Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාගත් තීන්දු යනුවෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්

    2020-08-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා විවිධ සටහන් සමාජ මාධ්‍ය ජාලය තුළ ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත. පසුගිය දා මුළු දිවයිනටම බලපාන පරිදි විදුලි බල සැපයුම බිඳ වැටීමත් සමගම “ජනපති නියමයෙන් විදුලිබල ඇමැතිවරයාගේ මේ මස වැටුප කපා හරි” තේමාවෙන් Quote 1.6 නැමැති ෆේස්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා විවිධ සටහන් සමාජ මාධ්‍ය ජාලය තුළ ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත. පසුගිය දා මුළු දිවයිනටම බලපාන පරිදි විදුලි බල සැපයුම බිඳ වැටීමත් සමගම “ජනපති නියමයෙන් විදුලිබල ඇමැතිවරයාගේ මේ මස වැටුප කපා හරි” තේමාවෙන් Quote 1.6 නැමැති ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබුනේ මෙලෙසින්.

    LinkArchived Link

    එසේම සත්ව ඝාතනය පිළිබඳවද “17 වැනිදා සිට සියලු සත්ව ඝාතන තහනම් කිරිමට ගෝඨාභය මැතිඳු එකඟ වෙයි.” තේමාවෙන් Amila Hasaranga නමැත්තෙකු Lanka facebook නමැති ෆේස්බුක් සමුහයක මීට පෙරද හුවමාරු වූ සටහනක් ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂණය විය.

    LinkArchived Link

    ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වෙමින් තිබූ සටහන් සඳහා හිමිවූ ප්‍රතිචාර රැසක්  උපහාසාත්මක කෝණයකින් වූ බැවින් මෙම සටහන් පිළිබඳව  කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන් දෙකෙහි අන්තර්ගතව තිබූ කාරණයන්හි සත්‍යතාව තහවුරු කරගැනීම පිණිස අප මෙම සටහන් ජනාධිපති මාධ්‍ය අංශය වෙත යොමු කළෙමු. අප වෙත ප්‍රතිචාර දැක්වූ ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියා මෙම සටහන් දෙකෙහිම අන්තර්ගත කරුණු සාවද්‍ය බව ප්‍රකාශ කළේය. විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ මාසයක වැටුප කැපීමට හෝ සත්ව ඝාතනය තහනම් කිරීමට ජනාධිපතිතුමා නියෝග කර නොමැති බව ඔවුන් තහවුරු කළේය. 

    තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස අප ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගේ මාධ්‍ය අංශය සමග සම්බන්ධ වූයෙමු. එවැනි නියෝගයක් පිළිබඳව ඇමතිතුමා දැණුවත් වී නොමැති බවත්, මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් බවත් ඔහු තහවුරු කල අතර විදුලි ඇනහිටීමට මුල් වූ හේතු පිලිබඳ විමර්ෂණ කටයුතු සිදුවෙන බවත් පවසා සිටියා. 

    සත්ව ඝාතනය පිළිබඳ වූ සටහන පරීක්ෂා කිරීමේදී Susil Videos නමැති ෆේස්බුක් ගිණුමක් විසින් 2019 දෙසැම්බර් මස 6 වැනි දින ඉදිරිපත් කර තිබූ සටහනක්, නැවත ඉදිරිපත් කිරීමක් බව නිරීක්ෂණය විය.

    LinkArchived Link

    එම අවස්ථාවේදී, ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මෙවැනි සටහන් රැසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා අලලා සැකසී තිබු අතර එවැනි සටහන් රැසක් පිළිබඳව අප විමර්ශනය සිදු කළා.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනාධිපතිතුමා විදුලිබල ඇමති තුමාගේ මසක වැටුප කපා හැරීමට හෝ සත්ව ඝාතනය තහනම් කිරීමට නියෝග කර නොමැති බවයි

    එබැවින් “ජනපති නියමයෙන් විදුලිබල ඇමැතිවරයාගේ මේ මස වැටුප කපා හරි” සහ “17 වැනිදා සිට සියලු සත්ව ඝාතන තහනම් කිරිමට ගෝඨාභය මැතිඳු එකඟ වෙයි.” තේමාවලින් ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සියළුම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.