Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    තායිලන්ත සුප්‍රකට සටන්කාමී ශිල්පි Tony Ja මහතා පැවිදි දිවියට එළඹී බවට නොමඟ යවනසුළු සටහන් පෙළක් !

    2020-05-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැනි සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයින් අළලා සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ආකාරයේ ප්‍රවෘත්ති ඉදිරිපත් වේ. “තායිලන්ත ජාතික සුප්‍රකට සටන්කාමී ශිල්පි Ong Back Tony Ja මහතා අති උත්තම වූ මේ සම්බුද්ධ සාශනයේ මහන ප්‍රවුර්ජාවට පිවිසුන වගයි

    නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැනි සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයින් අළලා සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ආකාරයේ ප්‍රවෘත්ති ඉදිරිපත් වේ.

    “තායිලන්ත ජාතික සුප්‍රකට සටන්කාමී ශිල්පි Ong Back Tony Ja මහතා අති උත්තම වූ මේ සම්බුද්ධ සාශනයේ මහන ප්‍රවුර්ජාවට පිවිසුන වගයි !සාදු සාදු සාදු !” තේමාවෙන් සුප්‍රකට තායි සටන් නළුවකු වන Tony Ja ගේ ඡායාරූපය සහිත සටහනක් Gossip-Lanka News නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය.

    LinkArchived Link

    ධර්ම දානය නැමැති ෆේස්බුක් පිටුවක ද මෙම සටහන ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

    LinkArchived Link

    ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ කර තිබූ මෙම සටහන් වලට හිමිවූ ප්‍රතිචාර කිහිපයක් මෙය තායි සමාජයේ සම්ප්‍රදායික සිදුවන තාවකාලික මහණ වීමක් ලෙස හඳුන්වා තිබුණු බැවින් මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම ෆේස්බුක් පිටුවල වූ ඡායාරූපය අප google reverse image සෙවීමකට යොමු කළෙමු. Tony Ja මහතාගේ මහණ වූ ඡායාරූප අඩංගු සටහන් රාශියක් අන්තර්ජාලයේ දක්නට ලැබුණි. Medcom.id වෙබ් අඩවියේ ඔහු ගැන ඉන්දුනීසියානු භාෂාවෙන් වූ වාර්තාව පරිවර්තකය ආධාරයෙන්  පරීක්ෂා කළෙමු.

    LinkArchived Link

    කාර්යබහුල දිවියක නිරතවී සිටි Tony Ja මඳ විරාමයක් සඳහා 2010 මැයි මස තායිලන්තයේ සූරින් පළාතේ පන්සලක දී පැවිදි දිවියට ඇතුළත් වූ බව එයින් පැවසීණි. තාවකාලික මහණ පැවිදි ජීවිතයෙන් මහත් සතුට සහනයක් ලැබූ බව පවසන Tony Ja නැවත වරක් තමාගේ  ජීවිතයේ සිහිනය මුදුන්පත් කරගැනීම පිණිස රඟපෑම් දිවියට නැවත අරඹා ඇති බව සඳහන් කර ඇත.

    තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස Wikipedia අන්තර්ජාලීය විශ්වකෝෂයේ Tony Ja පිළිබඳව සොයා බැලුවෙමු. තාවකාලික පැවිදි ජීවිතයෙන් ඉවත් වූ Tony Ja, දිගු කලක සිට ඔහුගේ පෙම්වතියවු ලෙස සිටි Piyarat Chotiwattananont සමග 2011 දෙසැම්බර් මස එකොළොස් වැනි දින නිල වශයෙන් විවාහ ගිවිසගෙන, 2012 මැයි මස තෙවැනි දින යුග දිවියට එළැඹි බවත්, ඔවුන් දෙපළට දැන් දියණියක සහ පුතෙකු සිටින බවත් සඳහන් වී තිබුණි. තාවකාලික පැවිදි ජීවිතයෙන් සමුගත් පසු 2020 වසර දක්වා  චිත්‍රපටි 12ක් රඟපා ඇති අතර නුදුරු අනාගතයේදී තවත් ඔහු රඟපාන තවත් චිත්‍රපටි දෙකක් එළිදැක්වීමට නියමිතය.

    LinkArchived Link

    සුප්‍රකට Ong Bak චිත්‍රපට මාලාව හරහා මහත් ප්‍රසිද්ධියක් ලබාගත් Tony Ja ගේ චිත්‍රපට නුදුරු අනාගතෙයේද තිරගත වීමට නියමිතව තිබු බව අපට දැකගන්නට හැකිවිය.

    Tony Ja Latest

    Tony Ja මහතා පිළිබඳ නවතම තොරතුරු ඔහුගේ පහත නිල සමාජ මාධ්‍ය ජාල ගිණුම් ඔස්සේ ලබාගත් හැක.

    Tony Ja FBTony Ja Twitter 

     Conclusion (අවසාන නිගමනය) 

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ තායිලන්තයේ සම්ප්‍රදාය අනුව 2010 වසරේ තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වූ Tony Ja, කෙටි කලකින් පැවිදි දිවියෙන් සමුගෙන, 2012 වසරේදි සිය පෙම්වතිය හා විවාහය වී දෙදරු පියකු වන අතර ඉන්පසු චිත්‍රපට 12 ක රඟපා ඇති බවයි.

    එනිසා “තායිලන්ත ජාතික සුප්‍රකට සටන්කාමී ශිල්පි Ong Back Tony Ja මහතා අති උත්තම වූ මේ සම්බුද්ධ සාශනයේ මහන ප්‍රවුර්ජාවට පිවිසුන වගයි !සාදු සාදු සාදු !” තේමාවෙන් වර්තමානයේ Tony Ja පැවිදි දිවියට එළඹ ඇති බව හැඟෙන පරිදි ඉදිරිපත්ව ඇති සියලු ෆේස්බුක් සටහන් නොමන්ගයවන සුළු සටහන් බවට නිගමනය කරමු.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.