Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඇමරිකාව විසින් නිපදවූ කොරෝනා එන්නතක් නොවේ! දකුණු කොරියාවේ පරීක්ෂණ කට්ටලයකි.

    2020-03-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සීඝ්‍රයෙන් ලොව දස දෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ආසාදනය මාර්තු 29 වන විට ජීවිත 30,000 කටද වඩා බිලිගෙන අවසානය.  වසංගතයක් ලෙස මෙම රෝගය ව්‍යාප්ත වෙත්ම මේ රෝගයට ප්‍රතිකාර කළ හැකි දේශීය ඖෂධ සහ විවිධ ඖෂධ වර්ග පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්තිය ඉදි

    සීඝ්‍රයෙන් ලොව දස දෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ආසාදනය මාර්තු 29 වන විට ජීවිත 30,000 කටද වඩා බිලිගෙන අවසානය.  වසංගතයක් ලෙස මෙම රෝගය ව්‍යාප්ත වෙත්ම මේ රෝගයට ප්‍රතිකාර කළ හැකි දේශීය ඖෂධ සහ විවිධ ඖෂධ වර්ග පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්තිය ඉදිරිපත් වන්නට පටන් ගත්තේය. මෙවැනි සටහන් පිළිබඳව අප විසින් කරන ලද කරුණු විමර්ශනයන්හිදී තහවුරු වූයේ එම සටහන්   අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් බවටය. 

    මෙවැනි පසුබිමක “සුබ ආරංචියක් කොරෝනා වෛරස් එන්නත සූදානම්. එන්නත් කිරීමෙන් පැය තුනක් ඇතුළත රෝගියා සුව කළ හැකිය. ඇමරිකානු විද්‍යාඥයන්ගේ සොයාගැනීමකි. රෝචේ වෛද්‍ය ආයතනය විසින් ලබන ඉරිදා එන්නත නිකුත් කරන බව ට්‍රම්ප් නිවේදනය කරන  අතර ඖෂධ එන්නත් මිලියන ගණනක් සූදානම්” යන තේමාව යටතේ එන්නත් කට්ටලයක සේයාරුවක් සහිත සටහනක් රසිකා මායාදුන්නේ නමැත්තිකුගේ ෆේස්බුක් පිටුවක ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වෙමින් තිබූ මෙම සටහනට හිමිවුනු ප්‍රතිචාර සෑමයක් ම පාහේ මෙය අසත්‍ය සටහනක් බවට යෝජනා කර තිබූ නිසාත්, WhatsApp මාධ්‍යය මගිනුත් සීඝ්‍රව පැතිරෙන මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහනේ වූ සේයාරුව google reverse image සෙවීමකට යොමු කළෙමු. සේයා රුව සහිත සටහන් සහ වාර්තා රැසක් අන්තර්ජාලයට අඩංගුව තිබෙන බව නිරීක්ෂණය විය. Gulte.com ප්‍රවෘත්ති වෙබ් අංවිය විසින් 2020 මාර්තු මස 22 දින ඉදිරි පත් කළ වාර්තාවක මෙසේ සඳහන් වී තිබිණි

    “දකුණු කොරියාවට තම රටේ කොරොන වයිරසයේ ව්‍යාප්තවීම පාලනය කිරීමට උපකාරී වූ වඩාත් තීරණාත්මක සාධකය වුයේ ඔවුන් රෝගීන් හැකි ඉක්මනින් හඳුනාගත් ආකාරයයි. මෙයට හේතුව Seegene නම් සමාගමක් විසින් ඔවුන්ගේ පළමු COVID-19 ආසදිතයා නිල වශයෙන් හඳුණා ගැනීමටත් පෙර කොරොන වයිරස් ආසාදනය පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණ කට්ටලයක් නිර්මාණය කර තිබීමයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 හි ජාන රටාව නිකුත් කිරීමත් සමඟ මෙම සමාගමට පරීක්ෂණ කට්ටලයක් සංවර්ධනය කිරීමට හැකිවිය. දැන්, දකුණු කොරියාවේ තවත් ඖෂධ නිෂ්පාදන ප්‍රධානියෙකු වන සුජෙන්ටෙක් විසින් අතේ ගෙන යා හැකි රෝග විනිශ්චය කට්ටලයක් නිපදවා ඇති අතර එය ඔබට මිනිත්තු 10 කින් කොරොන වයිරස් වැළඳි ඇත්දැයි කිව හැකිය. සතියකට ටෙස්ට් කට්ටල ලක්ෂ 3 කට ආසන්න ප්‍රමාණයක් ලොවට අපනයනය කිරීමට සමාගම සැලසුම් කර ඇති බව පැවසේ.”

    LinkArchived Link

    අප Sugentech ආයතනයේ වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදි  මිනිස් රුධිරයේ Covid-19 එරෙහිව ඇති ප්‍රතිදේහය නිශ්චිත කර ගැනීම සඳහා ඇති පරීක්ෂණ කට්ටලය පිළිබඳ වාර්තාව නිරීක්ෂණය විය.

    අනතුරුව අප ඇමරිකා එක්සත් ජනපදය විසින් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිජීවක ඖෂධයක් නිෂ්පාදනය කර ඇද්දැයි ගූගල් සෙවීමක් කළෙමු. එම සෙවීමේදී අපට නිරීක්ෂණය වූ සෑම වාර්තාවකින් ම පවසා තිබුණේ කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගැනීමට තව සැලකිය යුතු කලක් ගත විය හැකි බවය.

    කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර කළ හැකි නිශ්චිත ඖෂධයක් සොයා ගෙන ඇද්දැයි ලෝක සෞඛ්‍යය සංවිධානයේ වෙබ් අඩවිය පරික්ෂා කර බැලු වෙමු. ඔවුන් ද පවසා තිබුණේ මෙම රෝගයට ප්‍රතිකාර කළ හැකි නිශ්චිත ප්‍රතිජීවක ඖෂධයක් මේ වන තෙක් සොයාගෙන නොමැති බවය.

    අපගේ මව් ආයතනය මඟින්ද පසුගිය සතිය පුරාම ඉන්දියාවේ විවිධ භාෂාවලින් හුවමාරු වූ මෙම සටහන් පිලිබඳ කරුණු විමර්ශන සිදුකර තිබු අතර පහත දැක්වෙන්නේ ඉංග්‍රීසි බසින් සිදුකල විමර්ෂණයකි. පෙර ඇමරිකා එක්සත් ජනපදය කොරොනා වෛරස් ආසාදනයට ප්‍රතිජීවක ඖෂධයක් නිපදවා ඇතැයි පැතිරෙන ප්‍රවෘත්තිය පීළිබඳව කරුණු විමර්ශනයක් සිදු කර තිබු අතර ඔවුන්ද තහවුරු කර තිබුණේ එය අසත්‍ය පුවතක් බවටය.

    Fact Check Link

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කොරෝනා වෛරස්  ආසාදනයට ප්‍රතිකාර කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් ඇමරිකා එක්සත් ජනපදය නිපදවා ඇති බවට සමාජ මාධ්‍ය ජාලනහි සේයාරුවක් සහිතව පලවන ප්‍රවෘත්තියේ ඇත්තේ දකුණු කොරියාවේ Sugentech ආයතනය විසින් නිපදවා ඇති මිනිස් රුධිරයේ Covid-19 එරෙහිව ඇති ප්‍රතිදේහය නිශ්චිත කර ගැනීම සඳහා ඇති පරීක්ෂණ කට්ටලය බවය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-03-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.