Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : මරණ දඬුවමට යටත්ව සිරගතව සිටින සුනිල් රත්නායක රණවිරුවාට නිදහස ලැබුණා ද ?

    2019-11-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update: මරණ දඬුවම නියම වී සිටි, යුද හමුදා විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන්වරයෙකු ලෙස සේවයේ කළ සුනිල් රත්නායක, 2020-03-26 දින ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණා. ඒ පිලිබඳ පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟම විවිධ මාතෘකා යටතේ නො

    Update: මරණ දඬුවම නියම වී සිටි, යුද හමුදා විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන්වරයෙකු ලෙස සේවයේ කළ සුනිල් රත්නායක, 2020-03-26 දින ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණා. ඒ පිලිබඳ පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟම විවිධ මාතෘකා යටතේ නොයෙකුත්  ප්‍රවෘත්ති රාශියක් සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන් ගෙන තිබේ. සිරගතව සිටින සුනිල් රත්නායක රණවිරුවාට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝගයෙන්, නිදහස ලබා දුන් බවට පුවත් සමාජ මාධ්‍ය, පුවත් පත් සහ වෙබ් අඩවි ඔස්සේ වාර්තා වෙමින් පවතී.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට තරඟ වැදුණු, නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් බලයට පැමිණියහොත් ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින පිරිස් හට කෙටි කාලයක් ඇතුලත නඩු පැවරීමට හෝ නිදහස් කිරීමට කටයුතු සම්පාදනය බවට මැතිවරණ රැළි කීපයකදී ප්‍රකාශ කර තිබුණි.

    මෙවන් පසුබිමක මරණ දඩුවමට නියමව සිරගතව සිටින සුනිල් රත්නායකට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝගයෙන් නිදහස් ලබා දුන් බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙමින් පවතී.

    සමාජ මාධ්‍ය සටහන්:

    සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන එක සටහනක දක්නට ලැබුනේ “සුනිල් රත්නායක රණවිරුවාව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ විශේෂ නියෝගයෙන් මීට සුළු වේලාවකට පෙර නිදහස් කරන ලදී”  යනුවෙනි.

    Facebook Link Archived Link

    සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන තවත් එක්  සටහනක්  පහතින්. “සුනිල් රත්නායක රණවිරුවාව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ විශේෂ නියෝගයෙන් මීට සුළු වේලාවකට පෙර නිදහස් කරන ලදී..! ජය සිංහලේ, ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතියේ ස්තුතිය”

    Facebook Link Archived Link

    “රණවිරු සුනිල් රත්නායක මහාතාට ජනාධිපති සමාව” යනුවෙන් ට්විටර් හරහා හුවමාරුවන තවත් සටහන් කිහිපයක් පහතින්.

    Twitter Search

    තවත් සටහනක දැක්වුනේ “අප පැතූ සියල්ල නිවැරදිව සිදු වෙනවා..ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි.. ඔබට ජාතියේ ප්‍රණාමය..” යනුවෙන්.

    Facebook Link Archived Link

    වෙබ් අඩවි කිහිපයක් මඟින්ද මෙම පුවත පළකර තිබුනේ මෙලෙසිනි.

    Breakinglk Link Archived Link

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් මගින් මෙම පුවත වාර්තා කර තිබුණේ නැති බැවින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමට අදහස් කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    2000 වර්ෂයේ දෙසැම්බර් 20 වැනි දිනදී දරුවන්ද ඇතුළු ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් අට දෙනෙකු සමූලඝාතනය  කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා හමුදාවට සම්බන්ධ හිටපු මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක රණවිරුවාට වසර 13 ක නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණය විසින් 2015 ජුනි 25 වන දින මරණ දඩුවම නියම කරන ලදී.

    Lankadeepa Article Archived Link

    නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ බාර ගැනීමත් සමගම එතුමා විසින් ගන්නා ලද තීරණ යයි අනුමාන කරමින් නොයෙකුත් ප්‍රවෘත්ති පැතිරී යනු දක්නට ලැබේ. මෙම ප්‍රකාශ වලට පිළිතුරු වශයෙන් එතුමා තම නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබුනේ  “මා විසින් නිකුත් කරන ලද නිවේදන ලෙස හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සංසරණය වෙමින් පවතී. මාගේ නිල නිවේදන ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය මගින් හෝ මාගේ නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බව කරුණාවෙන් සලකන්න.” යනුවෙනි.

    Gotabaya Rajapaksa Official FB Archived Link

    මෙම උපදෙස් වලට අනුකූලව අපි එතුමාගේ ෆේස්බුක් පිටුව නිරීක්ෂණය කළෙමු. එමෙන්ම නිල ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියද පරීක්ෂාකර බැලුවෙමු. සුනිල් රත්නායකට සමාව හිමිවී නිදහස ලබා ඇති  බවට කිසිදු පුවතක් එම ගිණුම් තුල දක්නට නොලැබිණ.

    කෙසේවෙතත් මේ සම්බන්ධව වැඩි දුර කරුණු සෙවීමට අප බන්ධනාගාර කාර්යාලය සම්බන්ධ කරගනු ලැබුවා. ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි හමුදා සැරයන් සුනිල් රත්නායකට සමාව හිමිවී නිදහස ලබා ඇති  බවට සමාජ මාධ්‍ය තුළ පළවන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රකාශ කරනු ලැබු අතර මේ සම්බන්ධව ඔවුන්ගෙන් කිසිදු විමසීමක් හෝ කිසිදු තොරතුරක් තමන්ට ලැබී නොමැති බව ඔහු තවදුරටත් පවසා සිටියා.

    මෙම සටහන් සම්බන්ධයෙන් ගුගල් නිව්ස් (Google News ) හරහා පලවන පුවත් සොයා බැලුවා. සුනිල් රත්නායකට සමාව හිමිවී නිදහස ලබා ඇති  බවට කිසිදු පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය (MSM) වාර්තා කර නොතිබිණ.

    මෙම පුවත අසත්‍ය පුවතක් බව ඩේලි මිරර් (Daily Mirror) වෙබ් අඩවියද වාර්තා කර තිබේ. එහි සදහන් වන්නේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින “හිටපු හමුදා මාණ්ඩලික සැරයන්  සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබා දේ” යන පුවත බන්ධනාගාර දෙපාර්තමේන්තුව තරයේ ප්‍රතික්ෂේප කරයි යනුවෙනි.

    Daily Mirror Link Archived Link

    Conclusion: (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සිරගතව සිටින සුනිල් රත්නායක රණවිරුවාට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ නියෝගයෙන් නිදහස් ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා  වන කරුණු අසත්‍ය බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.