Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඡන්ද මධ්‍යස්ථානයක කාර්යයේ නියුතු කාන්තාවකගේ ඡායාරුප පෙළක් බව හඟවමින් හුවමාරු වූ සාවද්‍ය සටහන් පෙළක්!

    2020-08-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මැතිවරණ සමයක් පසුවෙමින් පවතින මොහොතක ඒ හා සම්බන්ධ කරුණු සමාජ මාධ්‍ය ජාලා  තුල බහුල වශයෙන් හුවමාරු වන බව අපට පෙනෙන්නට තිබෙන කරුනක්.ඒ අතරින් ඡන්ද මධ්‍යස්තානයක සේවයේ නිරතව සිටින බවට හැඟවෙන සේ හුවමාරු වූ කාන්තාවකගේ ඡායාරුප සටහනක් මැතිවරණ දිනයේදී ෆේස්බුක් සමාජ

    මැතිවරණ සමයක් පසුවෙමින් පවතින මොහොතක ඒ හා සම්බන්ධ කරුණු සමාජ මාධ්‍ය ජාලා  තුල බහුල වශයෙන් හුවමාරු වන බව අපට පෙනෙන්නට තිබෙන කරුනක්.ඒ අතරින් ඡන්ද මධ්‍යස්තානයක සේවයේ නිරතව සිටින බවට හැඟවෙන සේ හුවමාරු වූ කාන්තාවකගේ ඡායාරුප සටහනක් මැතිවරණ දිනයේදී ෆේස්බුක් සමාජ ජාලා තුල සංසරනය වන අයුරු අපට දකින්නට ලැබුනා.

    91 උපන් වාසනාවන්තයන්ගේ සංසදය නම් ෆේස්බුක් එකතුවක තිසර කල්හාර නමැත්තෙක් විසින් තැබූ සටහනකට අනුව “සිරියාවන්ත චන්ද පොළවල්” නමින් සටහන් කර තරුණියකගේ ඡායාරුපයක් පහත පරිදි මුහුනු පොතට එකතු කර තිබුනා.

    මේ ඡායාරුප පෙළ සහිත සටහන මුලින්ම KOS ATAYA නමින් හැඳින්වුනු ෆේස්බුක් පි‍ටුවක් මගින් පල කර තිබුනේ පහත අයුරින්.

    Original LinkArchived Link

    කෙසේ නමුත් මෙම පුවතේ සත්‍යතාවය පිලිබඳව කරුනු සොයා බලන ලෙස අපට ලැබුණු පාඨක ඉල්ලීම් මත මෙහි සත්‍යතාවය සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.

    Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

    අපගේ විමර්ශන වලට අනුව මෙම චායාරූප වල පෙනි සිටින්නේ නවක නිලියක වන නදීශා දයාරත්න නමැත්තිය බවට කරුනු තහවුරු කර ගැනීමට අපට හැකියාව ලැබුනා.

    මෙම කාරනාවට අදාලව වැඩිදුරටත් කරුනු පැහැදිලි කර ගැනීමට අප ඇයව සම්බන්ධ කර ගත් අතර මෙම ඡායාරුප පෙලෙහි පෙනී සිටින්නේ නදීශා දයාරත්න වන ඇය බවත් එම ඡායාරුප පෙළ මේ දිනවල ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය “ඇය” නම් ටෙලි නාට්‍යයේ  ගුරුවරියක් ලෙස රංගනයේ යෙදෙන කොටසකින් ‍රැගෙන සකස් කල එකක් බවත් තහවුරු කර සිටියා.

    Aeya Episode 41 || ”ඇය ” || 18th December 2019

    එමෙන්ම ඇය මැතිවරණ රාජකාරි සඳහා කිසිම විටෙක සම්බන්ධ නොවුනු බවත් අපට තහවුරු කර සිටියා.

    දැනට පවතින නීතී තත්වයන් යටතේ කිසිවෙකුටත් ඡන්ද පොල තුලට ජංගම දුරකතනයක් ගෙන යාම සහ ඉන් ඡායාරුප ගැනීම ද නීතියෙන් තහනම් ක්‍රියාවකි.

    මේ පිලිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් නදීශා දයාරත්න මහත්මිය විසින් ඇයගේ ෆේස්බුක් ගිනුමට එකතු කර ඇති අතර මෙම ඡායාරූප අදාල නාටකයේ කොටසක්ද ඇය ෆේස්බුක් වෙත එකතු කර තිබෙන අයුර අපට දැකගන්නට ලැබුනා.

    “මේ මා රංගනයෙන් දායක වූ ස්වර්ණවාහිනී යේ විකාශය වෙන “ඇය ” ටෙලිනාට්‍ය කොටසක් …මේක දාන්න හිතුවේ මගෙ මේ ටෙලිඩ්‍රාම එකේ පොටෝස් වගයක් දාල හදල තියෙන් පෝස්ට් එක නිසා..”

    Link

    Conclusion (නිගමනය)

    ඉහත තොරතුරු අනුව සලකා බැලීමේදී මෙම සිදුවීමට අදාල සිදුවීම ටෙලි නාටකයකට අයත් කොටසක් බවත් කිසිඳු විටෙක මැතිවරණ රාජකාරියේ නියුතු අවස්ථාවක ලබාගත් එකක් නොවන බවත් අපට තහවුරු කල හැකියි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.