Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පාසල් නැවත විවෘත කිරීම පිළිබඳව මේ වන තෙක් නිශ්චිත දිනයක් නියම කර නොමැත

    2020-05-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් පාසල් සහ විශ්ව විද්‍යාල තාවකාලිකව වස දැමීමට තීරණය කරන ලදී. කොරොනා වෛරස් ආසාදනය ව්‍යාප්තියත් සමගම ලංකාවේද පාසල් සඳහාවු නිවාඩුව කලින් ලබා දීමට අධ්‍යාපන බලධාරිහු කටයුතු කළ

    කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් පාසල් සහ විශ්ව විද්‍යාල තාවකාලිකව වස දැමීමට තීරණය කරන ලදී. කොරොනා වෛරස් ආසාදනය ව්‍යාප්තියත් සමගම ලංකාවේද පාසල් සඳහාවු නිවාඩුව කලින් ලබා දීමට අධ්‍යාපන බලධාරිහු කටයුතු කළහ. මැයි මස 11දින නැවත පාසල් වාරය ආරම්භ කිරීමට තීරණය කර තිබුනද, කොරොනා වෛරස් ආසාදනය බරපතල වීම නිසා, නැවතත් කල් දැමීමට සිදුවිය. තවමත් පාසල් විවෘත කිරීමට නිශ්චිත දිනයක් නොමැත. කඩයිම් විභාගයන් වන පස්වන වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය නුදුරු දිනයන්හි පැවැත්වීමට නියමිත වුවද, තවමත් පාසැල් ආරම්භ නොවීම, නිර්දේශිත විෂය මාලාව උගන්වා අවසාන  කිරීමට බාධාවක් වී ඇත. මෙම තත්ත්වය නිසා විභාගයට මුහුණ දීමට සිදු සිසුන්ද උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ පා ඇත.

    මෙවන් තත්වයක් තුල , 2020 ජුනි මස 1 වෙනි දින ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන කටයුතු සඳහා නැවත විවෘත වන බවට ෆේස්බුක් මාධ්‍ය ජාලය ඔස්සේ සටහන් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. වෙබ් අවියක් එම පුවත වාර්තා කල අයුරු පහතින්.

    Web LinkArchived Link

    සමාජ මාධ්‍ය තුල හුවමාරුවන එම සටහන පහතින්.

    Facebook LinkArchived Link

    සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහනක්  පහතින්.

    Facebook LinkArchived Link

    මීට සති කිහිපයකට පෙරද දෙවන පාසල් වාරය ඇරඹීම පිළිබඳව  සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති මතුවෙන පසුබිමක Whatsapp සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විවිධ ප්‍රවෘත්ති සටහන්  ඉදිරිපත් වනු නිරීක්ෂණය විය. රාජ්‍ය ලාංජනය සහිත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ශීර්ෂය යටතේ Whatsapp ජාලය ඔස්සේ සංසරණය වන පණිවුඩයකින් පැවසුනේ දැනට අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතය  5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා දැනට උගන්වා සම්පූර්ණකර කර ඇති විෂය නිර්දේශ මාලාවෙන් පමණක් ප්‍රශ්න පත්‍රය සැකසෙන බවත්, සිසුන් සඳහා කිසිදු අසාධාරණයක් නොවන බවත් මේ සඳහා සිසුන් සහ දෙමව්පියන් කලබල නොවිය යුතු බවත්ය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙසේ පලවන පුවත් සම්බන්ධයෙන් අපි Google News හරහා නිරීක්ෂණය කළෙමු. එහිදී එම පුවත සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිදු පුවතක් වාර්තාකර නොතිබුණු බව පැහැදිලිවිය.

    තව දුරටත් නිරීක්ෂණය කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය නිවේදනයක් නිකුත් කරමින් “ජුනි 1  පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍ය  කිසිදු තීරණයක් ගෙන නැහැ..” ඇතැම් මාධ්‍ය ගෙනයන සාවද්‍ය ප්‍රකාශ බැහැර කරන්න..යනුවෙන් සදහන් කර තිබු පුවතක් දැකගනන්ට ලැබුණි.

    Web LinkArchived

    පසුගිය 26 වැනිදා (මුළු දිවයිනටම බලපැවැත්වූ ඇඳිරි නීතිය ඉවත්වූ දින) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා තිබුනේ පාසල් විවෘත කිරීම පිළිබඳ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කිරීමට තවත් සතියක් හෝ දෙකක් පමණ ගතවනු ඇති අතර මෙම කාල පරාසය ඇතුළත සෞඛ්‍ය බලධාරීන් දිවයිනේ COVID19 ව්‍යාප්තිය පිළිබඳව ලබා දෙන නිර්දේශ මත මෙම තීරණය පදනම් වන බව ය. 

    තවදුරටත් කරුණු දක්වමින් හද යාපන ඇමති තුමා පවසා සිටියේ පාසල් තුළ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු තහවුරු කරගැනීමේ හැකියාවක් තිබුණ ද දරුවන් පාසලට පැමිණෙන පොදු ප්‍රවාහන සේවාවන් සම්බන්ධයෙන් ගැටළුවක් පවතින අතර එය දැනට තිබෙන විශාලතම අභියෝගය බව ය.

    පාසල් ආරම්භ කිරීමේ තීරණය කිසියම් දිනකදී ලබා ගැනීමේ දී මුලින්ම අවධානය යොමු වන්නේ උසස් පෙළ සිසුන් ලෙස බවත් පාසල් ආරම්භ කිරීමේ කටයුතු පියවර කිහිපයක් යටතේ සිදු කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියා. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ කොටසක් පහතින්.

    මේ පිළිබඳ පළවූ පුවත් වාර්තාවක් මෙසේය

    LankadeepaArchived

    එසේම විශ්ව විද්‍යාල වල අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමේ පියවර යටතේ වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන් සඳහා පමණක් ජුනි මස 15 වන දින විශ්ව විද්‍යාල විවෘත කිරීමට තීරණය කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මෙසේ පවසා සිටියා.

    එසේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලෙස රාජ්‍ය ලාංඡනය සහිතව ශිෂත්ව විභාගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා පැතිරී තිබූ පුවතද රජයේ නිල නිවේදනයක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ පවසා සිටි අතර උසස් පෙළ මෙන්ම ශිෂ්‍යත්ව විභාග සඳහා සැලකිල්ලට බඳුන්වන විෂය පථයන් පිළිබඳව ඉදිරියේදී දැනුම් නිල දැනුම් දීමක් සිදු වනු ඇති බවද පැහැදිලි කර සිටියා

    Conclusion: (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පාසල් නැවත විවෘත කිරීම පිළිබඳව මේ වන තෙක් නිශ්චිත දිනයක් නියම කර නොමැති අතර එම තීරණය අදියර කිහිපයක් යටතේ ගැනීමට බලාපොරොත්තු වන අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මත සිදුවනු ඇත.

    එමනිසා පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ජාලයන්හි ඉදිරිපත්ව ඇති සටහන් සියල්ලම සාවද්‍ය සහ නොමඟ යවන සුළු උපකල්පන මත පදනම් වූ සටහන් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.