Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    තායිලන්තයේ අවන්හලක් , ලංකාවේ ස්ථානයක් ලෙස නොමඟ යවන සුළු කෝණයකින් පළවූ සටහනක්!

    2020-08-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් දිවයිනකි. එහි ඇති සුන්දර ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබේ. “ලන්කාවෙ නෙමෙයි කියල හිතුන නේද ❤️❤️😍 srilanka” යන තේමාවෙන් Good to Know නැමැති ෆේස්බුක් පිටුවක් ඡායාරූප කිහිපයක් ස

    ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් දිවයිනකි. එහි ඇති සුන්දර ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබේ.

    “ලන්කාවෙ නෙමෙයි කියල හිතුන නේද ❤️❤️😍 srilanka” යන තේමාවෙන් Good to Know නැමැති ෆේස්බුක් පිටුවක් ඡායාරූප කිහිපයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වී තිබුණු මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර කිහිපයක්ම මෙවැනි නොමඟ යවන සුළු සාවද්‍ය සටහන් ඉදිරිපත් කිරීම හෙළාදකිමින් පළව තිබු අතර මෙම ස්ථානය තායිලන්තයේ පිහිටා ඇති බවටද සඳහන් කර තිබීම නිසා මෙම සටහන පිළිබඳව කෙටි කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    LinkArchived Link

    මෙයට ලැබී තිබු ප්‍රතිචාර කිහිපයක් පහතින්

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    Good to Know ෆේස්බුක් පිටුවේ තිබු ජායාරූප google reverse image සෙවීමකට ලක් කළ විට තායිලන්තයේ Phayao ප්‍රාන්තයේ Pong නමැති ස්ථානයක පිහිටි අවන්හලක් බවට තහවුරු විය. Magic Mountain Cafe’ නමැති ෆේස්බුක් පිටුව පරීක්ෂා කළවිට Good to Know ෆේස්බුක් පිටුවෙහි ඉදිරිපත් කර තිබු ඡායාරූප එහි දක්නට ලැබුණි

    Link

    Good to Know සහ Magic Mountain Cafe’  ෆේස්බුක් පිටුවෙහි සංසන්දනය කළවිට එය එකම ඡායාරූප බවට තහවුරු විය.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ Magic Mountain Cafe’  අවන්හල තායිලනතයේ Phayao ප්‍රාන්තයේ Pong නමැති ස්ථානයක පිහිටා ඇති බවයි

    එබැවින් ශ්‍රී ලංකාවේ අවන්හලක් යයි ව්‍යංගාර්ථයෙන් හැඟවෙන පරිදි Good to Know නැමැති ෆේස්බුක් පිටුව  ඉදිරිපත් කර ඇති සටහන නොමඟ යවන සුළු සටහනක් බව නිගමනය කරමු

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.