Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ටෙහානි ඉමාරා වියත්මග සාමාජිකාවක් බවට උපහාසාත්මක සටහනක්!

    2020-08-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වෘත්තිකයන්, ශාස්ත්‍රපතියන්, ව්‍යවසායකයින් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සාමාජිකයින් ගෙන් සමන්විත වූ වියත්මග සංවිධානය, ගෝඨාභය ජනාධිපති රාජපක්ෂ මහතාගේ දේශපාලන කරළියට පිවිසීමටද මහත් රුකුලක් ලබාදුන් සංවිධානයකි. එම සංවිධානය හරහා සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙවර පාර්ලිමේ

    වෘත්තිකයන්, ශාස්ත්‍රපතියන්, ව්‍යවසායකයින් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සාමාජිකයින් ගෙන් සමන්විත වූ වියත්මග සංවිධානය, ගෝඨාභය ජනාධිපති රාජපක්ෂ මහතාගේ දේශපාලන කරළියට පිවිසීමටද මහත් රුකුලක් ලබාදුන් සංවිධානයකි. එම සංවිධානය හරහා සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණ ලබාගත් අතර ජාතික ලැයිස්තුව හරහාද එම සංවිධානයේ ඇතැම් සාමාජිකයින් පාර්ලිමේන්තු වරම් ලබාගත්තා

    “තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් වියත්මග සාමාජිකා ටෙහානි ඉමාරා ගායන කෝකිලාවියට උණුසුම් සුභ පැතුම්” තේමාවෙන් Address නෑ නමැති ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබූ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් එක්දාස් හත්සීයකට අධික සංඛ්‍යාවක් අතර ප්‍රතිචාර රැසක් හිමිකර ගෙන තිබිණි. මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර සියල්ලම පාහේ උපහාසාත්මක කෝණයකින් වූ බැවින් එම සටහන පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිලිබඳ ප්‍රධාන මාධ්‍ය හරහා පලවී ඇති පුවත් පරීක්ෂා කිරීමේදී ඉරාජ් වීරරත්න මහතා ට සහ ටෙහනි ඉමාරා මෙනෙවිය ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත් කර තිබු බවට සටහන් දැකගනන්ට ලැබුණි.

    Newsfirst | Lankadeepa | Newswire

    Address නෑ ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබූ සටහනේ කරුණු තහවුරු කර ගැනීම පිණිස අප වියත්මග සංවිධානය වෙත මෙම සටහන යොමු කළෙමු. ටෙහානි ඉමාරා කිසිඳු අවස්ථාවක වියත්මග සංවිධානයේ සාමාජිකාවක් නොවූ බව ඔවුන් විසින් තහවුරු කරන ලදී.

    ටෙහානි ඉමාරගේ පත්වීම පිළිබඳව මෙවැනි උපහාසාත්මක සටහන් බොහොමයක් ෆේස්බුක් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වී තිබෙනු ද අපට දැකගනන්ට ලැබුනා

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ටෙහානි ඉමාරා වෙත ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ පත්වීමක් ලබාදී තිබුණද ඇය කිසිවිටෙකත් වියත්මග සංවිධානයේ සාමාජිකාවක් නොවූ බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.