිපුරම ජාතිවාදය වපුරන්නේ රාජපක්ෂ ජුන්ටාව!” තේමාවෙන් ඉදිරිපත් කරතිබු සටහනක්ද ෆේස්බුක් මාධ්‍ය ජාලයෙ බොහෝ පිරිස් හුවමාරු කරගෙන තිබෙනු දක්නට ලැබුණි.

    LinkArchived Link

    එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන ටිල්වින් සිල්වා මහතා අළලා ද සමාජ මාධ්‍ය ජාලයන්හි සටහන් පෙළක් ඉදිරිපත්ව තිබෙණු දක්නට ලැබුණේය.

    “බෞද්ධ අන්තවාදය කියන්නේ මොකක්ද …බෞද්ධයෝ මීගමුවේ හා කොච්චිකඩේ ත්‍රීකුණාමළයේ සියොන් මුස්ලිම් දේවස්ථාන වලට බෝම්බ ගහලා 350 ක් මරා දාපු එකටද…? එන්න ජූලි 02 දා ගම්පහ මිරිස් වත්තේ ජවිපෙ නානලාගේ රැස්වීම බලන්න. බෞද්ධ අන්තවාදීන්ට ප්‍රායෝගික පිළිතුරක් දෙනවාලු . ඔය ශෝභන කතා ගිහිල්ලා දාපල්ලා සයින්දමරන්ඳු වල. කාළකණ්නි ජෙප්පෝ” යන කථාංගය සහිතව Hemantha Fish නමැත්තෙකු ජනතා විමුක්ති පෙරමුණ ගම්පහ මිරිස්වත්තේ පවත්වන සම්මන්ත්‍රණයක් පිළිබඳව සටහනක් ඉදිරිපත් කර තිබුණි.

    LinkArchived LinkLinkArchived Link

    ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී අළලා මින් පෙර පත්ව තිබූ සටහන් රැසක් අප සිදු කළ කරුණු විමරශයන්හිදි අසත්‍ය සටහන් බවට තහවුරු වීම නිසා, මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමුවිය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    “වැඩිපුරම ජාතිවාදය වපුරන්නේ රාජපක්ෂ ජුන්ටාව!” තේමාවෙන් ඉදිරිපත් කරතිබු සටහනේ දක්වා තිබු “දෙමළ මුස්ලිම් ජනතාව බහුතරයක් සිංහල ජනතාව වගේ ජාතිවාදී නෑ” යන ප්‍රකාශය කර ඇත්දැයි විමසුවෙමු. එවැනි ප්‍රකාශයක් නොකළ බව පැවසු ඔහු ජනිත් ඩිල්ශාන්ගේ ෆේස්බුක් සටහන අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් සංස්කරණය  කර ඉදිරිපත් කර ඇති බව විශ්වාස කරන බව පැවසීය. අප ජනිත් ඩිල්ශාන්ගේ ෆේස්බුක් පිටුවේ වු සේයාරුව Error Level Analysis පරීක්ෂණයකට ලක් කළෙමු. “දෙමළ මුස්ලිම් ජනතාව බහුතරයක් සිංහල ජනතාව වගේ ජාතිවාදී නෑ ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක” යන වැකියේ සම්පීඩක මට්ටම ඉහළව පැවතිණි. ඊන් සනාථ වුයේ එම වැකිය සංස්කරණය කරන ලද්දක් බවටය.

    “බෞද්ධ අන්තවාදයට ප්‍රායෝගික පිළිතුරක්” තේමාවෙන් ටිල්වින් සිල්වා මහතා එල‍ඹෙන ජුලි මස 2වැනි දින ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේදි සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිතව ඇත්දැයි අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරන නිලධාරිගෙන් විමසුවෙමු. එයද සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රචාරයක් බවත්, මින් පෙරද මාතර අනුර කුමාර දිසානායක මහතාගේ මුලිකත්වයෙන් සම්මන්ත්‍රණයක් පැවැතවෙන බවට අසත්‍ය ප්‍රචාරයක් දියත්වු බවද පැවසු ඔහු, විවිධ විෂයය යටතේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය පැවැත්වු සම්මන්ත්‍රණයන්හි පෝස්ටර සංස්කරනය කර, ඔවුන් ඉලක්ක කරමින්,  අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වන බව අවධාරණය කළේය. ටිල්වින් සිල්වා මහතා මෙම සටහන අසත්‍ය බවට ඔහුගේ නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් යොදා ඇති බවද පැවසීය. අප ටිල්වින් සිල්වා මහතාගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළවිට එම සටහන දක්නට ලැබුණි.

    LinkArchived Link
    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.