Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවේ ගව ඝාතන තහනම මෙතෙක් ක්‍රියාත්මක වී නැත

    2020-09-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මස් පිණිස ගවයින් ඝාතනය කිරීම ගැන රට තුළ විශාල විරෝධතාවයක් ගොඩනැගෙමින් පවතින අවධියක ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කළ බවට වාර්තා පළ විය. ඒ හා සමඟම ගව ඝාතනය ලංකාවේ තහනම් කල බවට සටහන් රැසක්ද පස

    මස් පිණිස ගවයින් ඝාතනය කිරීම ගැන රට තුළ විශාල විරෝධතාවයක් ගොඩනැගෙමින් පවතින අවධියක ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කළ බවට වාර්තා පළ විය. ඒ හා සමඟම ගව ඝාතනය ලංකාවේ තහනම් කල බවට සටහන් රැසක්ද පසුගිය කාලයේ මෙසේ හුවමාරු වී තිබුණි

    S O U L නැමැති ෆේස්බුක් පිටුවක් “ලංකාව තුළ අද දින සිට ගව ඝාතනය තහනම් කර ඇත ස්තුතියි” තේමාවෙන් ඉදිරිපත් කර තිබූ සටහනක් ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය. මෙයට හිමිවූ ප්‍රතිචාර බොහොමයක් ම මෙම තීරණය පිළිබඳව මේ පිළිබඳව සතුට පළ කර තිබුණද, ප්‍රතිචාර කිහිපයක් ම මෙය සත්‍යයක් දැයි විමසා තිබුණි.

    LinkArchived Link

    මෙම ප්‍රවෘත්තිය විවිධ අයුරින් සමාජ මාධ්‍ය ජාලය තුළ සැරිසරන බව අපට දක්නට ලැබුණි

    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    මෙම සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍යයන්හි ගව ඝාතනය තහනම් කිරීම පිළිබඳව ඇති වාර්තා අධ්‍යනය කළෙමු. සැප්තැම්බර් මස මුල් සතියේ පළවූ බොහෝ මාධ්‍ය වාර්තා වල වාර්තා කර තිබුණේ අගමැති තුමා ගව ඝාතනය තහනම් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව සම්මත කළ බව පමණි. අද දෙරණ  රූපවාහිණි නාලිකාව මේ පිළිබඳව වාර්තා කර ඇති අන්දම පහත දැක්වේ.

    https://www.facebook.com/sinhala.adaderana.lk/videos/778886346194873/?t=8

    2020 සැප්තැම්බර් මස 10 දින කැබිනට් තීරණ දැණුම් දීමේ පුවත්පත් සාකච්ඡාවේදී ගව ඝතනය තහනම් කිරීම පිළිබඳව මාධ්‍යවේදියකු නැගු පැණයකට පිළිතුරු දුන ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියේ ගව ඝාතනය පිළිබඳ සාකච්ඡාවක් ඇති වූ නමුදු ඒ පිළිබඳව අනෙකුත් පාර්ශවයන්ගේ අදහස් ලබා ගැනීම සඳහා ගව ඝාතනය තහනම් කිරීම පිළිබඳව තීරණයක් ගැනීම මසකට කල් දැමූ බවය. දැනට  ඉදිරිපත්ව ඇත්තේ මූලික අදහසක් පමණක් බවත් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරද සලකා බලමින් වැඩිදුර කටයුතු සිදුවෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය. (35 මිනත්තුවේ සිට)

    https://www.facebook.com/newslk/videos/356175992454712/?t=2100

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට අගමැතිතුමා ගෙනා  යෝජනාව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව සම්මත කරගත්ත ද ඒ පිළිබඳව සියලු පාර්ශවයන්ගේ අදහස් දැනගැනීම පිණිස ගව ඝාතනය තහනම් කිරීමේ තීරණයක් තවම ගෙන නැති බවයි.

    එබැවින් ෆේස්බුක් ජාලය තුළ “ලංකාව තුළ අද දින සිට ගව ඝාතනය තහනම් කර ඇත ස්තුතියි” තේමාවෙන් ඉදිරිපත් වී ඇති සටහන් නොමඟ යවන සුළු සටහන් බවට නිගමනය කරමු.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.