Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා නතර කිරීමට චක්‍රලේඛනයක් නිකුත් කළාද?

    2019-12-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    TrueNews නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සිය ෆේස්බුක් පිටුවේ “සියලු අතිකාල දීමනා නවත්තන්න චක්‍රලේඛනයක් නිකුත් කෙරේ.” යන තේමාව යටතේ සටහනක් ඉදිරිපත් කර තිබුණි.  “මහා භාණ්ඩාගාරයෙන් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. රටේ වැඩ කරන ජනතාවට මෙතෙක් ගෙව ගෙවා තිබුණු අතික

    TrueNews නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සිය ෆේස්බුක් පිටුවේ “සියලු අතිකාල දීමනා නවත්තන්න චක්‍රලේඛනයක් නිකුත් කෙරේ.” යන තේමාව යටතේ සටහනක් ඉදිරිපත් කර තිබුණි. 

    “මහා භාණ්ඩාගාරයෙන් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. රටේ වැඩ කරන ජනතාවට මෙතෙක් ගෙව ගෙවා තිබුණු අතිකාල දීමනා නතර කරන්න කියා. රටේ පවතින ආර්ථික තත්ත්වය උඩයි එවැනි චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙන්නේ. ජනතාවට අහිතකර විදියට නොවෙයි. ඉදිරියේදී ආර්ථිකයේ යම් දියුණු තත්ත්වයක් ඇති කරගෙන ඉන්පසු එම දීමනා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන සංකල්පය මතයි. නමුත් අපේ රටේ ජනතාව ඒ තරම් කාලයක් ඉවසන්නේ නෑ කියලා මම හිතනවා. යම්කිසි දෙයක් ලැබිලා තියෙනවානම් ඒවා එක පාරම නතර වුණොත් ජනතාව අතර යම් කුතුහලයක් ඇතිවෙනවා.”

    රට රකින ජන හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළ බවඑම එම වාර්තාවේ අඩංගු විය. 

    News LinkArchived News LinkFacebook LinkArchived Link

    සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    මෙවැනි නිවේදනයක් පිළිබඳව ප්‍රධාන මාධ්‍ය වාර්තා වීමක් පෙනෙන්ට නොතිබූ නිසා  මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත ප්‍රකාශය සිදු කිරීමට මුල්වී ඇතයි පැවසෙන කාරණය ලෙස දක්වා තිබුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් සිදුකරන ලදැයි පැවසෙන ප්‍රකාශයක් බැවින් මුලින් ම අප ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකළ අතර පැහැදිලි මියන් මාධ්‍ය වෙත එවැනි ප්‍රකාශයක් සිදුකරමින් වීඩියෝවක් අපට හමුවිය 

    එහිදී ඇත්ත වශයෙන්ම ඉහත සඳහන් පරිදි ප්‍රකාශයක් හිමියන් විසින් සිදුකරන බව පෙනී ගිය ද එහිදී එම සාකච්ඡාවේ සම්පූර්ණ කොටසම මේ සඳහා යොදාගෙන ඇති බව අපට පෙනී ගියා. 

    එසේම ප්‍රධාන මාධ්‍ය කිසිවක ඔස්සේ පසුගිය මාසයක කාලපරිච්ඡේදයේදී මෙවැනි අතිකාල දීමනා නැවැත්වීමක් සම්බන්ධයෙන් වාර්තාවක් අපට ගූගල් නිව්ස් හරහා නිරීක්ෂණය වූයේ නැත

    Google News Search Link for “Overtime”

    මෙම පුවත සම්බන්ධයෙන් අපි මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ මේ සම්බන්දයෙන් කිසිදු පුවතක් හෝ චක්‍රලේකයක් පළකර නොමැති බවයි.

    Link

    තවද අප මෙම පුවත සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ  වෙබ් අඩවියේ ද සොයා බැලීමක් සිදු කලා. එහිදී ද මේ සම්බන්දයෙන් කිසිදු පුවතක් හෝ චක්‍රලේඛයක් පළකර නොමැති බව පෙනී ගියා.

    Link

    මෙම ප්‍රවෘත්තිය පිළිබඳව අපි මුදල් අමාත්‍යාංශයේ ලේකම් තුමාගේ කාර්යාලයෙන් විමසීමක් කළෙමු. රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා නැවැත්වීම පිළිබඳව රජය කිසිදු තීරණයක් මේ වන තෙක් ලබාගෙන නොමැති බව හිතේ අප සමග පවසා සිටියා. තවදුරටත් අපට මුදල් අමාත්‍යාංශය මඟින් දැනගන්නට ලැබුනේ රජයේ සේවකයන්ගේ අතිකාල පැය ප්‍රමාණයේ (OT Hours) සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින අතර මේ වන තෙක් කිසිඳු අවසාන තීරණයකට එළැඹි නැති බවයි.

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා නතර කිරීමට  චක්‍රලේඛණයක් නිකුත් කර නොමැති බවයි. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් සිදුකරන ලද ප්‍රකාශයක කොටසක් පමණක් යොදා ගනිමින් “සියලු අතිකාල දීමනා නවත්තන්න චක්‍රලේඛනයක් නිකුත් කෙරේ” නම් සටහන් පළකර තිබුණද මුදල් අමාත්‍යාංශය සමග සම්බන්ධවීමේදී අපට දැනගන්නට ලැබුනේ මෙවැනි කිසිදු චක්‍රලේඛයක් මේ වන තෙක් නිකුත් කර නොමැති බවයි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.