Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සිංහරාජ වන විනාශය සහ හෝටලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පළවූ තවත් සාවද්‍ය ප්‍රකාශ පෙළක්

    2020-08-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය පුරාම විශාල වශයෙන් ප්‍රචාරය කෙරිණ. එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට ජනාධිපතිතුමා 

    නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය පුරාම විශාල වශයෙන් ප්‍රචාරය කෙරිණ. එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට ජනාධිපතිතුමා  පසුගියදා නෙළුව ලංකාගම ප්‍රදේශයේ චාරිකා කළේය. වන රක්ෂිතයට සහ පරිසර පද්ධතියට කිසිඳු හානියක් නොවන පරිදි ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවිය යුතු බව එහිදී එතුමා මෙසේ අවධාරණය කර සිටියා

    මීට පෙරද දෙනියාය ප්‍රදේශයේ තිබෙන හෝටලයකට පිවිසීම සඳහා මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය සිදුකරන බවට උපහාසාත්මක කෝණවලින් බාලි දුපතේ පිහිටි හෝටල් යොදාගනිමින් සිදුකළ සාවද්‍ය සටහන් පිලිබඳ අප විමර්ෂණයක් සිදුකළේ මෙලෙසින්

    “උන් අතින් මියැදෙන සිංහරාජය.. ශ්‍රී ලාංකික මිලියන 22 මිනිසුන්ගේ හුස්ම පොද රැකදුන් සොබා දම් හදවත් අයත් පාපී මිනිසුන්ගේ පහරින් අවසන් හුස්ම හෙළන වගයි” යනුවෙන් හුවමාරු වූ ඡායාරූප සටහන පහතින්.

    LinkArchived Link

    එසේම “වැඩ කරන විරුවා, සිංහරාජේ කැපුවා..කපලා හෝටල් හැදුවා.. එකෙන්ම රෙස්පෙක්ට් සර්” යනුවෙන් Yasith Dilshan නමැති ෆේස්බුක් ගිණුමක පලව තිබු සටහනකද ගස් කපා දමා ඇති ඡායාරුපයක් සහ හෝටලයක ආකාරයෙන් පෙනෙන ඡයරුපක්ද සහිත සටහනක් මෙසේ පළකර තිබුණි.

    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙහි තිබු පළමු ඡායාරුප සටහන විමර්ෂණය කිරීමේදී අපට පෙනී ගියේ එම ඡායාරුපය මීට වසර කිහිපයකට පෙර Getty Images වෙත “Deforestation in the Amazon” (ඇමසන් වැසි වනාන්තරයේ, වන එළි කිරීම) යන තේමාව යටතේ උඩුගත කරන ලද ඡායාරුපයක් බවයි. 

    එසේම දෙවන සටහනේ තිබෙන ඡායාරුප දෙක සම්බන්ධයෙන් සොයා බෙලීමේදීද පෙනී ගියේ එහි ගස් කැප දම ඇති ඡායාරුපය “Deforestation environmental problem, rain forest destroyed for oil palm plantations” (වනාන්තර විනාශය පාරිසරික ගැටළුව, තෙල් පාම් වගාවන් සඳහා වැසි වනාන්තර විනාශ කිරීමේ පාරිසරික ගැටළුව යන තේමාව යටතේ මීට වසර කිහිපයකට පෙර මෙසේ පළකර තිබු ඡයරුපයක් බවත් හෝටලයක් ලෙස පනවා දී තිබෙන ඡායාරුපය Wild Coast Tented Lodge, Yala නමැති යාල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඡායාරුපයක් බවත්ය

    එසේම යෝෂිත රාජපක්ෂ මහතාගේ හෝටලයක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම සජීව චාමිකර මහතා විසින් සිදුකළ ප්‍රකාශ මෙවැනි සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල්වූ අතර එම ප්‍රකාශ වලට පිළිතුරු වශයෙන් යෝෂිත රාජපක්ෂ මහතා නීතිමය පියවර ගෙන තිබුනේ මෙලෙසින් 

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සිංහරාජ වන විනාශය සහ හෝටලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පළවූ සටහන් සඳහා යොදාගෙන ඇති ඡායාරූප කිසිවක් එම ප්‍රදේශය හා සම්බන්ධ ඡායාරුප නොවන බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:සිංහරාජ වන විනාශය සහ හෝටලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පළවූ තවත් සාවද්‍ය ප්‍රකාශ පෙළක්

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.